The Leader News
BREAKING
Top Ad
පුවත්

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් මාර්තු 31 රටට හෙළිකරනවා | ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

T

The Leader Desk

March 16, 2026 • 11:16 AM

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් මාර්තු 31 රටට හෙළිකරනවා | ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද (16) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
  • "පාස්කු ප්‍රහාරය දැන් අවුරුදු 7ක් තිස්සේ හොදටම විකුණුවා.
  • ඒ නිසා ආණ්ඩුව හෙළිනොකරන පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුද කියන එක මාර්තු මස 31 වනදා ට හෙළිදරව් කරන්න අපි සූදානම්.
  • ඒ පර්යේෂන ග්‍රන්ථය මාර්තු 31 වැනිදා හවස 3.30ට සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී එළිදක්වන්න අපි බලාපොරොත්තු වෙනවා" ඔහු තවදුරටත් මෙසේ සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


අද (16) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

"පාස්කු ප්‍රහාරය දැන් අවුරුදු 7ක් තිස්සේ හොදටම විකුණුවා. ආණ්ඩු හැදුවා. ආණ්ඩු පෙරලුවා. කිසිම පදනමක් නැතිව රණවිරුවන්ට හිංසා පීඩා කරන්න පාස්කු ප්‍රහාරය යොදා ගත්තා. දැන් මේ ප්‍රෝඩාවට තිත තියන්න කාලය ඇවිත් තිබෙනවා.

ඒ නිසා ආණ්ඩුව හෙළිනොකරන පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුද කියන එක මාර්තු මස 31 වනදා ට හෙළිදරව් කරන්න අපි සූදානම්. වසර එකහමාරක් පුරා වෙහෙසකර පර්යේෂනයක් කරලා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයායාම නමින් පර්යේෂන ග්‍රන්ථයක් අපි සකස් කළා. ඒ පර්යේෂන ග්‍රන්ථය මාර්තු 31 වැනිදා හවස 3.30ට සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී එළිදක්වන්න අපි බලාපොරොත්තු වෙනවා"

ඔහු තවදුරටත් මෙසේ සඳහන් කළේය.

පාස්කු මහ මොලකරු මාර්තු 31 එළියට ! සොනික් සොනික්, අබු හින්ද් 31 හෙළිවේ !!


පසුගිය අවුරුද්දේ මාර්තු 31 වැනිදා පුංචි ඡන්දේ මාලිමාවේ දෙනියාය රැස්වීමේදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළා, අප්‍රේල් මාසයේ 21 වැනිදාට කලින් පාස්කු මහ මොළකරු හෙළිකරනවා කියලා. එහෙම ප්‍රකාශ කරලා දැන් වසරකට ආසන්නයි. නමුත් ඒ පොරොන්දු වුණු ආකාරයෙන් පාස්කු මහ මොළකරු හෙළිකරන්න ජනාධිපතිතුමත් මාලිමා ආණ්ඩුවත් අසමත් වෙලා තිබෙනවා.

මේ රටේ සමහර දේශපාලකයෝ, පූජකයෝ, සමාජ මාධ්‍යවේදීන් අවුරුදු හතක් පුරා පාස්කු මිනී විකුණමින් දේශපාලනය කරනවා, ව්‍යාපාර කරනවා. පාස්කු මළමිනී සහ තුවාල තරම් වෙන්දේසි වුණු තවත් යමක් අපේ රටේ ඉතිහාසයේ නැහැ.

පසුගිය අවුරුද්දේ පාස්කු දිනය ළං වෙනකොට පාස්කු මහ මොළකරුයි කියමින් හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තා. ඒ ඇවිල්ලා 2025 අප්‍රේල් මාසේ 8 වැනිදා. අත්අඩංගුවට ගත්තට පස්සේ ජනාධිපතිතුමා මඩකලපුවේ රැස්වීමක් අමතමින් කිව්වේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පිල්ලෙයාන්ව අත්අඩංගුවට ගත්තා කියලා. මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහත්තයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබඳ රාසියාල්ගම වමාරමින් ඉන්නවා කියලා.

 

මගේ උදව් ඉල්ලලා පිල්ලෙයාන් ඇමතිවරයාගේ පාක්ෂිකයන් මා හමුවුණු නිසා සිංහල අවුරුදු නිවාඩුව මැද්දේ මම පොඩි නීති ගැටයක් ගහලා පිල්ලෙයාන්ව හමුවුණා. පිල්ලෙයාන් මට කියනවා: "පාස්කු ප්‍රහාරය පිළිබඳ මම දන්න දෙකුත් නැහැ, කිව්ව දේකුත් නැහැ. මගෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ එකම එක ප්‍රශ්නයක්වත් ඇහුවේ නැහැ".

 

''ගිය අවුරුද්දේ පාස්කු සංවත්සරය ළඟ වෙනකොට රටට පෙන්නුවා පිල්ලෙයාන් නාඩගම. මේ අවුරුද්දේ පෙන්නනවා සලේ නාඩගම''

මොකක්ද මේ වෙන්නේ? ගිය අවුරුද්දේ පාස්කු සංවත්සරය ළඟ වෙනකොට රටට පෙන්නුවා පිල්ලෙයාන් නාඩගම. මේ අවුරුද්දේ පෙන්නනවා සලේ නාඩගම. ඔච්චරයි. හිටපු ප්‍රධාන අමාත්‍ය පිල්ලෙයාන් මැතිතුමාත්, ඒ වගේම මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මැතිතුමාත් කියන දෙන්නම කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට තීරණාත්මක කාර්යභාරයක් කළ දෙන්නෙක්. මේ දෙන්නව පදනම් විරහිතව අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ කොටි බෙදුම්වාදීන් සතුටු කිරීමට මිස අන් කිසිවකට නෙවෙයි. ඔය අතරේ පාස්කු මහ මොළකරු අල්ලනවා කියලා බලයට පැමිණි නිසා මේ දෙන්නාගේ අත්අඩංගුවට ගැනීම පාස්කු ප්‍රහාරයටයි කියලා මහා පචයක් වපුරමින් ආණ්ඩුව ජනතාව රවටන්න උත්සාහ කරනවා.

ජනාධිපතිතුමනි,

ජනාධිපතිවරණ කාලයේ මේ රටේ බහුතර ජනතාව ඔබතුමාට රැවටුණත්, දැන් ඒ අය තමන්ගේ ගොනා විකුණලා ගොඩක් කල් කියන එක ජනාධිපතිතුමාටත් මාලිමා ආණ්ඩුවටත් සිහිපත් කරන්න කැමතියි.

පාස්කු ප්‍රහාරය දැන් අවුරුදු හතක් තිස්සේ හොඳටෝම විකුණුවා. ආණ්ඩු හැදුවා, ආණ්ඩු පෙරළුවා. කිසිම පදනමක් නැතුව රණවිරුවන්ට හිංසා පීඩා කරන්න පාස්කු ප්‍රහාරය යොදාගත්තා. දැන් මේ ප්‍රෝඩාවට තිත තියන්න කාලය ඇවිත් තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව හෙළි නොකරන පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුද කියන එක මාර්තු මාසේ 31 වැනිදාට හෙළිදරව් කරන්න අපි සූදානම්.

වසර එකහමාරක් පුරා වෙහෙසකර පර්යේෂණයක් කරලා "පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම" නමින් පර්යේෂණ ග්‍රන්ථයක් අපි සකස් කළා. ඒ පර්යේෂණ ග්‍රන්ථය මාර්තු 31 වැනිදා හවස 3.30 ට සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී එළිදක්වන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ ග්‍රන්ථයේ කියන සෑම දෙයක්ම කියලා තිබෙන්නේ සාක්ෂි සහිතවයි. සාක්ෂි නැති කිසිම දෙයක් සඳහන් කරලා නැහැ. අපි මේ ග්‍රන්ථයෙන් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුද කියන එක හෙළිදරව් කරන එකෙන් නතර වෙන්නේ නැතුව, මාලිමාව අද සමාජයේ මතු කරලා තිබෙන සෑම කුමන්ත්‍රණ න්‍යායකටම සාක්ෂි සහිතව පිළිතුරු දෙන්නත් කටයුතු කරලා තිබෙනවා.

Sara Jasmin 750x536 1

සයිනමරුදු බෝම්බ පුපුරවා ගැනීම සිදු වුණාට පස්සේ ලේ පෙරාගෙන ඉදිරියට ආවා කියන සාරා ජස්මින් ඉන්දියාවට පැනගත්තාය කියලා මාලිමාව නිරන්තරයෙන් ප්‍රකාශ කරපු කාරණාවක්. ඇත්තටම සාරා ජස්මින්ට මොකද වුණේ කියන එක සාක්ෂි සහිතව අපි මේ පොතෙන් පෙන්නනවා. සාරා ජස්මින් විතරක් නෙවෙයි "මේ දවස්වල සුරේෂ් සලේට එරෙහිව චෝදනාවක් විදිහට නගලා තියෙන සාරා ජස්මින් පිළිබඳ තුන්වන DNA පරීක්ෂණය කළේ ඇයි? කරන්න නියෝග කළේ කවුද? ඒකේ ප්‍රතිඵලය මොකක්ද කියන එක ගැන විස්තරාත්මකව මේ ග්‍රන්ථය සාකච්ඡා කරනවා.

 

ජමීල් මොහොමඩ්ගේ ටාජ් හෝටලයේ පුපුරුවා නොගත් බෝම්බය පිළිබඳ සම්පූර්ණ කතාව

ඒ විතරක් නෙවෙයි, හමුදා බුද්ධි අංශ මැදිහත්වීමෙන් ජමීල් මොහොමඩ් විසින් ටාජ් හෝටලයේදී බෝම්බය පුපුරුවා ගැනීම අවසන් මොහොතේ නතර කළාය කියලා චෝදනාවක් තියෙනවා. මේ ජමීල් මොහොමඩ්ගේ ටාජ් හෝටලයේ පුපුරුවා නොගත් බෝම්බය පිළිබඳ සම්පූර්ණ කතාව වෙනම පරිච්ඡේදයකින් විස්තර කරනවා.

 

ඒ වගේම කුමන්ත්‍රණ න්‍යායන් වල කියවෙන සාරා ජස්මින්, ජමීල් මොහොමඩ්, අබු හින්ද්, සොනික් සොනික්, නවුෆර් මොහොමඩ් නොහොත් නවුෆර් මවුලවි, පොඩි සහරාන් ඇතුළු නොකී සියලුම කුමන්ත්‍රණ න්‍යායන් වල කියවෙන චරිත පිළිබඳ පැහැදිලි විස්තරයක් මේ ග්‍රන්ථයේ සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි, පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව, ඇමෙරිකාව හෝ ඊශ්‍රායලය සිටියාද කියන කාරණයත් මේ ග්‍රන්ථය සාකච්ඡා කරනවා. කොටින්ම කියනවා නම් පාස්කු ප්‍රහාරය පිළිබඳ තිබෙන්නා වූ සියලුම කුමන්ත්‍රණ න්‍යායන් වලට මේ ග්‍රන්ථයෙන් පිළිතුරු සැපයෙනවා.

 

පාස්කු ප්‍රහාරයෙන් පසු දළදා පෙරහැරට දෙවන ප්‍රහාරයක් සැලසුම් කරලා

ඒ වගේම පාස්කු ප්‍රහාරය කළේ 2019 අප්‍රේල් මාසේ 21 වැනිදා. ඒ වසරේම අගෝස්තු මාසයේ දළදා පෙරහැරට දෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට සහරාන්ලා සැලසුම් කරලා තිබුණා. මේ අයගේ සැලැස්ම වෙලා තිබුණේ පියවර දෙකකින් දළදා පෙරහැරට ප්‍රහාර එල්ල කරන්න. ඒක කරන දිනය ලෙස තෝරාගෙන තිබුණේ වැඩිම සෙනඟක් සහභාගී වෙන අවසාන රන්දෝලි පෙරහැර. මේ පෙරහැරට පහර දෙන්නේ පියවර දෙකකින්. පළවෙනි පියවරේදී තැනින් තැන බෝම්බකරුවන් කීපදෙනෙක් මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගන්නවා. ඒ බෝම්බ පිපිරීමෙන් තුවාල ලබන අය රෝහල් වලට ගෙන යද්දී රෝහල් ඉදිරිපිට ලොකු සෙනඟක් රොක් වෙලා ලොකු තදබදයක් ඇති වෙනවා. අන්න ඒ අවස්ථාවේදී මිනිස් බෝම්බ, වාහන බෝම්බ කියන දෙආකාරයේම බෝම්බ පුපුරුවාගෙන ඒ රෝහල් ගාවට රොක් වෙන ජනතාව සහ තුවාලකරුවන්වත් වැඩිම විනාශයක් කරන්න සැලසුම් කරලා තිබුණේ.

මොහොමඩ් හෂීම් මොහොමඩ් රිල්වාන්

මේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට භාර වුණේ සහරාන්ගෙන් පස්සේ IS ශ්‍රී ලංකා සංවිධානයේ නායකයා විදිහට පත් කරපු මොහොමඩ් හෂීම් මොහොමඩ් රිල්වාන්. මොහොමඩ් රිල්වාන්ට දෙවන ප්‍රහාරය පිළිබඳ සහරාන් මිය යාමට කලින් දවසේ සම්පූර්ණ උපදෙස් දුන්නා විතරක් නෙවෙයි, ඒ ප්‍රහාරයට කලින් 'හේතු පාඨ' කියලා වීඩියෝවක් හදන්නත් උපදෙස් දීලා, තමන් පාස්කු ප්‍රහාරය පිළිබඳ කරපු වීඩියෝවේදී ඇඳගෙන හිටපු කළු පාට ඇඳුම් ටිකත් ඒ වීඩියෝවේදී අඳින්න රිල්වාන්ගේ අතට භාර දෙනවා.

හැබැයි පාස්කු ප්‍රහාරයෙන් දවස් පහකට පස්සේ ඒ නිවසේ අය සැක කටයුතුයි කියලා ප්‍රදේශයේ ජනතාව හමුදාවට සහ පොලිසියට කියලා ගේ වට කරනවා. ඒ අවස්ථාවේ සයිනමරුදු වලදී රිල්වාන් බෝම්බ පුපුරුවාගෙන මරණයට පත් වෙනවා. එහෙම නොවී 2019 අගෝස්තු මාසයේ අවසාන රන්දෝලි පෙරහැරට දෙවන ත්‍රස්ත ප්‍රහාරය රිල්වාන්ගේ නායකත්වයෙන් සිදු වුණා නම් දස දහස් ගණන් මිය ගිහින්, ඇමෙරිකාවේ 9/11 ප්‍රහාරය ඉක්මවා ගිය ලෝක ඉතිහාසයේ සිදු වුණු දැවැන්තම ත්‍රස්ත ප්‍රහාරය බවට දළදා පෙරහැරට එල්ල වීමට නියමිතව තිබුණු ත්‍රස්ත ප්‍රහාරය පත්වීමට නියමිතව තිබුණා.

 

පාස්කු ප්‍රහාරය පිළිබඳ මෙතෙක් හෙළි නොවුණු රහස් සහ ලේඛන ගණනාවක් මෙම ග්‍රන්ථයෙන් හෙළිදරව් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවෙයි, සහරාන්ට අනුග්‍රහය දක්වපු දේශපාලකයෝ කවුද, සහරාන්ට වෙනත් ආකාරයකින් උදව් කරපු පුද්ගලයෝ කවුද කියලා සාක්ෂි සහිතව මේ ග්‍රන්ථය හෙළිදරව් වෙනවා.

 

ඒ වගේම ශ්‍රී ලංකාවට දන්ත ධාතූන් වහන්සේ වැඩම කරපු හේමමාලා කුමරිය ප්‍රාදේශීය පාලිකාවක් වශයෙන් හිටිය බවත් අපි අහලා තිබ්බේ නැහැ. නමුත් මඩකලපුව ප්‍රදේශයේ හේමමාලා කුමරියට පිළිම ඉදිකර තිබෙනවා. ඒ හේමමාලා කුමරියගේ පිළිමයකට සහරාන්ලාගේ වහාබ්වාදීන් ප්‍රහාරයක් එල්ල කිරීම ගැනත් විස්තරාත්මක කතාවක් මේ පොතේ අඩංගු වෙනවා.

''සහරාන්ලා මිය ගියත් IS ශ්‍රී ලංකා සංවිධානය, IS වරු අදටත් ක්‍රියාත්මකයි''

සහරාන්ලා මිය ගියත් IS ශ්‍රී ලංකා සංවිධානය, IS වරු අදටත් ක්‍රියාත්මකයි. 'මහ මොළකරුවෙක්' සොයමින් අපි අවුරුදු හතක් නාස්ති කළා මිස ඉස්ලාම් අන්තවාදීන්, වඩාත් නිවැරදිව කිව්වොත් වහාබ්වාදීන් පුනරුත්ථාපනය කරන්න, අන්තවාදය පැතිරෙන එක නතර කරන්න පහුගිය වසර හතට කිසිම පියවරක් අරගෙන නැහැ. එහි ප්‍රතිඵලයක් විදිහට අද වන විට ශ්‍රී ලංකාව තුළ වහාබ්වාදය වයිරසයක් වගේ වේගයෙන් පැතිරෙමින් තිබෙනවා.

කොටි ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කළා වගේම මේ වහාබ්වාදීන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සකස් කළත්, එවකට ඉතාම ප්‍රබල තත්වයක හිටිය පූජකවරයෙකුගේ මැදිහත්වීමෙන් ඒ පුනරුත්ථාපන වැඩසටහන නතර වෙනවා. ඒ පූජකවරයා ආණ්ඩුවට කියන්නේ සහරාන්ගේ කණ්ඩායමට ලැබිය යුත්තේ දඬුවම් මිස පුනරුත්ථාපනය නොවෙයි කියලා. එහි ප්‍රතිඵලයක් විදිහට සහරාන් යටතේ ත්‍රස්තවාදීන් බවට පත්වීමට පුහුණුව ලැබූ 'මිනිස් බෝම්බ 300ක්' විතර අදටත් අපේ සමාජයේ නිදහසේ සැරිසරමින් ඉන්නවා.

ඒ නිසා නුදුරු අනාගතයේම තවත් පාස්කු ප්‍රහාරයක් අපේ රටේ සිදු නොවෙන්න ගත යුතු පියවර මොනවාද කියන එක මේ පොතේ අවසාන පරිච්ඡේදයෙන් සාකච්ඡා කරනවා. ඒ නිසා මේ ග්‍රන්ථය එළිදක්වන දිනය වන මාර්තු 31 වැනිදායින් අපේ රටේ අවුරුදු හතක් පුරා ප්‍රබලම සමාජ කතිකාවත බවට පත්වුණු 'පාස්කු මහ මොළකරු කවුද?' කියන ප්‍රශ්නය, සංවාදය මාර්තු 31න් අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය:
"ඔබතුමා මේ පාස්කු ප්‍රහාරය ගැන ලොකු විස්තරයක් කිව්වා. ඇයි ඔබතුමා මේ තොරතුරු ආරක්ෂක අංශවලට දැනුම් දෙන්නේ නැතුව ඔබතුමා සතුව විතරක් තියාගෙන ඉන්නේ?"


පිළිතුර:
"මම කිව්වා පසුගිය වසර එකහමාර තුළ මම කරපු පර්යේෂණයක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ තොරතුරු සොයාගත්තේ කියලා. ඉතින් මම ආරක්ෂක අංශවලට විතරක් නෙවෙයි, මොකද මගේ පොතේ හැටියට නම් පොලිසියේ ප්‍රබල මහත්වරු මේ පාස්කු ප්‍රහාරය පිටුපස හිටියා. ඒ නිසා පොලිසියට තොරතුරු දීලා වැඩක් නැහැ. මම මුළු රටටම තොරතුරු දෙනකොට පොලිසියත් දැනගන්නවා, මුළු රටම දැනගන්නවා. මම පර්යේෂණය කළේ පහුගිය වසර එකහමාර තුළ. ලැබුණු තොරතුරු සියල්ල මිලියන 22ටම කියනවා. ඇයි ඉතින් පොලිසියට විතරක් කියලා නිකන් ඉන්නේ?"

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් මාර්තු 31 රටට හෙළිකරනවා | ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් | The Leader