The Leader News
BREAKING
Top Ad
පුවත්

බලශක්ති ඇමැති 27 වැනිදා උසාවි කැඳවයි

T

The Leader Desk

March 15, 2026 • 4:27 AM

බලශක්ති ඇමැති 27 වැනිදා උසාවි කැඳවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අධි චෝදනා 02 ක් යටතේ පවරා තිබෙන නඩුවකට අදාළව ලබන 27 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල විසින් විත්තිකාර පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩිට සිතාසි නිකුත් කර තිබේ.
  • අල්ලස් පනතේ 70 (ඇ) වගන්තිය යටතේ දූෂණය නමැති වරද කර ඇතැයිද චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් විත්තිකාර කුමාර ජයකොඩිට එරෙහිව පවරා තිබෙන මෙම නඩුව සඳහා සාක්ෂිකරුවන් 21 දෙනකු සහ නඩු භාණ්ඩ 29 කින් සමන්විත ලේඛනයක්ද ඇතුළත් කර තිබිණි.
  • මෙම නඩුව කැඳවීමට නියමිත ලබන 27 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් විනිසුරුවරයා, අල්ලස් කොමිසම වෙත ද නොතිසි නිකුත් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අධි චෝදනා 02 ක් යටතේ පවරා තිබෙන නඩුවකට අදාළව ලබන 27 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල විසින් විත්තිකාර පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩිට සිතාසි නිකුත් කර තිබේ.

විත්තිකාර බලශක්ති ඇමැති කුමාර ජයකොඩි, ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් කටයුතු කරමින් සිටිය දී කරන ලද රුපියල් ලක්ෂ 88 කට අධික දූෂණයක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ නීති අංශය විසින් අධි චෝදනා 02 ක් යටතේ පවරා තිබෙන මෙම නඩුව ලබන 27 වැනිදා කොළඹ මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල හමුවේ කැඳවීමට නියමිතය.

අල්ලස් පනතේ 70 (ඇ) වගන්තිය යටතේ දූෂණය නමැති වරද කර ඇතැයිද චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් විත්තිකාර කුමාර ජයකොඩිට එරෙහිව පවරා තිබෙන මෙම නඩුව සඳහා සාක්ෂිකරුවන් 21 දෙනකු සහ නඩු භාණ්ඩ 29 කින් සමන්විත ලේඛනයක්ද ඇතුළත් කර තිබිණි.

මෙම නඩුව කැඳවීමට නියමිත ලබන 27 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් විනිසුරුවරයා, අල්ලස් කොමිසම වෙත ද නොතිසි නිකුත් කර තිබේ.

( aruna | ඉෂාර රත්නකාර)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...