The Leader News
BREAKING
සාෆ් පාපන්දු කුසලානය: පාකිස්තානය ප්‍රමාද වී එල්ල කළ අභියෝගයෙන් නොසැලුනු ඉන්දියාවට 3-2ක ජයක්!●ලැක්ටෝස්වත්ත නඩුව: සාජිත් මවුලවී වරද පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි●මිලියන 25ක දඩයෙන් ඉතිරි මිලියන 9 ගෙවන්න ප්‍රසන්න තවත් කල් ඉල්ලයි●රිජ්වේ ළමා රෝහලේ දරු මරණය: වෛද්‍යවරුන් දෙදෙනෙකුට අධිකරණයෙන් සිතාසි●මීගමුව බන්ධනාගාර ගැටුමට අලුතින් සැකකරුවන් රැසක්●එක්නැළිගොඩ නඩුවේ පැමිණිල්ල අවසන්: විත්තියෙන් විශේෂ ඉල්ලීමක්●අපරාධ පනතේ දැඩි වගන්ති ලිහිල් කිරීමට ජනපති සූදානම්●රඛිත රාජපක්ෂගේ ගිණුම් 4ක් සහ වාහන 3ක් අත්හිටුවයි●වියළි දෑසට වෛද්‍යවරුන් නිර්දේශ කළ සරල විසඳුම●පීසා මත අන්නාසි තැබීම ප්‍රතික්ෂේප කළ ඉතාලි සූපවේදියාගේ රැකියාව අහිමිවෙයි●
Top Ad
පුවත්

පොලිස්පති ධුරය : දැන් පොලිසියට අණ දෙන්නේ කවු ද?

T

The Leader Desk

July 25, 2024 • 10:01 AM

පොලිස්පති ධුරය : දැන් පොලිසියට අණ දෙන්නේ කවු ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (ජුලි 24) පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමත් සමග මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවට නායකත්වය දෙන නිලධාරියා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් මතුව තිබේ.
  • ඊට හේතුව වන්නේ පොලිස්පති ධුරය පමණක් නොව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ද පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයකට අදාළව අනිවාර්ය නිවාඩු යවා තිබීම ය.
  • පොලිස්පති ධුරය දක්වා පැමිණි ගමන් මග දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත් වීම හිටපු පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න ධුරයෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් පත් කෙරුණි.
  • ඒ, 2023 වසරේ නොවැම්බර් 29 වැනිදා සිට මාස තුනක කාලයක් සඳහාය.
අකුරු ප්‍රමාණය (Font Size):


(ජුලි 24) පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමත් සමග මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවට නායකත්වය දෙන නිලධාරියා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් මතුව තිබේ.

ඊට හේතුව වන්නේ පොලිස්පති ධුරය පමණක් නොව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ද පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයකට අදාළව අනිවාර්ය නිවාඩු යවා තිබීම ය.

පොලිස්පති ධුරය දක්වා පැමිණි ගමන් මග

 

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත් වීම
හිටපු පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න ධුරයෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් පත් කෙරුණි.

ඒ, 2023 වසරේ නොවැම්බර් 29 වැනිදා සිට මාස තුනක කාලයක් සඳහාය.

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් විසින් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා "යුක්තිය" නමින් මෙහෙයුමක් ඉකුත් දෙසැම්බර් 17 වැනිදා සිට ආරම්භ කළේය.

2010 වසරේ මිල්ලව ප්‍රදේශයේ පදිංචි රංජිත් සුමංගල නමැති හිටපු හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස වධ හිංසනයට භාජනය කිරීම තුළින් වත්මන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමේ චෝදනාවට වරදකරුවන් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් දෙසැම්බර් මාසයේදී තීන්දු කළේය.

කෙසේවුවත් මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවේ ඉකුත් පෙබරවාරි මස 26 වැනිදාය.

පොලිස්පති ධුරයට පත් කිරීමෙන් අනතුරුව ද දේශබන්දු තෙන්නකෝන් පැවසුවේ රටේ අපරාධ මැඩලීම සඳහා තමා ක්‍රියා කරන බවය.

 

පුවත් - Results from #1035"යුක්තිය" මෙහෙයුම
ඒ අනුව "යුක්තිය" මෙහෙයුම හරහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම් මෙහෙයුම් ක්‍රියාත්මක වුවද රට පුරා විවිධ ස්ථානවල වෙඩි තැබීමේ සිදුවීම් රැසක් ද වාර්තා විය.

ඒ අතරින් ජුලි මස 8 වෙනිදා අතුරුගිරියේදී සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීම බොහෝ ආන්දෝලනයට තුඩු දෙන සිදුවීමක් බවට පත්විය.

ව්‍යවස්ථාදායක සභාවට චෝදනා

පොලිස්පති ධුරය සඳහා පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාව කටයුතු කළ ආකාරය නීති විරෝධී බවට චෝදනා එල්ල විය.

 

ව්‍යවස්ථා ගැටළුවක් ගැන චරිතගෙන් ජනපතිට ලිපියක්ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදයක සභා සාමාජිකයින්
පොලිස්පතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදයක සභාවේ සාමාජිකයින් අතර පැවති ඡන්ද විමසීමේදී දේශබන්දු තෙන්නකෝන්ට පක්ෂව ඡන්ද හතරක් සහ විරුද්ධව ඡන්ද දෙකක් ප්‍රකාශ වූ බවත් තවත් සාමාජිකයින් දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බවත් ප්‍රකාශ කෙරුණි.

එසේ ඡන්දය ප්‍රකාශය කිරීමෙන් වැළකී සිටි සාමාජිකයින් දෙදෙනා අදාළ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශය කළ බව නිගමනය කරමින් කථානායකවරයා සිය තීරක ඡන්දය භාවිතා කර තිබුණි.

එලෙස ඡන්දය භාවිත කිරීම නිත්‍යානුකුල නොවන බව සඳහන් කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත චෝදනා එල්ල විය.

පෙත්සම් සහ වාරණ නියෝගය

 

452558842 8221799784531492 3286797546346410164 nතරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ඇතුළු පාර්ශවකරුවන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 9 ක් ඉදිරිපත් කර තිබුණි.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ඇතුළු පාර්ශවකරුවන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 9 ක් ඉදිරිපත් කර තිබුණි.

එහිදී පෙත්සම්කරුවන් කියා තිබුණේ පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද දේශබන්දු තෙන්නකෝන්ගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් නීත්‍යානුකූලව අනුමත කර නොමැති බව ය.

දින 6ක් පුරා පැවති පෙත්සම් විභාගයකින් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය (ජුලි 24 වැනිදා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

‘විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට හේතුව’

 

කවි චින්තාමනි අබේසිංහ සහ රනිල් - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් රැස්වීමක්
මේ අතර (ජුලි 24 වැනිදා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්විණි.

බීබීසී සිංහල කළ විමසීමකදී රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු පැවසුවේ පසුගිය සඳුදා පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ජා කිරීමට නොහැකි වූ කැබිනට් පත්‍රිකා කිහිපයක් ගැන සලකා බැලීමට මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවති බවය.

"ගිය සඳුදා කැබිනට් එකේදී සාකච්ජා කරන්න කාලය මදිවූ කැබිනට් පත්‍රිකා කිහිපයක් ගැන සාකච්ජා කරන්නයි මේ අමාත්‍ය මණ්ඩල රැස්වීම තිබුනේ."

"පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ නීතිමය කරුණු සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කරලා ඉදිරියේ දී ඇමති මණ්ඩලයේ ප්‍රතිචාරය ප්‍රකාශ ⁣කරන්න තීරණය කළා." රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා කියා සිටියේය.

පොලිසියට දැන් අණ දෙන්නේ කවුද ?

 

පොලිසියේ නව පුටුපෙරළිය අනීතිකද?පොලිසියට දැන් අණ දෙන්නේ කවුද ?
රටේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය මෙහෙයවන පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළම තනතුරු දෙක මේ වන වට හිස්ව පැවතින බැවින් එම දෙපාර්තමේන්තුවට අණ දෙන්නේ කවුරුන් ද යන්න මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක ගෙන් බීබීසී සිංහල විමසීමක් කළේය.

ඊට පිළිතුරු දෙමින් ලේකම්වරයා පැවසුවේ අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන බවය.

"පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යනවා. තවම තනතුරු පිරවීමට නිලධාරින් දෙදෙනෙක් නම් කරලා නැහැ."

"පුළුවන් තරම් ඉක්මන්ට ඒ තනතුරු පුරවන්න කටයුතු කරනවා." ලේකම්වරයා පැවසීය.

ජ්‍යෙෂ්ඨත්වය අතින් ඉදිරියෙන් ඉන්න පොලිස් නිලධාරීන් කවුද?

 

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයටජ්‍යෙෂ්ඨත්වය අතින් ඉදිරියෙන් ඉන්න පොලිස් නිලධාරීන් කවුද?
වත්මන් පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුර 15ක් පවතින අතර මේ වන විට ඉන් එක් තනතුරක් පුරප්පාඩු වී තිබේ.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝගය නිකුත් කරමින් ජනාධිපතිවරයාට නියම කර සිටියේ අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ පොලිස්පති තනතුර සඳහා නීතියට අනුකූලව සුදුසු අයෙකු නම් කිරීමට පියවර ගන්නා ලෙසය.

ඒ අනුව මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වය අනුව සිටින නියෝජ්‍ය පොලිස්පතිවරුන් කවුරුන්දැයි බීබීසී සිංහල විසින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුවගෙන් විමසීමක් කළේය.

"දැනට දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වය අනුව බැලුවම පිළිවෙලින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසුරිය සහ සංජීව ධර්මරත්න යන නිලධාරීන් සිටිනවා." ඔහු පැවසුවේය.

පොලිස් කොමිසම තීරණ ගන්න ප්‍රමාද ද?

 

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධූරයක පුරප්පාඩුවක්පොලිස් කොමිසම තීරණ ගන්න ප්‍රමාද ද?
මේ අතර පොලිස්පතිවරයා මෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වී තිබුණද ජාතික පොලිස් කොමිසම ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද කළ බවට එල්ලවන චෝදනා පිළිබඳ එම කොමිසමෙන් බීබීසී සිංහල විමසීමක් කළේය.

ඊට පිළිතුරු දෙමින් එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් හැර දෙපාර්තමේන්තුවේ සෙසු නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ජාතික පොලිස් කොමිසමට බලය පැවරී ඇති බවය.

"පොලිස්පතිවරයා පත් කිරීම හෝ ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න බලය තියෙන්නේ ජනාධිපතිතුමාට."

"ඒ වගේම ජාතික පොලිස් කොමිසම හැටියට පොලිස්පතිවරයා අප‍ට එවන උසස් කිරීම්, ස්ථාන මාරු කිරීම් වගේම විනය පරීක්ෂණ වගේම මහජනතාව පොලිසිය සම්බන්ධයෙන් කරන පැමිණිලි සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම සිදුකරනවා."

"ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම විසින් 2023 අවුරුද්දේදී ත්‍රිපුද්ගල කමිටුවක් හරහා කරුණු විභාග කළා."

"ඔහු කොමිසමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර සිටියා තමන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන නතර කරන්න කියලා ඉල්ලලා. නමුත් එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය එම මුලික අයිතිවාසිකම් පෙත්සම ඉවත දමන්න කටයුතු කර සිටියා."

"ජාතික පොලිස් කොමිසම පස්සේ නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් විමර්ශනය නොකර හිටියේ නැහැ. විවිධ කරුණු තියෙනවා සලකා බලන්න. නමුත් අවසානයේදී ඔහු අනිවාර්ය නිවාඩු යවන්න කටයුතු කළා."

"ජාතික පොලිස් කොමිසම විසින් මේ විමර්ශනය සිදුකරන ආකාරය ගැන නීතිපති දෙපාර්තමේන්තුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වද්දී යම් අතපසුවීමක් වෙලා කියලා පෙනුණා. ඒ සම්බන්ධයෙන් කොමිසම විසින් නීතිපතිතුමාට දැනුම් දීමක් කරන්න කටයුතු කළා." එම නිලධාරියා පැවසුවේය.

පොලිස්පති පුටුව හිස්වීම ජනාධිපතිවරණය පැවැත්වීමට බාධාවක් ද?

 



මේ අතර පොලිස්පතිවරයෙකු තනතුරේ නොමැතිවීම ජනාධිපතිවරණය පැවැත්වීමට බාධාවක් නොවන බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මාධ්‍ය හමුවකදී පැවසුවේය.

මාධ්‍යවේදියෙකු විසින් නගන ලද පැනයකට පිළිතුරු දෙමින් මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයා මෙලෙස පිළිතුරු දුන්නේය,

"අධිකරණය මේ ගැන විභාග කරලා දෙනකම් වත්මන් පොලිස්පතිවරයාට ඔහු කලින් දරමින් සිටි තනතුර දරන්නත් පුළුවන්."

"ඒ එක්කම අපි හිතෙනවා පොලිස්පති ධුරයට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කරලා වහාම හෙට සිට එතෙක් නඩුව විභාග කරන තෙක්, සමහර විට පොලිස්පතිවරයෙක් නැතිව වැඩබලන පොලිස්පතිවරයෙක් යටතේ ඡන්ද විමසීම තියන්න. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නැහැ.

මොකද අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් යටතේ රට ආණ්ඩු කෙරුණා නම්, වැඩ බලන පොලිස්පති කෙනෙක් යටතේ ඡන්දය තියෙන එක මහ දෙයක් නෙමේ." මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයා පැවසීය.

(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)

සබැඳි පුවත :
දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...