නියෝගය ලබා දෙමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ නියෝග කළේ එය අවුරුදු 10කින් ගෙවී යා යුතු බවය.
එමෙන්ම විත්තිකරුට රුපියල් 45,000ක දඩයක් නියම කළ විනිසුරුවරයා අතවරයට පත් දැරියට රුපියල් හාරලක්ෂ පනස්දහසක වන්දියක් ගෙවන ලෙසත් නියෝග කළේය.
අදාළ දැරිය නීති විරෝධීව රඳවාගෙන ගණිකා වෘත්තියේ යෙදවීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව චෝදනා ගොනුව තිබුණි.
තීන්දුව ප්රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරුවරයා පැවසුවේ තම මවට, සහෝදරියට සහ බිරිඳට ගරු කරන්නා සේම සමාජයේ සිටින නුවණින් මුහුකුරා නොගිය මෙවැනි දරුවන්ටද ගරු කිරීමට සෑම පුද්ගලයෙකුම වග බලා ගත යුතු බවය.
එවැනි දරුවන්ට අනීතික ආකාරයෙන් කටයුතු කරන මෙවැනි පුද්ගලයින්ට අධිකරණයෙන් කිසිසේත්ම සමාවක් හිමි නොවන බවත් විනිසුරුවරයා විත්තිකරුට දඬුවම් නියම කරමින් සඳහන් කළේය.
මෙහිදී දඬුවම් නියම කිරීමට පෙර යමක් පැවසීමට තිබේදැයි විනිසුරුවරයා අතවරයට පත් තැනැත්තියගෙන් විමසා සිටියේය.
එයිදී විත්තිකරුට දඬුවම් ලබාදී තමන්ට යුක්තිය ඉටුකරන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
මෙහිදී රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ අනාගතයේදී මෙවැනි වැරදි සිදු කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින්ටද පාඩමක් වන ආකාරයෙන් මෙම විත්තිරුට දැඩි දඬුවම් නියම කරන ලෙසය.
මෙහිදි විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවේ පවසා සිටියේ මෙම තැනැත්තිය විත්තිකරු සමග පැමිණියේ සිය කැමැත්තෙන් බැවින් විත්තිකරුට ලිහිල් දඬුවම් නියම කරන ලෙසය.
එහෙත් නඩු විභාගයේදී එවැනි කිසිදු සාක්ෂියක් අනාවරණය නොවූ බව සඳහන් කළ විනිසුරුවරයා අනතුරුව මෙම දඬුවම් ප්රකාශයට පත් කළේය.
මෙම සිද්ධිය වූ අවස්ථාවේ අතවරයට පත් තැනැත්තිය 14 වන වියේ පසුවූ අතර ඇය දේවාලයක වාර්ෂික පෙරහැර නැරඹීම සඳහා පැමිණ ඇති අතර එම අවස්ථාවේදී විත්තිකරු ඇය සමග සුහද වී මරදාන ප්රදේශයේ ලැගුම් හලකට රැගෙන විත් බලහත්කාරයෙන් රඳවා තබා මුදලට ඇයව ගණිකා වෘත්තියේ යෙදවා තිබෙන බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බව අධිකරණය හමුවේ ප්රකාශ විය.
(aruna)
බාලවයස්කාර දැරියක් ගණිකා වෘත්තියේ යෙදවූ අයෙකුට වසර 30ක සිර දඬුවමක්
T
The Leader Desk
December 13, 2024 • 4:06 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- නියෝගය ලබා දෙමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ නියෝග කළේ එය අවුරුදු 10කින් ගෙවී යා යුතු බවය.
- එමෙන්ම විත්තිකරුට රුපියල් 45,000ක දඩයක් නියම කළ විනිසුරුවරයා අතවරයට පත් දැරියට රුපියල් හාරලක්ෂ පනස්දහසක වන්දියක් ගෙවන ලෙසත් නියෝග කළේය.
- අදාළ දැරිය නීති විරෝධීව රඳවාගෙන ගණිකා වෘත්තියේ යෙදවීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව චෝදනා ගොනුව තිබුණි.
- තීන්දුව ප්රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරුවරයා පැවසුවේ තම මවට, සහෝදරියට සහ බිරිඳට ගරු කරන්නා සේම සමාජයේ සිටින නුවණින් මුහුකුරා නොගිය මෙවැනි දරුවන්ටද ගරු කිරීමට සෑම පුද්ගලයෙකුම වග බලා ගත යුතු බවය.
අකුරු ප්රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්රී ලංකාව තුළ සහ ජාත්යන්තර ඩයස්පෝරාව අතර ක්රියාත්මක වන ප්රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


