කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධ පුවත් පළකිරීමේදී ජනතාව තුල වෛරය ඇතිවන ලෙස තොරතුරු වාර්තා කිරීමෙන් වලකින

ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ විසින් මාධ්‍ය ආයතන වෙත දැනුම් දීමක් කර ඇත.

පුවත් වාර්තාකරණයට අදාල නිර්දේශ 08ක් ඔහු විසින් ප්‍රකාශයට පත්කර ඇති අතර මරණ හා රෝගීන් ගැන කියද්දි ජාතිය ආගම සඳහන් නොකරන්න ලෙස ඔහු එමගින් ඉල්ලා සිටියි.

කොරෝනා පුවත් වාර්තාකරණයේදී භාවිතා කළයුතු මුලික නිර්දේශ ඇතැම් මාධ්‍ය ආයතන විසින් නොසලකා හැරීම නිසා, රෝගය ආසාදිත පුද්ගලයින් සමාජයෙන් කොන්වීමට ඇති බියෙන් නිසි වෛද්‍ය ප්‍රතිකාර නොගෙන සැඟවී සිටීමට උත්සාහ කරන බව ද ඔහු පෙන්වා දෙයි.

 

නිර්දේශ 08 මෙන්න :

වසංගත තත්වය පිළිබඳව වාර්තාකරණයේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කළ නිර්දේශ පහත දැක්වේ.

  1. සෑමවිටම කෝවිඩ් 19 සම්බන්ධව වාර්තා කිරීම සඳහා සත්‍ය සහ තහවුරු කරන ලද මූලාශ්‍ර පමණක් භාවිත කරන්න.

  2. නිරෝධායනයට ලක්කරන පුද්ගලයන්/ රෝගීන් සහ මරන වාර්තාකරණයේදී කිසිවිටකත් ජාතිය හා ආගම සඳහන් නොකරන්න.

  3. වයිරසය ආසාදිත පුද්ගලයන් රෝගීන් මිස අනෙක් අයට රෝගය පතුරවන පුද්ගලයන් ලෙස හැඳින්වීමෙන් වළකින්න.

  4. අවදානමේ ප්‍රමාණය තාක්ෂණික හා විද්‍යාත්මක කරුණු මත පමණක් පදනම් කර වාර්තා කරන්න. විවිධ පුද්ගලයන්ගේ පෞද්ගලික මත සමාජගත කිරීමෙන් වළකින්න.

  5. නිරෝධායනයට ලක්කරන පුද්ගලයන් හා රෝගීන්ගේ ඡායාරූප/වීඩියෝ පට ඔවුන්ගේ අවසරයකින් තොරව ප්‍රදර්ශනය කිරීමෙන් වළකින්න.

  6. මිය ගිය අයගේ අවසන් කටයුතු පිළිබඳ සංවේදී ඡායාරූප හෝ වීඩියෝ පට ප්‍රදර්ශනය කිරීමේදී එම දර්ශන බොඳ කර භාවිතය යෝග්‍යය.

  7. ජනතාව තුළ වෛරය ඇති වන ලෙස තොරතුරු වාර්තා කිරීමෙන් වළකින්න.

  8. මෙම කෝවිඩ් 19 තත්ත්වය ජන මනසට ආතතිය හා ඉච්ඡා භංගත්වය ඇති වන ලෙස නොව අනාගතය සම්බන්ධයෙන් ධනාත්මක බලාපොරොත්තු සහ එකිනෙකා අතර සහයෝගය ඇති වන ලෙස ප්‍රවෘත්ති සහ දැනුවත් කිරීම් ලබාදෙන්න.

 

මේ මල් මිට ඔහුටය !

rose

කොරෝනා වෛරසය මුස්ලිම් ජනයාට වැළදෙන නැත්නම් ඔවුන් විසින් බෝ කරන රෝගයක් ලෙස දැක්වීමට ගෝඨාභයවාදී ඇතැම් දේශපාලනඥයින්, මාධ්‍ය ආයතන සහ ඔවුන්ගේ අනුගාමිකයින් ගෙන යන ප්‍රචාරය හමුවේ මෙවැනි නිර්දේශ කිහිපයක් හෝ ඉදිරිපත් කිරීමට තරම් කශේරුකාවක් තිබීම ගැන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර විසින් වෛද්‍ය අනිල් ජාසිංහට ප්‍රණාමය පළකරමින් සිය FB පිටුවේ පොස්ටුවක් පළකර තිබේ.

එම FB සටහනේ මෙසේ සඳහන් වේ.

''පවතින වසංගත තත්වයට වඩා එහා ගිය භීෂණයක් රටේ මවමින් තම තමන්ගේ මැතිවරණ ව්‍යාපාර හා මීඩියා රේටිංග්ස් වෙනුවෙන්,
පුරවැසි ඔලුවල වෛරසය පතුරන දේසපාලන තක්කඩියන් හා ජඩමාධ්‍ය හිඟන්නන්ට
මෙසේ හෝ පිළිතුරු දීමට ඇති කශේරුකාව වෙනුවෙන්
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහට ස්තූතිය පලකළ යුතුය. ''

 

රාජපක්ෂලාගේ කුප්ප මාධ්‍ය භාවිතාව :

වෛද්‍ය අනිල් ජාසිංහගේ මාධ්‍ය නිර්දේශයන්ට පාදකවී ඇත්තේ 'දෙරණ' රුපවාහිනියේ 'වාදපිටිය' වැඩසටහන අතරතුරදී මතුවූ කුප්ප ජාතිවාදී කතාබහ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යය ඔස්සේ එල්ලවූ දැඩි විරෝධය බව පැහැදිලිය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය විසින් ''කොවිඩ් 19, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම්'' යන මැයෙන් පලකර ඇති පුවත් විශේෂාංගයක මෙසේ ද සඳහන් වේ.

''ගෝඨාභය රාජපක්ෂට ජන්දය දෙන්නේ නම් මහනුවරට මුස්ලිම් පාසැලක් ලබා දෙන බවට පොරොන්දු වූ වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරයකු රූපවාහිනී මාධ්‍ය සාකච්ජාවක දී කියා සිටියේ විසි දෙනෙකුගෙන් 19 දෙනෙකුම එක් ප්‍රජාවකට අයත්වන බවයි.

නමුත් දැනට රෝගය වැළදී තිබෙන 148දෙනාගෙන් කී දෙනෙකු කුමණ ජනවර්ගයකට අයත් වන්නේදැයි ඔහු කීවේ නැත. එම රූපවාහිනී මාධ්‍ය වැඩටහන මෙහෙය වූ රාජපක්ෂවාදී මාධ්‍යවේදියා කියා සිටියේ “ගහන්න ඕනෑ” බවත් බේරෙන්න බැරි (එම ජන ප්‍රජාවම නම් කරමින්) සෙට් එකෙන් බවයි.

''ලේ බේරෙන ජාතිවාදය අලෙවි කිරීම සිය පැවැත්ම බවට පත් කරගෙන ඇති රාජපක්ෂවාදී රූපවාහිනී නාලිකා දැන් කොව්ඩ් 19 වසංගතය තත්වය ද උපයෝගී කර ගනිමින් තිබෙන්නේ මෙරට සුලුතර ප්‍රජාවන් මැඩලීමේ තවත් අවස්ථාවක් ලෙස ය.''

මෙම වර්ගවාදී දේශපාලනය දැන් සමාජ ජාල හරහා රට ගිනිතැබෙන තරමට නපුරු ස්වභාවයක් ගෙන තිබේ. කොව්ඩ් 19 අසාදනය වී මිය යන පුද්ගලයින්, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද නිර්දේශ කර ඇති පරිදි, මිහිදන් කිරීමට අවසර දෙන ලෙස මෙරට ප්‍රමුඛතම මුස්ලිම් දේශපාලන නායකයා වන රවුෆ් හකීම් විසින් කරන ලද ඉල්ලීම පදනම් කොට රාජපක්ෂවාදී ප්‍රචාරකයෝ රට ගිනි තියමින් සිටිති.

ඒ කෙතෙක් ද යත් ගෝඨාභය රාජපක්ෂගේ සමාජ ජාල ප්‍රචාරකයකු, රවුෆ් හකීම් සහ ප්‍රභාකරන් අතට අත දෙන පැරණි ඡායාරූපයක් ලක්ෂ සංඛ්‍යාත ගණනාවකට බෙදා හැරියේ මියයන්නන්ගේ අවසන් කටයුතු පිළිබඳ විවාදයට පිළිතුරක් ලෙස ය.

ගෝඨාභය රාපක්ෂගේ හිටපු මාධ්‍ය ප්‍රකාශක ප්‍රසිද්ධ ආයාචනයක් කරමින් ‘ රවුෆ් හකීම් එන්නේ මොකාටදැයි” කියන විනාඩි දෙකක වීඩියෝ සකස් කර තමා වෙත එවන ලෙස ඉල්ලා සිටියේ ය.

මෙම සියලු ක්‍රියාකාරකම්හි එකතුව අපට කියන්නේ දැනුවත්වම කොවිඩ් 19 වසංගත තත්වය සිය පටු දේශපාලන අරමුණූ සඳහා යොදා ගැනීමට රාජපක්ෂවරු කටයුතු කරමින් සිටින බවයි.''

 

ගෝඨාභයගේ Mohamed Ali Sabry ත් කනස්සල්ලෙන් !

Gotabaya has a solution for the Aruwakkalu garbage problem ...ජනාධිපති නීතිඥ අලි සබ්රි

ගෝඨාභය රාජපක්ෂ කඳවුරේ සිටින ඇතැම් මාධ්‍ය මුදලාලියා විසින් මෙවැනි කොරෝනා ව්‍යසනයක දී පවා සිංහල- බෞද්ධ ව්‍යාපාරික ප්‍රජාව හා 'ගොට්ටන්' කුලප්පු කර රේටින් පසුපස දුවමින්, යු ටියුබ් මුදල් පසුපස දුවමින් තම මඩිය තරකර ගැනීමට දරන නීහින උත්සාහය එම කඳවුරේම ඇතැමුන්ගේ දැඩි පිළිකුලට ලක්ව ඇත.

ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින් සිය FB පිටුවේ පළකර ඇති පොස්ටුවක මෙසේ සඳහන් වේ.

''මේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සුව වෙන්න පුළුවන්, ජාතියක් ලෙස අපට ජාතිවාදී වෛරසයෙන් නම් සුවවෙන්න නම් කාලාන්තරයක් යයි, මන්ද ඒ භීජය හදවත් තුළ පතුලටම ගොස් හමාරයි, මට මා ගැන නොවෙයි කණගාටුවට අප ඉතිරි කරල යන පරම්පරාව එකිනෙකාට වෛර කරන පරම්පරාවක්, අසංවේදී මිනිසුන් බිහිකරන මාධ්‍ය ඉදිරියේ නිහඬව සිටිමින් අපත් කොටස් කරුවන් වී හමාරයි, හදවත තුල නොතේරෙන වේදනාවක් පවති, අප මේ වෙදනාව හිතේ තබා මේ අභියෝගයට මුහුණ දෙමු!''

 Ali Sabri post

 

සබැඳි පුවත් :

කොරෝනා අස්සේ 'අද දෙරණ' ජාතිවාදය උසිගන්වයි: පිළිකුල් සහගතයි, නින්දිතයි, අසික්කිතයි !

##########################

Covid add 4

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්