The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
පුවත්

වෙසක් සමාවෙන් සිරකරුවන් 33කට නිදහස; හිටපු බන්ධනාගාර කොමසාරිස් උපුල්දෙනිය තවමත් ගෙදර

T

The Leader Desk

May 30, 2026 • 4:27 AM

 වෙසක් සමාවෙන් සිරකරුවන් 33කට නිදහස; හිටපු බන්ධනාගාර කොමසාරිස් උපුල්දෙනිය තවමත් ගෙදර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම පියවර ගෙන ඇත.
  • බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් ඒ.
  • ගජනායක සඳහන් කළේ මෙම විශේෂ සමාව යටතේ සුදුසුකම් ලැබූ රැඳවියන් අතුරින් 33 දෙනෙකු අද (30) දිනයේදීම බන්ධනාගාරවලින් නිදහස් කිරීමට නියමිත බවයි.
  • ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මේ පිළිබඳව රජයේ නිලධාරීන් වෙත විශේෂ අනතුරු ඇඟවීමක් සිදු කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම පියවර ගෙන ඇත.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් ඒ. සී. ගජනායක සඳහන් කළේ මෙම විශේෂ සමාව යටතේ සුදුසුකම් ලැබූ රැඳවියන් අතුරින් 33 දෙනෙකු අද (30) දිනයේදීම බන්ධනාගාරවලින් නිදහස් කිරීමට නියමිත බවයි.


තුෂාර උපුල්දෙනියගේ සේවය අත්හිටුවීම පිළිබඳ ආන්දෝලනය


මේ අතර, පසුගිය වෙසක් දින උත්සව සමයේදී ජනාධිපති සමාව ලබාදීමේ ක්‍රියාවලියකට අදාළව එල්ල වූ චෝදනා හේතුවෙන් වැඩ තහනමකට ලක්ව සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය ට මෙතෙක් සේවය අහිමිව පැවතීමේ සිදුවීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.

ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මේ පිළිබඳව රජයේ නිලධාරීන් වෙත විශේෂ අනතුරු ඇඟවීමක් සිදු කළේය. එහිදී ඔහු කියා සිටියේ, තමන්ට සිදු වූ අසාධාරණය වෙනුවෙන් උපුල්දෙනිය අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු වූ බවත්, ඔහුව නැවත සේවයේ පිහිටුවන ලෙස අධිකරණය නියෝග කර තිබූ බවත්ය.

කෙසේ වෙතත්, අධිකරණ තීන්දුව ලබා දී තිබියදීත් වගකිවයුතු නිලධාරීන් මෙතෙක් ඔහුව සේවයේ පිහිටුවීමට පියවර ගෙන නොමැති බව හිටපු අමාත්‍යවරයා චෝදනා කළේය. දේශපාලන අධිකාරිය කුමන උපදෙස් ලබා දුන්නද, අධිකරණ නියෝගයක් පැහැර හැරීමේ අවසාන නීතිමය වගකීම රාජ්‍ය නිලධාරීන් වෙතම පැවරෙන බවද ඔහු එහිදී අවධාරණය කළේය. 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වෙසක් සමාවෙන් සිරකරුවන් 33කට නිදහස; හිටපු බන්ධනාගාර කොමසාරිස් උපුල්දෙනිය තවමත් ගෙදර | The Leader