මහනුවර ලූම්බිණි රාජකීය විදුහලේ විදුහල්පතිවරයාට ආණ්ඩුවේ ප්‍රාදේශීය දේශපාලනඥයකු විසින් සිදු කළ පහරදීම දිවයිනේ ප්‍රමුඛතම ගුරු

සංගමයක් විසින් හෙළා දැක තිබේ.

ලංකා ගුරු සංගමය පවසන්නේ ඩබ්.එම්. ජයන්ත බණ්ඩාර විදුහල්පතිවරයාට පහර දී ඇත්තේ හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්.ඒ. ආනන්ද ජයවිලාල් බවයි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්ගේ අත්සනින් යුතුව ජුනි 12 සිකුරාදා නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනයක දැක්වෙන පරිදි සභාපති  ඩබ්.ඒ. ආනන්ද ජයවිලාල් යනු පොදුජන පෙරමුණ නියෝජනය කරන්නෙකි.

මහනුවර ලූම්බිණි රාජකීය විදුහලේ විදුහල්පති ඩබ්.එම්. ජයන්ත බණ්ඩාර තම ප්‍රදේශයේ මාර්ග අවහිරතාවයක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ජුනි 11 බ්‍රහස්පතින්දා  හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවට ගිය අවස්ථාවේදී සභාපති ඩබ්.ඒ. ආනන්ද ජයවිලාල් විසින් ඔහුට පහර දී ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

"මේ සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසියට සීඅයිබී 200/189 අංකයෙන් 2020.06.11 දින පැමිණිලි කර ඇති අතර පහරකෑමට ලක්වූ විදුහල්පතිවරයා මහනුවර මහ රෝහලේ 10 වාට්ටුවේ ප්‍රතිකාර ලබයි."

ප්‍රදේශයේ පවතින ගැටලූවක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ගිය විදුහල්පතිවරයාට මෙසේ පහරදීමෙන් පැහැදිලි වන්නේ මෙම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ජනතා ගැටලූවලට පිළිතුරු සපයන්නේ තම දේශපාලන බලයෙන් හා මැර බලයෙන් බවට චෝදනා කරන ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් මෙම පහරදීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස  පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් ද කර තිබේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්