පොලුවලින් තලා බන්ධනාගාර නිලධාරින් විසින් තරුණ රැඳවියකු මරා දමන ලද බවට අධිකරණය හමුවේ  අනාවරණය කර ඇති

ඇසින් දුටු සාක්ෂියක් යට ගැසීමට උත්සාහ කරන බවට  බන්ධනාගාර නිලධාරීන් වෙත  චෝදනා එල්ල වී තිබේ.

 සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින දිවයිනේ ප්‍රමුඛතම සංවිධානයක් චෝදනා කරන්නේ මහර බන්ධනාගරයේ නිලධාරින් විසින් කාවින්ද ඉසුරු තරුණ රැදවියාට පහරදී මරා දැමීමෙන් පසු සිද්ධිය ඇසින් දුටු බවට විවෘත අධිකරණය හමුවේ සාක්ෂි ලබා දී ඇති රැඳවියා පොලොන්නරුව බන්ධනාගාරය වෙත මාරුකර යැවීමට බලධාරින් කටයුතු කර ඇති බවයි.

 සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ සේනක පෙරේරා, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) වෙත පවසා ඇත්තේ  එම රැඳවියා වෙනත් බන්ධනාගාරයකට මාරුකර යැවීමට බලධාරින් ක්‍රියා කර ඇත්තේ  මෙම අපරාධය යටපත් කිරීමේ අරමුණින්ම බවයි.

 

නිලධාරින් පොලුවලින් ගහනවා දැක්ක රැඳවියා:

 "කවිඳුට මහර බන්ධනාගාරයේ නිලධාරින් පොලුවලින් ගහනවා දැක්ක රැඳවියාගෙන් ඒ සම්බන්ධව දිවුරුම් පෙත්සමක් ලබා ගන්න මම පොලොන්නරුව බන්ධනාගාරයට ගියාම ඒ බන්ධනාගාරයේ නිලධාරින් මට කිවුවා ඉහළින් ඕඩරයක් ඇවිත් තියෙනවා ඒ නිසා දිවුරුම් පෙත්සමක් ගන්න ඒ රැඳවියාව හමුවෙන්න ඉඩ දෙන්න බැහැ කියලා.”

ඊට පසු ඔහු රන්දවියාගෙන් ප්‍රකාශයක් ගැනීමට අවසර ලබෑ ඇත්තේ  වත්තල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කිරීමෙන් අනතුරුවයි. සාක්ෂියේ වැදගත්කම  සලකා සාක්ෂිකාර රැඳවියාට සියළු ආරක්ෂාව සපයන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවද නීතිඥ සේනක පෙරේරා JDS වෙත වැඩි දුරටත් පවසා තිබේ.

ඉන් අනතුරුව ජුනි 19 සිකුරාදා , වත්තල මහේස්ත්‍රාත්, බුද්ධික සී රාගල  හමුවේ සාක්ෂි දෙමින් සිද්ධිය සියැසින් දුටු රැඳවියා පවසා ඇත්තේ මියගිය කවිඳු ඉසුරු තිසේරාට මහර බන්ධනාගරයේ ජේලර්වරුන් කිහිප දෙනකු විසින් "තේ පොල්ල" නමින් හඳුන්වන දිගු පොලුවලින් පහර දීමෙන් පසුව ඔහු මිය ගිය බවයි.

KAruwathiසිරගෙදරින් පැන යාමට තැත් කිරීමේදී  මහර බන්ධනාගාරයේ තාප්පයෙන් ඇද වැටී මැයි 3 දින  කාවින්ද ඉසුරු තරුණ රැදවියා මියගිය බවට බලධාරීන් මෙන්ම පශ්චාත් මරණ පරික්ෂණය පවත්වන ලද උතුරු කොළඹ (රාගම) මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරුන් පැවසුවත් ඔහුගේ දෙමාපියන් පසුගියදා මානව හිමිකම් කොමිසටම පැමිනිලි  කර තිබුනේ  කුසගින්නේ සිටි තම පුතුනුවන්ට වධහිංසා පමුණුවා ඝාතනය කර ඇති බවටයි.

සිය පුතුගේ මරණය පහරදීමකින් සිදු කරන ලද්දක් බව පවසන ආර්.එම් කරුණාවතී මාතාව මීට ඉහතදී කියා  තිබුනේ  ඔහුගේ අත් පා කඩා දමා තිබු බවයි.

"මට කියන්න තියෙන්නේ මගේ පුතාට ගහලා තමයි මරලා තියෙන්නේ. අපි උදේ බලන්න යනකොට එයා ලේ පෙරෙනවා ඔලුව පිටිපස්සේ ලොකු තුවාලයක් තිබුනා. කකුල් කඩලා තිබුනා. අත මේ හරියෙන් ලොකුවට පුපුරලා තිබුනා. අත කඩලා තිබුනා."

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් ද සිල්වාත්  මීට  ඉහතදී  මාධ්‍ය වෙත කියා තිබුනේ   අමානුෂික වධ හිංසනයට ලක් කොට රැඳවියන් ඝාතනය “මෝස්තරයක් බවට” පත්වී ඇති බවයි.]

සබැඳි පුවත් :  

මහර හිරගෙදර දී තරුණ සිරකරුවකු මරා දැම්මේ ''තේ පොලු වලින් බැටදීලා''  

මහර බන්ධනාගාරයේදි මිය ගිය කාවින්දට යුක්තිය පමාවන ලකුණු!  

තරුණ රැඳවියකු මහර හිරගෙදරදී “අතපය කඩා මරා දාලා” ! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්