ඔස්ට්රේලියාවේ හිටපු ශ්රී ලංකා නියෝජ්ය මහ කොමසාරිස් හිමාලි අරුණතිලක ඩොලර් 117,028.80 ක දඩයක් ෆෙඩරල් අධිකරණය විසින් නියම කර ඇත්තේ ඇයගේ ගෘහ සේවිකාවක් වූ ප්රියංකා දනරත්න යන අයට අයුතු ලෙස සැලකීමේ චෝදනාවලට වරදකරු වීම හේතුවෙනි.
ශ්රී ලාංකිකයෙකු වන අදාළ සේවිකාව, 2016 සිට 2018 දක්වා ඇයගේ කැන්බරා නිවසේ සේවය කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
හිමාලි අරුණතිලක, සිය සේවිකාවට නිසි ලෙස වැටුප් ද නොගෙවා ඇති අතර අධිකරණය නියම කර ඇත්තේ දින 60ක් ඇතුළත අදාළ දඩ මුදල ගෙවන ලෙසයි.
ඊට අමතරව ප්රියංකා දනරත්න යන අයට ඩොලර් 374,151.90 ක වන්දියක් ගෙවීමට ද මීට පෙර අධිකරණය නියම කර තිබුණි.
හිමාලි අරුණතිලක මේ වනවිට ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්රී ලංකා නිත්ය නියෝජිතවරිය ලෙස කටයුතු කරනු ඇත.
(News 1st)
හිමාලි අරුණතිලකට ඕස්ට්රේලියාවේ ෆෙඩරල් අධිකරණයේදී ඩොලර් ලක්ෂයකට අධික දඩයක්
T
The Leader Desk
December 13, 2024 • 3:14 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔස්ට්රේලියාවේ හිටපු ශ්රී ලංකා නියෝජ්ය මහ කොමසාරිස් හිමාලි අරුණතිලක ඩොලර් 117,028.80 ක දඩයක් ෆෙඩරල් අධිකරණය විසින් නියම කර ඇත්තේ ඇයගේ ගෘහ සේවිකාවක් වූ ප්රියංකා දනරත්න යන අයට අයුතු ලෙස සැලකීමේ චෝදනාවලට වරදකරු වීම හේතුවෙනි.
- ශ්රී ලාංකිකයෙකු වන අදාළ සේවිකාව, 2016 සිට 2018 දක්වා ඇයගේ කැන්බරා නිවසේ සේවය කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
- හිමාලි අරුණතිලක, සිය සේවිකාවට නිසි ලෙස වැටුප් ද නොගෙවා ඇති අතර අධිකරණය නියම කර ඇත්තේ දින 60ක් ඇතුළත අදාළ දඩ මුදල ගෙවන ලෙසයි.
- ඊට අමතරව ප්රියංකා දනරත්න යන අයට ඩොලර් 374,151.90 ක වන්දියක් ගෙවීමට ද මීට පෙර අධිකරණය නියම කර තිබුණි.
අකුරු ප්රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්රී ලංකාව තුළ සහ ජාත්යන්තර ඩයස්පෝරාව අතර ක්රියාත්මක වන ප්රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


