leader s

නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ප්‍රසන්න පෙරේරා පත් කර තිබේ.


ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ඔහු වෙත භාර දී තිබිණ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි උපාධියද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සන්නිවේදන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවද ලබා ඇති ප්‍රසන්න පෙරේරා, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදන පශ්චාත් උපාධිය ලබාගෙන තිබේ.

ඒ අතර ජනාධිපති මාධ්‍ය උපදේශක ලෙස චන්දන සූරියබණ්ඩාර ත්, ජනාධිපති මාධ්‍ය අංශයේ, ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ලෙස අනුරුද්ධ ලොකුහපුආරච්චි ත් පත් කෙරේ.

ඔවුන් දෙදෙනාද අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් වන චන්දන සූරියබණ්ඩාර, වසර 30කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කර ඇත. මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් සහිත විශිෂ්ට සන්නිවේදකයෙකු ලෙසද ප්‍රෙක්ෂක හදවත් දිනා ගෙන තිබෙන ඔහු ලේඛකයෙක්ද වෙයි.

දේශීය ජනමාධ්‍ය ඡායාරූපකරණයේ කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ අනුරුද්ධ ලොකුහපුආරච්චි, ජාත්‍යන්තර රොයිටර් ප්‍රවෘත්ති සේවයේ දශක දෙකකට ආසන්න කාලයක් සේවය කරමින් ඩිජිටල් ඡායාරූපකරණය මෙරට පුවත්පත් කලාවට හඳුන්වා දුන්නේය. ඔහු ඡායාරූපකරණය සහ ඩිජිටල් ඡායාරූපකරණය පිළිබඳ ගෞරව උපාධිධාරියෙකි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්