මැතිවරණ කොමිසමෙන් කල ලිඛිත ඉල්ලීමට අද (02) පස්වරුවේදී අනුමැතිය ලැබුන බව 'නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ' පවසයි.
අද (02) දිනයේ රැස්වූ මැතිවරණ කොමිසම එම ඉල්ලීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සලකා බලා එම අනුමැතිය ලබාදී ඇත.
'නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ' පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ වෙත සහාය දැක්විය.
රනිල් වික්‍රමසිංහ වෙත සහය දැක්වූ සියලුම පක්ෂ සහ කණ්ඩායම් මෙවර මහ මැතිවරණයට ද 'සිලින්ඩරය' ලකුණින් ඉදිරිපත්වීමටත්, ඒ සඳහා 'නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ' පුළුල් සන්ධානයක් ලෙස ස්ථාපිත කිරීමටත් පසුගිය සතියේ තීන්දුකර තිබිණ.
'නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ' ගෑස් සිලින්ඩරය ලකුණ ලබා ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ මතය විමසා සිටියේ එම තීන්දුවට එකඟව ය.
ගෑස් සිලින්ඩරය ලබාගැනීමට නොහැකි වුවහොත් 'අලියා' ලකුණ යටතේ තරඟ කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (01) තීන්දුකර තිබිණ.
කෙසේවුවද පසුගිය ජනාධිපතිවරනයේදී රනිල් වික්‍රමසිංහ වෙත සහය දැක්වූ සියලු පක්ෂ හෙට (03) පෙරවරුවේ කොළඹ මල් පාරේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට රැස්වී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වදින සලකුණ සහ සන්ධානය පිළිබඳ අවසන් එකඟතාවකට එළැඹීමට නියමිතය.
රනිල්ගේ 'ගෑස් සිලින්ඩරය' නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට
T
The Leader Desk
October 2, 2024 • 2:38 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මැතිවරණ කොමිසමෙන් කල ලිඛිත ඉල්ලීමට අද (02) පස්වරුවේදී අනුමැතිය ලැබුන බව 'නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ' පවසයි.
- අද (02) දිනයේ රැස්වූ මැතිවරණ කොමිසම එම ඉල්ලීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සලකා බලා එම අනුමැතිය ලබාදී ඇත.
- රනිල් වික්‍රමසිංහ වෙත සහය දැක්වූ සියලුම පක්ෂ සහ කණ්ඩායම් මෙවර මහ මැතිවරණයට ද 'සිලින්ඩරය' ලකුණින් ඉදිරිපත්වීමටත්, ඒ සඳහා 'නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ' පුළුල් සන්ධානයක් ලෙස ස්ථාපිත කිරීමටත් පසුගිය සතියේ තීන්දුකර තිබිණ.
- ගෑස් සිලින්ඩරය ලබාගැනීමට නොහැකි වුවහොත් 'අලියා' ලකුණ යටතේ තරඟ කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (01) තීන්දුකර තිබිණ.
අකුරු ප්රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්රී ලංකාව තුළ සහ ජාත්යන්තර ඩයස්පෝරාව අතර ක්රියාත්මක වන ප්රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


