The Leader News
BREAKING
Top Ad
පුවත්

හානියට පත් යටිතල පහසුකම් වෙනුවෙන් රු. බිලියන 250ක් වෙන් කිරීම තවත් නත්තල් පප්පා කතාවක් ද...? - මරික්කාර් ප්‍රශ්න කරයි

T

The Leader Desk

December 19, 2025 • 4:10 AM

හානියට පත් යටිතල පහසුකම් වෙනුවෙන් රු. බිලියන 250ක් වෙන් කිරීම තවත් නත්තල් පප්පා කතාවක් ද...? - මරික්කාර් ප්‍රශ්න කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (18) පාර්ලිමේන්තුවේ දී පශ්චාත් ආපදා තත්ත්වය පිළිබඳ කළ කතාවේ දී ය.
  • ''මේ පරිපූරක ඇස්තමේන්තුවේ දී වෙන්කරලා තියෙනවා රුපියල් බිලියන 250ක්, මාර්ග පාලම්, දුම්රිය මාර්ග වාරිමාර්ග පහසුකම් , රෝහල් පාසල් ආදිය ඇතුළු හානියට පත් යටිතල පහසුකම් කියලා.
  • පහුගිය එකොළොස් වැනිදා යටිතල පහසුකම් සහ උපාය මාර්ග සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී අපි සොයා ගත්තා RDA එකට විතරක් ඕන බිලියන 180ක්.
  • මේකෙ පාලම් දුම්රිය මාර්ග ඔක්කොටමත් එක්ක දාලා තියෙන්නේ 250 යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (18) පාර්ලිමේන්තුවේ දී පශ්චාත් ආපදා තත්ත්වය පිළිබඳ කළ කතාවේ දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ එස්. එම්. මරික්කාර්...

විදුලි බිල වැඩි කිරීමේ සූදානමක්...?

''මේ පරිපූරක ඇස්තමේන්තුවේ දී වෙන්කරලා තියෙනවා රුපියල් බිලියන 250ක්, මාර්ග පාලම්,  දුම්රිය මාර්ග වාරිමාර්ග පහසුකම් , රෝහල් පාසල් ආදිය ඇතුළු හානියට පත් යටිතල පහසුකම් කියලා.  පහුගිය එකොළොස් වැනිදා යටිතල පහසුකම් සහ  උපාය මාර්ග  සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී අපි සොයා ගත්තා RDA එකට විතරක් ඕන බිලියන 180ක්. මේකෙ පාලම් දුම්රිය මාර්ග ඔක්කොටමත් එක්ක දාලා තියෙන්නේ 250 යි. RDA පාරවල්වලට විතරයි බිලියන 180. තවම පළාත් බද මාර්ග ,  පළාත් පාලන ආයතන යටතේ තියෙන මාර්ග, පිළිබඳව තක්සේරුවක් කරලාවත් ඉවර කරලා නැහැ.  පාරවල්වලට වෙලා තියෙන හානිය කිලෝමීටර් 12,000 ක්. ඒකෙන් 9,000ක් අයිති වෙන්නේ පළාත් බද මාර්ග සහ පළාත් පාලන ආයතනවලට. ඉතින් ඒක නිසා මේක ප්‍රමාණවත්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. මේකත් අර නත්තල් පප්පා කතාවක් ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. 

 
අනිත් පැත්තෙන් විදුලි බල මණ්ඩලයට විතරක් රුපියල් බිලියන 20ක් පාඩුයි. මේකෙන් විදුලි බල මණ්ඩලයට සල්ලි දෙනව ද කියලා මම දන්නේ නෑ. හැබැයි අපි දන්න තරමට විදුලි බල මණ්ඩලය ඇමෙරිකන් ඩොලර් මිලියන 100ක් ණය ගන්න හදනවා. ඒ වගේම ඒ ණය ගත්තහම විදුලි බිල වැඩි කරනවා කියලා ඔවුන් පැහැදිලිවම කියනවා. එතකොට මේක ද වෙන්න ඕන. ජල සම්පාදන මණ්ඩලයට බිලියන හයක් පාඩුයි. එතකොට කෝ ඒකට විස්තරාත්මකව තියෙනව ද?

Sure and shot ඇන ගන්නවා

මේ වෙලා තියෙන හානිය අපිට ආරංචි විදිහට නිල නොවන වශයෙන් යටිතල පහසුකම්වල පාඩුව බිලියන 900 ක්. එතකොට බිලියන 900 ක් අපි වගේ දුප්පත් රටකට තනියම දාන්න පුළුවන් ද? මොකද ගෝඨාභය රාජපක්ෂ VAT බද්ද  අඩු කරලා බදු සහන දීලා, බිලියන 880ක් බදු සහන දුන්නහම, රටේ ආර්ථිකය කඩන් වැටුණා. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමතියි මේ ආණ්ඩුව තවම අපේ රටට වෙලා තියෙන හානිය පිළිබඳව වීඩියෝ පටයක් හදලා නෑ හරියට ජාත්‍යන්තරයට ප්‍රසන්ට් කරන්න. ඒක ජාත්‍යන්තරයට present  කරලා ඔවුන්ගේ අනුකම්පාව අරගෙන ලැබෙන ආධාර මත තමයි මේක යන්න වෙන්නේ. මොකද ඔවුන් ඇවිල්ලා තක්සේරුවක් කෙරුවොත් අපි නොකර ඉන්නකොට, සුනාමියේ දී වෙච්ච වැඩේ තමයි වෙන්නේ. එතකොට එතනින් එහාට රුපියලක්වත් හම්බවෙන්නේ නෑ. 
 
අපිට පේන දෙයක් තමයි මොන මීටිම කෙරුවත් ඒ ගොල්ලෝ පැලවත්තෙන් තීරණය අරගෙන තමයි මීටිමට එන්නේ. මීටිම කරන්නේ බොරුවට. ඔළුව වන වනා ඉඳලා ඒගොල්ලෝ හිතාගෙන ආපු ටික තමයි කරන්නේ. ඔහොම කෙරුවොත් නං ඇන ගන්න එක ඇන ගන්නවාමයි.  Sure and shot.  ඔන්න ඕක ලියල තියාගන්න. ඒ නිසා ඔබ කළ යුත්තේ ලංකාවේ තත්ත්වය පිළිබඳව වහාම presentation  එකක් හදලා ජාත්‍යන්තරයට present  කරලා  ආධාරක සමුළුවක් පවත්වලා  උපරිම ආධාර ලබා ගැනීම වගේම තව දුරටත් ණය කල් දාගන්න පුළුවන් ද කියන එක බලන්න කියන එක පැහැදිලිව කියන්න කැමතියි.

මෙහෙම කරොත් නම් සම්බුව හම්බවෙයි

මේවා කතා පෙට්ටි, ඇවිදින පුස්තකාල. කදිරගාමර් ලා හැට හුටහමාරක් ඉන්නවා. නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා ආවද දන්නේ නැහැ කොළොන්නාවට. ගංවතුර බැහැලා ගිහිල්ලත් සුමාන දෙකයි; තාම කුණු අස් කරගන්න බැහැ. මිනිස්සුන්ට නැවත පදිංචියට ගෙවල්වලට යන්න බෑ. මදුරුවෝ පිරිලා කුණු ගොඩවල්පිරිලා. විශේෂයෙන් ම බ්‍රැන්ඩියාවත්ත වෙන්නවත්ත මෙගොඩ කොලොන්නාව, වෙලේවත්ත කිත්තම්පහුව යනාදි ප්‍රදේශවල ප්‍රාදේශීය සභාවට ට්‍රැක්ටර් එක පේනවද නැද්ද කියල දන්නේ නැහැ. පිට පළාත් වලින් ට්‍රැක්ටර් ගේනවලු, බැකෝ ගේනවලු, ඒ එකක්වත් පේන්න නැහැ. 
 
ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගෙදරට යන මනුස්සයාට සුද්ද කරගන්න තමයි රුපියල් 25000 දෙනවා කිව්වේ. කොලොන්නාව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ දළ වශයෙන් තිස්දාහක් Effect වෙලා තියෙනවා. ඊයේ හවස් වෙනකොට රුපියල් 25000 ගෙවලා තිබුණෙ තාම 9000 ක් වගේ පිරිසකට. වියළි ආහාර සලාක දෙනවා කිව්වා මං දන්නෑ කොහෙන්ද කියලා. රුපියල් 25000 පවුල් තිස්දාහකට ගෙවා ගන්නට බැරි ආණ්ඩුව 50,000 දෙනවා කිව්වා, ලක්ෂ පනහක් දෙනවා කිව්වා, ටකරමක් ගියත් අච්චරක් දෙනවා. හැබැයි මේ ඔක්කොම බොරු. මොකද හේතුව මට ආරංචි විදිහට, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අර්ධ හානි වෙච්ච ගෙවල් තුන්දාහයිලු තියෙන්නේ. ඒ හැම ගෙදරකට ම අඩි හතරෙ ඉඳලා 12 දක්වා වතුර ආවා. එතකොට තුන් දාහකට ද මේ පාඩුව දෙන්නේ. එතකොට ඉතුරු ගෙවල් විසි හත්දාහට දෙන්නේ නැද්ද? එහෙම කරන්න ගියොත් නං ඉන්නකෝ සම්බුව හම්බවෙයි.

මිනිස්සුන් ගේ ව්‍යසනයත් එක්ක විහිළු කරන්න එන්න එපා

2016 ගංවතුර ආවා, රවී කරුණානායක  මුදල් ඇමති විදිහට insurance එකක් දාලා තිබුණා. මිලියන 330 වාරිකය. අපි ඒ පවුල් විසි හත්දාහට ම පළවෙනි වටයේ ගෙවල්වලට යන්න රුපියල් දහදාහක් දුන්නා. දෙවැනි පාර ගෙදරට බඩුමුට්ටු ගන්න රුපියල් පහළොස් දාහක් දුන්නා ඒ කාලෙට සරිලන විදිහට පවුල් විසිතුන් දාහකට. ඊට පස්සේ පවුල් 19505 ට ලක්ෂ 19000ක් වන්දි දුන්නා. වතුර ආපු හැම දෙයක්ම හානි උණා සේ සැලකුවා. ඒ වතුර ආපු ගෙවල්වලට ගිහින් බලන්න ගෙවල්වල බිත්තිවල පාට මොන වගේද කියල. ඒ ගෙවල්වල ඇඳක් පුටුවක් තියෙනව ද, ළමයින්ගේ ඉස්කෝල පොත් ටික තියෙනව ද, ඒ නිසා මේ මිනිස්සුන් ගේ ව්‍යසනයත් එක්ක විහිළු කරන්න එන්න එපා කියන්න . ඡන්ද ගන්ඩ බොරු කිව්වට කමක් නෑ. මිනිස්සුන්ගේ පීඩාවත් එක්ක බොරු කියන්න ලෑස්ති වෙන්න එපා.

බදු මුදල්වලින් ඔක්කොම ගෙවන්න බැහැ

ඒ වගේම මේ නිලධාරීන් අන්දනවා. ව්‍යසන කළමනාකරණ කමිටුවේ සාමාජිකයෙක් විදිහට අගෝස්තු මාසයේ තිබ්බ මීටිමේදී අපි මේ insurance එක යෝජනා කළා නැවත ගේන්න කියලා. මොකද සමහර නිලධාරීන් බදු මුදල්වලින්ම තමයි ගෙවන්න ට්‍රයි කරන්නේ. රජයකට බදු මුදල්වලින් ඔක්කොම ගෙවන්න බැහැ. දැන් කියනවා ඒ insurance එක ගේන්න බැරි ගෙවපු ප්‍රිමියම් එකට රිටන් එක හම්බ උනේ නැති නිසාලු. 
 
අවුරුද්දකට මිලියන 330 යි. 2016 දී කොලොන්නාවට විතරක් අපි අරන් තියෙනවා ලක්ෂ 23,000 ක්. එතකොට අපි වාහනයක් රුපියල් 80,000කට විතර insurance කරනවා නම්, accident උනොත් විතරයි රිටන් එක හම්බවෙන්නේ. ඇක්සිඩන්ට් උණේ නැත්නම් රිටන් එක එන්නේ නෑ. දැන් ජනාධිපතිතුමාට දෙනවා තොරතුරු, අවුරුදු පහේම premium එක  එකතු කරලා , අර එක අවුරුද්දක ලැබිච්ච return  එක විතරක්  දාලා. ඔන්න ඇවිදින පුස්තකාල.

කියුම් කෙරුම් ටික බලා ගන්න පළාත් සභා ඡන්දය තියන්න

අපි දැක්කා ගංවතුර එද්දි වගකීම් විරහිතව හැසිරුණේ කොහොමද කියලා. ආණ්ඩුවෙන් දාලා තිබුණේ බෝට්ටු තුනයි. මම දෙකක් දැම්මා. සජිත් ප්‍රේමදාස මැතිතුමා දෙකක් දැම්මා. වැඩිම ප්‍රමාණයක් දැම්මේ ව්‍යාපාරිකයෝ. ආණ්ඩුවක් එහෙමද හැසිරෙන්නේ...? දැන් ඒක ඉවරයි කියමුකෝ. පශ්චාත් ආපදා තත්ත්වය තුළ මිනිස්සුන්ට ගෙදරට යන්න සල්ලි පරක්කු වෙනවනම් කුණු ටික අස් කරලා දෙන්නවත් ආණ්ඩුවට හැකියාවක් නැහැ. ප්‍රාදේශීය සභා ඔක්කොම තමන්ට ගන්ඩ දත කාගෙන ගියා නේ. ඒවායේ තියෙන බැකෝ ටික ගෙනහල්ලා මොකෝ දාන්න බැරි මෙහාට. ඇයි සිවිල් ආරක්ෂක බලකාය ගෙනහල්ල දාන්න බැරි. ගමේ ග්‍රාම සේවක දන්නවා ගෙවල් කීයක් තියෙනව ද, ගෙවල්වල පදිංචි කව්ද කියල. මේ 25000 දෙන්න ඔච්චර හොය හොය ඉන්න ඕන ද?
 
 ඒ ගේම් එක ගහන්න ගියා, වැරදුණා. JVP ප්‍රජා සංවර්ධන සමිතියේ සභාපතිගෙයි, ආපදා සමිතියේ සභාපතිගෙයි අත්සන ගන්න ගියා.  වැඩේ වැරදුණා. ඒ නිසා දැන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ෆෝම් බෙද බෙදා, ඇද ඇද ඉන්නවා.

මේ සිකුරාදා වෙද්දිවත් කරුණාකරලා මේ 25000 ගෙවලා ඉවර කරන්න. ඒ මිනිස්සු අසරණ වෙලා ආදායම් මාර්ග නැතිවෙලා ඉන්නේ. අපේ පළාත්වල ඉන්නවා ඉතා සුළු ව්‍යාපාරිකයෝ. පෙට්ටි කඩවල ත්‍රිවිල්වල, පේමන්ට් බිස්නස් කරන අය. ඒ අයගේ ව්‍යාපාරවලට වන්දි ලබා දෙනව ද...?  දැන් මේ ගෙවෙන හැම දවසක්ම ඒක පරක්කු කරන්න කරන්න  ඔවුන්ට ඔවුන්ගේ ජීවිකාව ආරම්භ කරන්න බැරිවෙලා තියෙනවා.  
 
ඒ වගේම කැලණි ගඟ දිගේ තියෙන ෆැක්ටරිවලට  සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වෙන්න බැරිවෙලා තිබෙනවා. ඔවුන්ට ණය සහන ලබා දෙනවා නම් කලින් ලබා දෙන්න. මොකද ඒ පළාතේ මිනිස්සු විශාල ප්‍රමාණයක් ඒවායේ රැකියා කරනවා. ඒ ෆැක්ටරි activate උණේ නැත්නම් ඒ මිනිස්සුන්ටත් රැකියා අහිමිවෙනවා. කටින් බතල කොළ හිටව හිටව ඉන්නේ නැතුව, මේ මඩ බලකාය දාලා එක එක්කෙනාට මඩ ගගහා හිටියට, අපි කියනවා මේ ඔක්කොම ආපදා තත්වය පහව ගියායින් පස්සේ ඕගොල්ලන්ගේ කියුම් කෙරුම් ටික බලා ගන්න පළාත් සභා ඡන්දය තියන්න. 
 
ඔක්කොම හරි නම් ඔක්කොම හරියට කරලා තියෙනවා නම්, ඇවිදින පුස්තකාල ටික සිස්ටම් එක හරියට චේන්ජ් කරලා නම්, මිනිස්සුන්ට ප්‍රතිලාභ ටික හරියට ලැබිලා තියෙනවා නම්, ආපදාවට මුහුණ දෙනකොට හිටියට වඩා හොඳ ජීවිතයක් ඔබ ලබා දීලා තිබෙනවානම්, අන්න ඒක කරන්න කියන එක තමයි අපි කියන්නේ.

එතන ඉන්නේ ඔබට ඡන්දය ලබා දුන්න ජනතාව

තව එකක් තේරුම් ගන්න ඕන මේ යටිතල පහසුකම් සංවර්ධනය කරද්දී, මං දන්නා තරමට ඒ කණ්ඩායම් ජනාධිපතිතුමාට ලියලා තියෙනවා ඒ යටිතල පහසුකම් සංවර්ධනය කරද්දී ලංකාවේ තිබෙන මේ machinery  ප්‍රමාණවත් ද මේ ඔක්කොම එකපාර කරන්න...? එහෙනම්   priority දෙන්නේ මොනවට ද...? එ එක්කම ඒවට රජයෙන් සල්ලි දුන්නත්, රජය සල්ලි දුන්නේ වැඩය කරලා ඉවර වුණාට පස්සේ,  එතකොට ඔවුන්ට අවශ්‍ය ප්‍රාග්ධනය තියෙනව ද, නැත්නම් ඔවුන්ට අඩු පොලියට ණය ලබාදීමට අවශ්‍ය චක්‍රලේඛන නිකුත් කරනවා ද කියන කාරණය ඉතාම වැදගත් වෙනවා. 
 
ඒ නිසා අවසාන වශයෙන්, නියෝජ්‍ය කතානායකතුමනි මම ඔබතුමා ගෙන් ඉල්ලීමක් කරනවා, ඔබතුමාට කොලොන්නාව ආසනයෙන් ඡන්ද දොළොස්දාහක් ලැබුණා.  මටත් වැඩියෙන් හම්බ වුණා. අපි පාරවල් හැදුවා, බන්ට් හැදුවා, ගේට්ටු හැදුවා, පොම්පාගාර හැදුවා.  ගලක්වත් අල්ලන් නැතුව ඔබතුමා ඇවිල්ලා දොළොස් දාහක් ගත්තා. ඒ නිසා කරුණාකරලා මේ 25000 මේ සිකුරාද වෙද්දිවත් ලබා දෙන්නට කටයුතු කරන්න, ඒකට මැදිහත් වෙන්න, ඒකට දායකත්වය ලබාදෙන්න.  මොකද ඔබට ඡන්දය ලබා දුන්න ජනතාව එතන ඉන්නේ. ඔබට රැස්වීම් කරපු ජනතාව එතන ඉන්නේ. අපට දවල්ට රැස්වීම තියලා රෑට ඔබට බුරියානි දුන්න කට්ටිය ඉන්නවා. ඒ මිනිස්සුන්ට මේක ලබාදීමට අවශ්‍ය කටයුතු කරන්න කියන එක ඉල්ලා සිටිමින් මගේ කතාව අවසාන කරනවා.  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...