The Leader News
BREAKING
ආසියානු සායනික පෝෂණ සංගමයේ නායකත්වය පළමු වරට ලංකාවට●ඕස්ට්‍රේලියානු කෘෂිකර්මයට සිනහවක් එක්කළ යෝධ වියළි මිදිගෙඩිය●ඩූබ්වාගෙන් ‘ඩයිනමයිට්’ පහර කෑමට ලක්වූ වෝඩ්ලී ට තරග තහනමක්!●ආදරය වෙනුවෙන් බෙල්ජියම් ඉංජිනේරුවා වියට්නාම ගෝත්‍රික චාරිත්‍ර ඉටුකරයි●ඉන්ධන මිල පාලනයේ බර අවසානයේ මහජන කරපිටට?●අපනයන ඉපැයීම් ඉහළට: බිලියන 36 ඉලක්කයට මඟ සකස්වේ ද?●යුරෝපා වෙළෙඳ සහනය රැකගන්න ලංකාවට අලුත් කොන්දේසි පහක්●ඉරාන ජෙට් ඉන්ධන මියන්මාරයට ගලාගිය හොර පාර●ආදර ගැටය: සිරගත ස්ත්‍රීත්වයේ කලාත්මක කියවීම | ආචාර්ය අතුලසිරි සමරකෝන්●තොරතුරු ඉල්ලීමේදී රාජ්‍ය ආයතනවලට හිතුමතේ ගාස්තු අය කළ හැකි ද?●
Top Ad
පුවත්

පාස්කු ඉරු දින ප්‍රහාරයේ වින්දිතයන්ට සජිත්ගෙන් යුක්තිය ඉටුවේදැයි සැකයක් !

T

The Leader Desk

September 15, 2024 • 3:31 PM

පාස්කු ඉරු දින ප්‍රහාරයේ වින්දිතයන්ට සජිත්ගෙන් යුක්තිය ඉටුවේදැයි සැකයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රියෙන්සි අර්සකුලරත්ත පවසයි.
  • මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු හිමිපාණන් වහන්සේ වෙත ලිපියක් යොමුකරමින් ඔහු එම සැකය මතුකර ඇත.
  • පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය නිසියාකාරව ඉටු වී නැතැයි ප්‍රකාශ කරමින් මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු හිමිපාණෝ අදාළ සිද්ධියට වගකිව යුතු පුද්ගලයෙක් ලෙස හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ද පැවරූහ.
  • මේ වන විට හිටපු පොලිස්පතිට එම ධුරයේ කටයුතු කිරීම වළකා ඇත්තේ ද යට කී නඩුව හේතුවෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

රියෙන්සි අර්සකුලරත්ත පවසයි.

මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු හිමිපාණන් වහන්සේ වෙත ලිපියක් යොමුකරමින් ඔහු එම සැකය මතුකර ඇත.

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය නිසියාකාරව ඉටු වී නැතැයි ප්‍රකාශ කරමින් මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු හිමිපාණෝ අදාළ සිද්ධියට වගකිව යුතු පුද්ගලයෙක් ලෙස හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ද පැවරූහ. මේ වන විට හිටපු පොලිස්පතිට එම ධුරයේ කටයුතු කිරීම වළකා ඇත්තේ ද යට කී නඩුව හේතුවෙනි.

මේ සිදුවීමෙන් ඉක්බිතිව කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍ය මහාචාර්ය අගලකඩ සිරිසුමණ හිමි ප්‍රමුඛහිමිවරු දෙදෙනෙක් හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ට එරෙහිව පනවා ඇති තහනම ඉවත් කරන්නැයි සහ ඔහුට එරෙහිව ඇති සියලු නඩු නිශ්ප්‍රභා කරන්නැයි ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

අනතුරුව 2024.09.11 වන දින පවත්වන ලද ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහභාගි වූ මහා සඟ සමුළුව අමතමින් යට කී පූජ්‍ය මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේ, ‘ඉදිරියේ දී පැවැත් වෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස පත් වීමට තරග වදින අපේක්ෂකයන් අතරින් මේ රටට ගැළපෙන සහ මේ රට භාර ගැනීමට සුදුසු එකම නායකයා වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බව ප්‍රකාශ කර ඇත.


ඒ අනුව මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමිගේ දෙබිඩි බව සහ උන්වහන්සේ පැවසු පරිදි සජිත් ප්‍රේමදාස ජනාධිපත් වුවහොත් පාස්කු ඉරු දින ප්‍රහාරයට සම්බන්ධ වුවන්ට එරෙහිව ඔහු කටයුතු කරාවිද යන්න සහ එම ප්‍රහාරයට ලක්වූවන්ට සාධාරණයක් ඉටුවේ ද යන්න සැක සහිත බව සඳහන් කරමින් කතෝලික පර්ශදයේ ක්‍රියාකාරියකු මෙන් ම මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු හිමිපාණන් වහන්සේගේ නිතිඥ මණ්ඩලයේ ප්‍රමුඛ නිතිඥයකු ද වන ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්ත විසින් මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු හිමිපාණන් වහන්සේ වෙත ලිපියක් යවනු ලැබ ඇත.


මතු දැක්වෙන්නේ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්ත විසින් මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු හිමිපාණන් වහන්සේ වෙත යවන ලද ලිපිය යි.

අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු හිමිපාණන් වහන්සේ වෙත,

අති උතුම් හිමිපාණනි,

පාස්කු ඉරු දින ප්‍රහාරයේ වින්දිතයන්ට සත්‍ය ලෙස ම යුක්තිය ඉටු වේවිද ?

දේශබන්ධු තෙන්නකෝන් යන අය පොලිස්පති ධුරය දැරීමට නුසුදුසු පුද්ගලයකු බවට කරුණු දක්වමින් ඔබ වහන්සේ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක SCFR 72/2024 දරණ මූලික අයිතිවාසිකම් නඩුව පවරනු ලැබ ඇත.

එකී නඩුවේදී ඔබ වහන්සේ විසින් වෙනත් කරුණුවලට අමතරව ප්‍රකාශ කර සිටියේ දේශබන්ධු තෙන්නකෝන් යන අය පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරයට සම්බන්ධත පුද්ගලයකු වීම, ඔහුට එරෙහිව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිශන් සභාව විනයානුකූලව ක්‍රියා කීරිමට නිර්දේශ කර තිබීම, ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අංක SC 107/2011 දරණ නඩුවේ තීන්දුව ප්‍රකාශය කරමින් දේශබන්ධු තෙන්නකෝන් යන අය එකී නඩුවේ පෙත්සම්කරුට කෲර හා අමානුෂික ලෙස වද හිංසා කර ඇති බව තීරණය කිරීම, යන කරුණු මත එකී දේශබන්ධු තෙන්නකෝන් යන අය පොලිස්පති ධූරය දැරීමට නුසුදුසු පුද්ගලයකු බවයි.

ඉහත කී නඩුව සහ ඊට සම්බන්ධිත නඩු  වන අංක SCFR 67/24, SCFR 68/24, SCFR 71/24, SCFR 75/24, SCFR 79/24, SCFR 80/24, SCFR 82/24, සහ SCFR 84/24 දරන නඩු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2024.07.24 වන දින සලකා බලනු ලැබීමෙන් අනතුරුව එකී දේශබන්ධු තෙන්නකෝන් යන අය පොලිස්පති ධුරයේ තවදුරටත් ක්‍රියා කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ බව මහජනතාව හොඳින් දන්නා කරුණකි.

එකී අතුරු තහනම් නියෝගය නිකුත් කිරීමෙන් අනතුරුව පූජ්‍ය මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ සහ තවත් ස්වාමින් වහන්සේලා දෙදෙනකු විසින් ඉහත කී නඩුවලට මැදිහත්කාර වග උත්තරකරුවන් ලෙස ඇතුළුවීමට අවසර පතා 2024.08.29 දිනැති මැදිහත්කාර පෙත්සමක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකරමින් වෙතත් දෑට අමතරව ඉල්ලා ඇත්තේ 2024.07.24 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙසත් සහ ඔබ වහන්සේ සහ සෙසු පෙත්සම්කරුවන් විසින් පවරන ලද ඉහත කී නඩු සියල්ලම නිශ්ප්‍රභා කරන ලෙසයි.

ඉහත කී පූජ්‍ය මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ සහ සෙසු මැදිහත්කාර පෙත්සම්කරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මැදිහත්කාර පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නොමැති අතර එකී පූජ්‍ය මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේගේ නිසැක ස්ථාවරය වන්නේ දේශබන්ධු තෙන්නකෝන් යන අය පොලිස්පති ධුරය දැරීමට සුදුසු පුද්ගලයකු බවයි. එම ස්ථාවරය ඔබ වහන්සේ විසින් දේශබන්ධු තෙන්නකෝන් යන අය පොලිස්පති ධුරය හෙබවීම සම්බන්ධයෙන් දරණ ස්ථාවරයට හාත්පසින්ම වෙනස් ස්ථාවරයක් බව පැහැදිලිය.

ඉහත කී මැදිහත්කාර පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2024.09.11 වන දින පවත්වන ලද ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වූ මහා සඟ සමුළුව අමතමින් ඉහත කී පූජ්‍ය මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේ ප්‍රකාශ කර සිටියේ ඉදිරියේ දී පැවැත් වෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස පත් වීමට තරග වදින අපේක්ෂකයන් අතරින් මේ රටට ගැළපෙන සහ මේ රට භාර ගැනීමට සුදුසු එකම නායකයා වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බවයි. ඒ බව එදින රාත්‍රි 9.55 ට විකාශනය වූ හිරු ටීවී ප්‍රවෘත්ති විකාශනය මගින් ප්‍රචාරය කරන ලදී. ඉහත කී පූජ්‍ය මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේ එම මතය දැරීම සම්බන්ධයෙන් ද කිසිදු ගැටලුවක් පැන නොනගින අතර එයද උන්වහන්සේගේ නීත්‍යානුකූල අයිතිවාසිකමකි.

නමුත් ඉහත සිදුවීම් ආශ්‍රයෙන් ගත් කළ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත් වුවහොත් පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් සෙවීම සඳහා නිසි විමර්ශනයක් සිදු කරාවි ද යන්න නම් ගැටලුවකි. එබැවින් පාස්කු ප්‍රහාරයේ වන්දිතයන්ට යුක්තිය ඉෂ්ට කිරීමේ ඒකායන අරමුණකින් කටයුතු කරන ඔබ වහන්සේගේ අවධානය පිණිස මෙසේ දැනුවත් කිරීමට මා අදහස් කළෙමි.

(ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්ත)
RIENZIE ARSECULERATNE 

President's Counsel
sdfw52

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...