සවස හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 10 දෙනා පුත්තලමෙන් : මුලික රෝග ලක්ෂණ කිසිවක් පෙන්වා නැහැ 

නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට අද (31) සවස් කාලයේදී තහවුරු වූ පුද්ගලයින් 10 දෙනා පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

ඉන්දුනීසියාවේ සංචාරය කොට මෙරට පැමිණීමෙන් පසු මිට දින කිහිපයකට පෙර නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරුවූ පුද්ගලයා සමග ඇසුරු කරන ලද පුද්ගලයින් 60 කට අධික සංඛ්‍යාවක් පුත්තලම ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් සහ ආරක්ෂක අංශ මිට දින කිහිපයකට පෙර පියවර ගනු ලැබිය.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කලේ එලෙස නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 20 දෙනෙකු ගේ නියැදි ලබා ගනිමින් මාරවිල රෝහලේදී අද දිනයේදී සිදුකළ පරීක්ෂණයේදී මෙලෙස නව කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 10 දෙනා හඳුනා ගැනීමට හැකිවූ බවයි.

එම පුද්ගලයින් 20 දෙනා මිට පෙර කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු වූ පුද්ගලයා සමග සමීප ඇසුරක් පැවැත්වූ පුද්ගලයින් ලෙස හඳුනා ගෙන තිබු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

මෙම පුද්ගලයින් 10 දෙනා වෛද්‍ය පරීක්ෂණයේදී කොරෝනා ආසාධිතයින් බවට තහවුරු කර ගනු ලැබුවත් මේ දක්වා ඔවුන්ට කොරෝනා වෛරසය හා සම්බන්ධ කිසිදු මුලික රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නොතිබීම විශේෂත්වයක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් කියා සිටියේ ය.

කොරෝනා ආසාදිතයින් ගණන 142ක් දක්වා ඉහළට

මෙසේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව142 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

අද දවස තුල කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 20ක් වාර්තා වි තිබේ.

මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 123ක් වන අතර සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය සංඛ්‍යාව 17ක් වේ.

එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් මෙ වන විට දෙදෙනෙකු මිය ගොස් ඇත.

වෛරසය ආසාදිතව අයි.ඩී.එච් සහ මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකු අද සුවය ලබා එම රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.


(මුලාශ්‍රය - නෙත් නිව්ස්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්