අතුරලියේ රතන මන්ත්‍රී හිමියන්ගේ 'උපවාසය' හමුවේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා කල්මරමින් සිටින තත්වයක් තුල ඉදිරි පැය කිහිපයතුල මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් පවතින බව දේශපාලන ආරංචිමාර්ග පවසති.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර මතුවී ඇති පෞද්ගලික ගැටුම් හේතුවෙන් මේ වනවිට මුළු රටම අරාජික තත්වයකට පත්ව තිබේ.

පාර්ලිමේන්තු කාරක සභාව හරහා පාස්කු ඉරිදා (21) ඛේදවාචකයේ වගකීම තමා මත පැටවීමට අගමැතිවරයා සැලසුම්කර ඇති බවට වාර්තා වීමත් සමග කෝපයට පත් ජනාධිපතිවරයා, පසුගියදා දුරකථනය ඔස්සේ අගමැතිවරයාට බැණ වැදි තිබු අතර මේ වනවිට දෙදෙනා අතර කිසිඳු කතාබහක් ද නොමැති බව ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.

දෙන්නා අතර තියෙන්නේ මහා විරසකය පාස්කු ඉරිදා ප්‍රහාරය කෙරෙහි ද තීරණාත්මක ලෙස බලපෑ බව “රෑන්ඩ්” ආයතනයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන විද්‍යාඥ ජොනා බ්ලෑන්ක් මහතා ද මාධ්‍යවේදී නිලන්ත ඉලංගමුව මහතා සමග කළ සාකච්ඡාවදී අවධාරණය කර තිබිණ.

එහිදී ජොනා බ්ලෑන්ක් මහතා මෙසේද සඳහන් කර ඇත.

''මේ දෙන්නා අතර තියෙන්නේ මහා විරසකයක්''.

''සිද්ධියක් වුණාට පස්සේ වෙච්ච දේට හේතු කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඒත්, මේ සිද්ධියේදී පෙනී යනවා, ඉතා බරපතල දේශපාලනික අසාර්ථකත්වයක් නිසා ආණ්ඩුව පැත්තෙන් දුර්වලතාවක් ඇති වුණා කියලා. විදේශ බුද්ධි සේවාවකින් (බොහෝ විට ඉන්දියාවෙන්) අවශ්‍ය කරන බුද්ධි තොරතුරු සහ අනතුරු ඇඟවීම් ජනාධිපති සිරිසේනගේ කාර්යාලයට ලබා දීලා තියෙනවා. ඒත්, ඒවා අනුව ප්‍රමාණවත් පරිද්දෙන් පියවර අරගෙන තියෙන බවක් පේන්න නැහැ. ඒ තොරතුරු අගමැති වික්‍රමසිංහට දීලා නැහැ.

ඒකට හේතු දෙකක් තියෙනවා: එකක් තමයි, අගමැතිවරයා ගැන ජනාධිපතිවරයාගේ විශ්වාසයක් නැති කම. (ඔහුව එම තනතුරින් පහ කරන්නත් ජනාධිපතිවරයා බැලුවා). ඒක නිසා මේ දෙන්නා අතර තියෙන්නේ මහා විරසකයක්.

දෙවැනි කාරණේ තමයි, ඉන්දියාව තමන්ට වඩා අගමැතිවරයාට බරයි කියලා ජනාධිපතිවරයා හිතන නිසා, ඉන්දියාවෙන් එන බුද්ධි තොරතුරුත් ගණන් නොගෙන ඉන්නට ජනාධිපතිවරයා පෙළඹුණා වෙන්නත් ඉඩ තියෙනවා.''

මේ වගේ ත්‍රස්ත ප්‍රහාර අනාගතේ ඇති වීම වළක්වාගත හැකි යැයි ඔබ සිතන යෝජනා තියෙනවද? දැයි මාධ්‍යවේදී නිලන්ත ඉලන්ගමුව මහතා කල විමසීමේදී ජොනා බ්ලෑන්ක් මහතා මෙසේ සඳහන් කර ඇත.

''ඔව්. ශ්‍රී ලංකාව ගැන එහෙම යෝජනා කිහිපයක් කරන්න පුළුවන්.

1. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර තියෙන කඹ ඇදිල්ල ඉවරයක් කරන්න. රටේ ඉන්න ඉහළම දෙන්නා කුලල් කා ගන්නකොට, රටේ මිනිස්සුන්ගේ ආරක්ෂාව ඒ දෙන්නා සහතික කරන්නේ කොහොමද? අත්‍යාවශ්‍යම නම් මැතිවරණ තියන්න. එහෙම නැත්නම්, දෙන්නාට එකට වැඩ කරන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න.

2. ප්‍රති-ත්‍රස්ත ක්‍රියාකාරකම් පිළිබඳ බුද්ධි තොරතුරු බෙදා ගැනීමට වෙනත් රටවල් සමග සහයෝගයෙන් කටයුතු කරන්න. මේ සැරේ වුණේ ඉන්දියාවෙන් ලැබිච්චි තොරතුරු මත කටයුතු නොකිරීමයි. මේ අංශය ගැන ඉන්දියාවට විශාල තොරතුරු සම්භාරයක් තියෙනවා. ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ වෙනත් රාජ්‍යයන්ටත් එහෙම බුද්ධි තොරතුරු තියෙනවා.

3. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව සමග එකට වැඩ කරන්න. මීට කලින් ලංකාවේ ත්‍රස්ත-විරෝධී සහ කැරලි-විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තාව හොඳ එකක් නෙවෙයි. ආණ්ඩුවේ දරුණු ක්‍රියාකාරකම් නිසා දෙමළ ජනතාව එදා ආණ්ඩුවට අහිමි වුණා. ඒකෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජනතා පදනම ශක්තිමත් වුණා. ඒ කැරලිකාරී/ත්‍රස්තවාදී කණ්ඩායමේ ශක්තියත් තර වුණා. ලංකාවේ ආණ්ඩුව දෙමළ ජනතාව සම්බන්ධයෙන් කරපු ඒ වැරැද්ද මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් මෙවර නොකළ යුතුයි.''

 

සබැඳි පුවත් :
“IS සංවිධානය ලංකාව තෝරාගත්තා නොව, ලංකාවේ කණ්ඩායමක් IS සංවිධානය තෝරාගෙන ඇත” -ජොනා බ්ලෑන්ක්

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image