The Leader News
BREAKING
Top Ad
පුවත්

හෙළ නර්තන රැජිනියගේ භස්මාවශේෂ සුසානඝරය නිරාවරණය කෙරේ

T

The Leader Desk

April 9, 2025 • 4:23 AM

හෙළ නර්තන රැජිනියගේ භස්මාවශේෂ සුසානඝරය නිරාවරණය කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හෙළ නර්තන කලාව එලෙසින්ම සුපෝෂණය කරමින් සුවහසක් නර්තන ශිල්පීන් ලොවට දායාද කළ කලාශූරී, විශ්ව කලා කීර්ති, කලාභූෂණ, දේශමාන්‍ය, රැජිනි සෙල්වනායගම් මැතිණිය අභාවප්‍රාප්ත වූයේ මීට වසර එකහමාරකට ඉහත දී ය.
  • ප්‍රවීණ නර්තනාචාරිනී ආචාර්ය මිරැන්ඩා හේමලතා සහ ප්‍රවීණ නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහ යන දෙපළ ප්‍රධාන ගුණානුස්මරණ දේශනා පවත්වන ලදී.
  • නර්තන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවති එම චාම් උත්සවය සංවිධානය කර තිබුණේ ආදි ශිෂ්‍ය එකමුතුව, චාමර කලා නිකේතනයේ ආචාර්ය මණ්ඩලය සහ සිසුසිසුවියන් සමග පවුලේ ඥාතීන් ය.
අකුරු ප්‍රමාණය (Font Size):


හෙළ නර්තන කලාව එලෙසින්ම සුපෝෂණය කරමින් සුවහසක් නර්තන ශිල්පීන් ලොවට දායාද කළ කලාශූරී, විශ්ව කලා කීර්ති, කලාභූෂණ, දේශමාන්‍ය, රැජිනි සෙල්වනායගම් මැතිණිය අභාවප්‍රාප්ත වූයේ මීට වසර එකහමාරකට ඉහත දී ය.

නර්තන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවති එම චාම් උත්සවය සංවිධානය කර තිබුණේ ආදි ශිෂ්‍ය එකමුතුව,  චාමර කලා නිකේතනයේ ආචාර්ය මණ්ඩලය සහ සිසුසිසුවියන් සමග පවුලේ ඥාතීන් ය.

සම්මානිත චිත්‍ර ශිල්පී සුදත් අබේසේකරගේ නිර්මාණයක් වන මෙම සුසානඝරය බොරැල්ල කනත්තේ දේවිබාලිකා පාසල පසින් පිහිටා තිබේ.

ප්‍රවීණ නර්තනාචාරිනී ආචාර්ය මිරැන්ඩා හේමලතා සහ ප්‍රවීණ නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහ යන දෙපළ ප්‍රධාන ගුණානුස්මරණ දේශනා පවත්වන ලදී. චන්දන හේරත්, නිහාල් පෙරේරා, ජගත් ගුණවර්ධන, ඕෂද කරුණරත්න, කණිෂ්කා අබේසේකර යන අය ද අදහස් දැක්වූහ.

ආගමික කටයුතු සිදුවුණේ කොලොන්නාව රජමහා විහාරයේ විහාරාධිපති කොළොන්නාවේ ධම්මික ස්වාමින්න් වහන්සේගේ ප්‍රධානත්වයෙනි.

 

selwanayagam

selwanayagam 2

selwanayagam 3

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...