චීනය වරායවල් සහ හයිවේ හදද්දී, ඉන්දියාව ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර තමන්ගේ පැත්තට හරවා ගනී.
ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම්, බලශක්ති සහ තාක්ෂණික ක්ෂේත්‍රවල චීන සමාගම් දැවැන්ත ආධිපත්‍යයක් පතුරුවාගෙන සිටින පසුබිමක, මෙරට වාණිජ ක්ෂේත්‍රය තුළ තමන්ගේ බලය තහවුරු කරගැනීම සඳහා ඉන්දියාව අලුත් ආර්ථික මෙහෙයුමක් දියත් කර තිබේ. චීනයේ මහා පරිමාණ ව්‍යාපෘති උපායමාර්ගයට (Large-scale infrastructure strategy) වෙනස්ව, ඉන්දියාව මෙවර ලංකාවේ වෙළෙඳපොළ ආක්‍රමණය කිරීමට සැරසෙන්නේ සෘජු ආයෝජන සහ දේශීය ව්‍යාපාරික ජාලයන් තමන් සතු කරගනිමිනි.
චීන ආධිපත්‍යය බිඳීමේ ‘B2B’ මෙහෙයුම
ලංකා වාණිජ මණ්ඩලය සහ ඉන්දු-ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය ඒකාබද්ධව සංවිධානය කළ විශේෂ ව්‍යාපාරික හමුවක් පසුගිය ජූලි 8 සිට 10 දක්වා කොළඹදී පැවැත්විණි.
ඉන්දීය දූත පිරිස:
ඉන්දීය අපනයන සංවිධාන සම්මේලනය (FIEO) නියෝජනය කරමින් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් 31 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මීට එක් විය.
ඉලක්කගත ක්ෂේත්‍ර:
සාම්ප්‍රදායික වෙළෙඳ ගනුදෙනුවලින් ඔබ්බට ගොස් ලංකාවේ ඖෂධ (Pharmaceuticals), ඉංජිනේරු නිෂ්පාදන, ඇඟලුම්, කෘෂිකාර්මික තාක්ෂණය සහ ආහාර සැකසුම් යන අංශවල ඒකාබද්ධ ව්‍යාපාර ඇරඹීම මෙහි ප්‍රධාන අරමුණ විය.
චීන යෝධයාට එරෙහි ඉන්දීය විකල්පය
පසුගිය දශකය පුරාම චීන වරාය ඉංජිනේරු සමාගම (CHEC) වැනි බෙයිජිං හිතවාදී සමාගම් ලංකාවේ වරාය, මහාමාර්ග සහ බලශක්ති ක්ෂේත්‍රවල ප්‍රධාන කොටස්කරුවන් බවට පත් විය.
කවුන්ටර් ප්‍රහාරය:
ඉන්දියාව මෙම චීන බලපෑම සමබර කිරීමට (Counterbalance) උත්සාහ කරන්නේ මහා පරිමාණ ණය ව්‍යාපෘති හරහා නොව, සේවා, නිෂ්පාදන සහ තාක්ෂණික හවුල්කාරිත්වයන් මගිනි.
SME වෙළෙඳපොළ ඇල්ලීම:
ජාත්‍යන්තර වෙළෙඳපොළට සෘජුවම යා නොහැකි ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර (SMEs) ඉන්දීය ව්‍යාපාරික ජාලය සමඟ බද්ධ කිරීම මෙමඟින් සිදු කෙරේ. විශේෂයෙන්ම ලංකාව දැඩි ලෙස පිටරටින් ගෙන්වන ඖෂධ මත යැපෙන බැවින්, ඉන්දීය ඖෂධ සමාගම්වලට ලංකාව තුළ නව නිෂ්පාදන කලාප ඇරඹීමට මෙයින් විශාල අවස්ථාවක් හිමි වේ.
ලංකාව මේ වන විට තනි බාහිර පාර්ශවයක් මත යැපෙනවා වෙනුවට කලාපීය බලවතුන් අතර තරඟකාරීත්වයක් (Competition among investors) ඇති කිරීමට උත්සාහ කරයි. කොළඹ ක්‍රියාත්මක වන චීන සමාගම්වල දැඩි තරඟය සහ දේශීය රෙගුලාසි මැද ඉන්දීය සමාගම්වලට මෙම ආයෝජන ස්ථාවර කරගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවනු ඇත. ඉදිරි සති කිහිපය තුළ මෙම B2B සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය සහ ශ්‍රී ලංකා ව්‍යාපාරිකයින් ඒකාබද්ධව මෙරට ඖෂධ සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නව ව්‍යාපෘති 5ක් සඳහා වන මූලික අවබෝධතා ගිවිසුම් (MoUs) අත්සන් කිරීමට නියමිතය.
(සටහන | සම්පත් ධීරසේකර )
මුලාශ්‍රය :
Indian Enterprises Seek Strategic Space Amid China’s Sri Lanka Dominance




