ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
ඒ අනුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව පසුගිය කාලසීමාව පුරා අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (25) දිනයේදී නැවතත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුවේ නවතම වාර්තාවන්ට අනුව, අද (25) දින අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 326.01ක් ලෙස සටහන් වූ අතර එහි විකිණුම් මිල රුපියල් 336.42ක් ලෙස දක්වා ඇත.
පසුගිය සිකුරාදා දින වාර්තා වූ අගයන් හා සැසඳීමේදී රුපියලේ අගය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. පසුගිය සිකුරාදා අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 342.63ක් සහ විකිණුම් මිල රුපියල් 354.03ක් ලෙස සටහන්ව තිබුණි.
අනෙකුත් ප්‍රධාන විදේශීය මුදල් ඒකකවල අගයන් ද මහ බැංකුව ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ අනුව ස්ටර්ලිං පවුමක ගැනුම් මිල රුපියල් 439.17ක් සහ විකුණුම් මිල රුපියල් 454.69ක් ලෙස සටහන්ව ඇත.
යුරෝවක ගැනුම් මිල රුපියල් 378.64ක් සහ විකුණුම් මිල රුපියල් 392.89ක් ලෙස වාර්තා වේ.
මීට අමතරව, මැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා වැදගත් වන විනිමය අනුපාතිකයන් ද මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම අගයන් ගණනය කර ඇත්තේ පෙර දින අමෙරිකානු ඩොලරයේ බර තැබූ සාමාන්‍ය අනුපාතිකය පදනම් කරගනිමින් බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
(සටහන | ජේ.මුණසිංහ)




