ශ්‍රී ලංකාව තුළ එකම අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කිරිමට කළ යුත්තේ සුහුරු පන්ති කාමර ඇති කිරීම පමණ බව ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ සහ එහි සභාපතිවරයා පෙන්වා දෙයි.

එලෙස සුහුරු පන්ති කාමර ඇතිකර අධ්‍යාපන ක්‍රමවේදය නිසි අයුරින් සකස් කළ පාසල්වලින් මෙවර උසස් පෙළ විභාගයේ කලා වාණිජ තාක්ෂණවේදය විද්‍යාව වැනි අංශවලින් විශිෂ්ටයන් බිහිකිරීමට හැකි වූ බවද ඔහු සඳහන් කළේය.

ඩීපී එඩියුකේෂන් හරහා මෙරට සමාන්‍ය පෙළ සමත් වන දරුවන්ගේ ප්‍රතිඵල ඉහළ නැංවීමට හැකි වු බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසයි.

"ලංකාවේ පාසල් සියල්ලටම එකම අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කරන්න කාට හරි වුවමනාවක් තියෙනවා නම් එක් දවසකින් ඒ දේ කරන්න පුළුවන්. පන්ති කාමර තුළ සුහුරු පන්ති කාමර ඇති කිරීම පමණයි කළ යුතුව තියෙන්නේ. ඩීපී එඩියුකේෂන් පටන් ගැන්මේදී සාමන්‍ය පෙළට ‘ඒ’ සාමාර්ථ නවයම ලබාගන්න පුළුවන් ළමයි 9000යි හිටියේ. ඒත් ගිය අවුරුද්ද වෙද්දි ඒ ප්‍රමාණය 13,500ක් වෙලා. අපි 50%කින් ප්‍රතිඵල ඉහළ නංවා තිබෙනවා.”

ධම්මික පෙරේරා මන්ත්‍රීවරයා මහනුවර දිස්ත්‍රික්ක‍යේ ‘ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස්’ හි අධ්‍යාපනය ලබමින් ඒ ඒ අධ්‍යයන අදියර සම්පූර්ණ කළ සිසු සිසුවියන් අගයමින් සහතිකපත් ප්‍රදානය වෙනුවෙන් ජුනි 16වැනිදා මහනුවර ගැටඹේ  ක්‍රීඩාංගණ‍යේදී පැවැති ජයග්‍රාහී 28 වැනි සහතික ප්‍රධානෝත්සවයේදී මේ බව කියා සිටියේය.
 
ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස් වැඩසටහන කියන්නේ අපේ රටේ අනාගත භාරකරුවන් උඩුගම් බලා ගෙනයන වැඩසටහනක් බව කී එම වැඩසටහනේ නිර්මාතෘවරයා එහි ව්‍යාපෘති 325 සම්පූර්ණ කරන පිරිසට ලෝකයේ තිබෙන ඕනෑම දියුණු තාක්ෂණයක් එක්ක කරට කර තරග කළ හැකි බව සඳහන් කළේය. “ළමයෙක් උඩට ගේන්න පුළුවන් වගේම ලංකාව හදන්න පුළුවන් එකම ක්‍රමවේදය අධ්‍යාපනය පමණමයි කියලා මම විශ්වාස කරනවා. තවත් විදිහකින් කියනවා නම් පොහොසත් වෙන්න පුළුවන් එකම ක්‍රමවේදයත් අධ්‍යාපනය විතරමයි.” ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ සහ එහි සභාපති ධම්මික පෙරේරා වැඩිදුරටත් පැවසීය.
 
(චතුරංග මේදිස්)

getamba 1
getambe 2 
 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්