ජනාධිපතිවරයා සහ පොදුජන පෙරමුණේ දේශපාලන මතය කඳවුරු දෙකක වුවද ආර්ථික අර්බුදය අවසන් කර ආර්ථිකය ශක්තිමත් කිරීමේ

ගෞරවය රනිල්  වික්‍රමසිංහ ජනපතිට හිමිවන බව වාරිමාර්ග, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවැසුවාය.

රනිල් සමඟ එදා දේශපාලන මතවාදී ගැටලු තිබූ නමුත් වර්තමානයේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වමින් විශිෂ්ට නායකයකු ලෙස රට ගොඩනැඟීමට ඔහු දියත් කර තිබෙන වැඩපිළිවෙලට තම සහාය ලබාදී තිබෙන බව ද වන්නිආරච්චි ඇමතිවරිය කීවාය.

රට ධාර්මික, සශ්‍රීක දේශයක් බවට පත්කිරීමේ වගකීම අප සියළු දෙනාට පැවරී  ඇති බවත් කුමන දේශපාලන කඳවුරක සිටියත් රට වෙනුවෙන් එක මතයක සිට වැඩ  කළයුතු බව ද අමාත්‍යවරිය පැවැසුවාය.

වන්නිආරච්චි අමාත්‍යවරිය මේ බව කීවේ ඇඹිලිපිටිය මොරකැටිය ප්‍රධාන මාර්ගයේ සිට මොරකැටිය  බෙදුම් ඇළ දක්වා කිලෝමීටර් භාගයකට ආසන්න විකල්ප  මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීමේ උත්සව අවස්ථාව ට සහභාගී වෙමිනි.

(lankadeepa.lk -අංජුල මහික වීරරත්න)

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්