The Leader News
BREAKING
සාෆ් පාපන්දු කුසලානය: පාකිස්තානය ප්‍රමාද වී එල්ල කළ අභියෝගයෙන් නොසැලුනු ඉන්දියාවට 3-2ක ජයක්!●ලැක්ටෝස්වත්ත නඩුව: සාජිත් මවුලවී වරද පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි●මිලියන 25ක දඩයෙන් ඉතිරි මිලියන 9 ගෙවන්න ප්‍රසන්න තවත් කල් ඉල්ලයි●රිජ්වේ ළමා රෝහලේ දරු මරණය: වෛද්‍යවරුන් දෙදෙනෙකුට අධිකරණයෙන් සිතාසි●මීගමුව බන්ධනාගාර ගැටුමට අලුතින් සැකකරුවන් රැසක්●එක්නැළිගොඩ නඩුවේ පැමිණිල්ල අවසන්: විත්තියෙන් විශේෂ ඉල්ලීමක්●අපරාධ පනතේ දැඩි වගන්ති ලිහිල් කිරීමට ජනපති සූදානම්●රඛිත රාජපක්ෂගේ ගිණුම් 4ක් සහ වාහන 3ක් අත්හිටුවයි●වියළි දෑසට වෛද්‍යවරුන් නිර්දේශ කළ සරල විසඳුම●පීසා මත අන්නාසි තැබීම ප්‍රතික්ෂේප කළ ඉතාලි සූපවේදියාගේ රැකියාව අහිමිවෙයි●
Top Ad
ක්‍රීඩා

සාෆ් පාපන්දු කුසලානය: පාකිස්තානය ප්‍රමාද වී එල්ල කළ අභියෝගයෙන් නොසැලුනු ඉන්දියාවට 3-2ක ජයක්!

පාකිස්තානය පමාවී සිදු කළ බියවැද්දීමෙන් නොසැලී සිටි ඉන්දියාව ගෝල 3-2කින් පාකිස්තානය පරාජය කරමින් 2026 සා‌ෆ් කුසලාන පාපන්දු ශූරතාවලියට අද සාර්ථක ආරම්භයක් ලබා ගත්තා.

Pasan

Pasan

November 5, 2026 • 10:59 PM

සාෆ් පාපන්දු කුසලානය: පාකිස්තානය ප්‍රමාද වී එල්ල කළ අභියෝගයෙන් නොසැලුනු ඉන්දියාවට 3-2ක ජයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බංග්ලාදේශයේ ධකා අගනුවර පැවැත්වෙන මේ තරගාවලියේ සමාරම්භක තරගයේ පළමු භාගයේදී සුහායිල් අහමඩ් භාට් වාර්තා කළ ගෝල ද්විත්වය ඉන්දියාව ට ජයග්‍රහණයේ මාවත විවර කළා.
  • ඉන්දියාව තරගයේ නියමිත කාලය අවසන් වන විට ගෝල 3-0කින් ඉදිරියෙන් සිටියත් තරගය නතර වීමට ආසන්න කාලයේ පාකිස්තානය ගෝල් දෙකක් ලබා ගනිමින් තරගය තියුණු අවසානයක් කරා ගෙන ගියා.
  • හැවිරිදි භාට් ගෝල දෙක ලබා ගත්තේ මිනිත්තු හයක් ඇතුළත වීම විශේෂත්වයක්.
  • පාකිස්තානය තරගයේ අවසන් කාලයේ මිනිත්තු තුනක් ඇතුළත ගෝල දෙකක් ලබා ගැනීමට සමත් වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

බංග්ලාදේශයේ ධකා අගනුවර පැවැත්වෙන මේ තරගාවලියේ සමාරම්භක තරගයේ පළමු භාගයේදී සුහායිල් අහමඩ් භාට් වාර්තා කළ ගෝල ද්විත්වය ඉන්දියාව ට ජයග්‍රහණයේ මාවත විවර කළා. ඉන්දියාව තරගයේ නියමිත කාලය අවසන් වන විට ගෝල 3-0කින් ඉදිරියෙන් සිටියත් තරගය නතර වීමට ආසන්න කාලයේ පාකිස්තානය ගෝල් දෙකක් ලබා ගනිමින් තරගය තියුණු අවසානයක් කරා ගෙන ගියා.

කෙසේ වෙතත්, වඩා වැදගත් වන්නේ ඉන්දියාව ඔවුන්ගේ සාෆ් කිරුළ රැක ගැනීමේ මෙහෙයුම ජයග්‍රහණයකින් ආරම්භ කිරීමයි. සිය සංචිතයේ ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් දැන් පැවැත්වෙන ඉන්දියා සුපර් ලීගයේ ක්‍රීඩා කරන අතර පළමු කණ්ඩායම ජාත්‍යන්තර තරග සමයේ නවසිලන්තය සමග තරග කිරීමට බැඳී සිටින හෙයින් ඉන්දියාව මේ තරගාවලියට ඉදිරිපත් කර තිබෙන්නේ දෙවැනි පෙළ කණ්ඩායමක්.

21 හැවිරිදි භාට් ගෝල දෙක ලබා ගත්තේ මිනිත්තු හයක් ඇතුළත වීම විශේෂත්වයක්. 13 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය ලබා ගත් ඔහු ඊට මිනිත්තු හයකට පසුව තවත් ගෝලයක් ලබා ගනිමින් ඉන්දියාවේ වාසිය දෙගුණ කළා. පාකිස්තානය පෙනල්ටියක් එල්ල කිරීමට අසමත් වීමට පෙර කිප්ගන් ඉන්දියාව ට තෙවැනි ගෝලය ලබා දුන්නා.

පාකිස්තානය තරගයේ අවසන් කාලයේ මිනිත්තු තුනක් ඇතුළත ගෝල දෙකක් ලබා ගැනීමට සමත් වුණා. 90 වැනි මිනිත්තුවේදී නජීබ් උල්ලා හිසෙන් පන්දුව දැලේ පිටුපසට එල්ල කරමින් පළමු ගෝලය ලබා ගත් අතර 93 වැනි මිනිත්තුවේදී පළපුරුදු ක්‍රීඩක ඝාසි පාකිස්තානයේ අනෙක් ගෝලය වාර්තා කළා.

(සටහන: වර්නන් ගුණසේකර)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...