leader s

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියාගේ නිරීක්ෂණයට පසුදා කැණීම් නැවත ආරම්භ කළ ශ්‍රී ලංකාවේ මෑතදීම හමුවූ සමූහ සුසානයෙන් තවත් දරුවකුගේ ඇටසැකිල්ලක් ඇතුලු සිරුරු තුනක් පාදාගෙන තිබේ.

තෙවැනි අදියරේ කැනීම් කටයුතු ආරම්භ කළ පළමු දිනය වන ජුනි 26 වැනිදා සිද්ධුපත්ති සමුහ සුසානයෙන් පාදා ගත් ඇටසැකිලි තුනෙක් ඇටසැකිලි දෙකක් ගොඩ ගත් බවයි කැනීම් කටයුතු නිරීක්ෂණයේ යෙදී සිටින නීතිඥ වී. එස්. නිරන්ජන් පවසන්නේ.

"අද දින කැණීම් කටයුතු වලදී අලුතින් මිනිස් ඇටසැකිලි තුනක් හඳුනා ගත්තා. දරුවෙකුගේ හිස් කබල සහිත ඇටසැකිල්ල සහ තවත් දෙදෙනෙකුගේ ඇටසැකිලි හඳුනා ගත්තා. දරුවාගේ සහ තවත් ඇටසැකිල්ලක් ගොඩට ගත්තා."
මුල්‍ය ප්‍රතිපාදන නොමැති කමින්,  යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත ජුනි 07 වැනිදා චෙම්මනියේ සිද්ධුපත්ති සමූහ සුසානයේ දෙවැනි අදියරේ කැනීම් කටයුතු තාවකාලිකව නතර කරන විට පුද්ගලයන් 19 දෙනකුට අයත් අස්ථි ගොඩගෙන තිබුනි.
ඒ අතර වසය මාස 10 ට අඩු දරුවන් තිදෙනකුගේ  අස්ථි ද වන බවයි කැනීම් කටයුතු මෙහෙයවන වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා තිබුනේ.

මේ වනවිට චෙම්මනි සමූහ මිනීවලෙන් ගොඩගෙන ඇති සිරුරු ගණන 21කි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් යාපනයේ චෙම්මනි, සිද්ධුපත්ති සමුහ සුසානය අසල දී ජුනි 25 වැනිදා ප්‍රකාශ කර තිබුනේ සමුහ මිනි වල සම්බන්ධයෙන් සත්‍යය හෙළි කිරීමට සමත් අධිකරණ වෛද්‍ය විශේෂඥතාවක් ඇති ස්වාධීන විශේෂඥයන් විසින් මෙහෙයවන පුළුල්, ශක්තිමත් පරීක්ෂණයක් අවශ්‍ය බවයි.

"සමූහ මිනීවල සම්බන්ධයෙන්  කළ යුතු දෙය වන්නේ, සත්‍යය හෙළි කිරීමට සමත් අධිකරණ වෛද්‍ය විශේෂඥතාවක් ඇති ස්වාධීන විශේෂඥයන් විසින් මෙහෙයවන පුළුල්, ශක්තිමත් පරීක්ෂණ මගින් තමන්ගේ ආදරණීයයන් අතුරුදන් වූ පවුල්වල සාමාජිකයන්ගේ වේදනාවට හා දුකට අවසානයක් ලබා දීමයි,"

මාස එක හමාරක  කාලයක් අඛණ්ඩව සමූහ සුසානයේ කැනීම් කටයුතු කරගෙන යෑමට සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාවලිය කඩිනමින් සිදු කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ.ආනන්දරාජා 2025 ජුනි 06 වැනිදා යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ට උපදෙස් ලබා දී තිබුනි.

ඒ සදහා යෝජිත මුදල්  ඇස්තමේන්තුව අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන් විසින් ජුනි 07 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ නමුත් එම  මුදල කොපමණදැයි මේ වන තෙක් ජනමාධ්‍යයට හෙලි කර නැත.
කැනීම් කටයුතු නිරීක්ෂණයේ යෙදී සිටින නීතිඥ වී. එස්. නිරන්ජන්  ජුනි 26 වැනිදා මාධ්‍යවේදීන් හමුවේ පවසා ඇත්තේ ඉදිරිපත් කළ ඇස්තමේන්තුව සදහා අනුමැතිය ලැබී ඇති නමුත් මේ වන තෙක් මුදල් ලැබී නොමැති බවයි.
ලබන සඳුදා දිනයේ අනුමත මුදල් ලැබෙනු ඇති බවට වන සහතිකය මත සමුහ සුසානයේ තෙවැනි අදියරේ කැනීම් කටයුතු ආරම්භ කළ බව ඔහු වැඩි දුරටත් සදහන් කර තිබේ.
 
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil