රාජ්‍ය අනුග්‍රහය ලබා නොගෙන පවත්වන මෙවර පොසොන් පින්කම සඳහා ජනතාවගේ දායකත්වය ලබා ගැනීමට මිහින්තලේ නායක හිමියන් සහ

ලෝක රූ රැජිනක්ව සිට පැවිදි දිවියට පත් එලිසබත් සුජාතා භික්‍ෂුණිය ඇතුළු මහා සංඝරත්නය පිඬුසිඟා වැඩම කළහ.

මෙවර පොසොන් උත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය නොලැබෙන බව පවසමින් ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීම සඳහා මෙලෙස පිඩු සිඟා වැඩියහ.

මෙම පිණ්ඩපාත චාරිකාව සඳහා එක් වූ ආචාර්ය එලිසබෙත් භික්ෂුණිය, පැවිදි දිවියට එළැඹීමට පෙර වියට්නාමයේ රෑ රැජිණ ලෙස සිව් වතාවක් කිරුළු දරා, 2006 වසරේදී ලෝක රූ රැජින ලෙස සිට පැවිදි දිවියට පත්ව අනතුරුව ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන සියලු සම්පත් අතහැර පැවිදි දිවියට එක් වූවාය.

 

image e4399c29ae
මෙහිදී එලිසෙබත් සුජාතා භික්‍ෂුණින් වහන්සේ කියා සිටියේ මෙවර පොසොන් උත්සවය සඳහා තමන් ඇතුළු දූත පිරිස මිහින්තලයට වැඩම කළ බවය. තමන් ශ්‍රී ලංකාවට මෙන්ම මෙරට පුරවැසියන්ට වඩා කැමැති බවත්, මෙවර පොසොන් උත්සවය සාර්ථක කර ගැනීම සඳහා නාහිමියන්ට උදව් උපකාර කරන බව කීහ.

මෙම පිණ්ඩපාත චාරිකාව සඳහා එක් වෙමින් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති නායක හිමියන් මාධ්‍යයට කියා සිටියේ මිහිඳු මහා හිමියන් සමරන පොසොන් පින්කම වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහයක් නොලැබෙන හෙයින් පාත්‍රය සහ සිවුර දරා ගෙන ජනතාව අතරට පිඬු සිඟා වැඩම කොට ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයා ගන්නා බවය. පොසොන් සති පිරිත, ආලෝක පූජාව, මිහිඳු පෙරහැර සමගින් මෙවර උත්සවය අති උත්කර්ෂවත් ලෙස පවත්වනු ලබන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.




(lankadeepa.lk -බී.ජී. චතුරංග)

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්