leader s

ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 29 වන සංවත්සරය සනිටුහන් කරන මේ මොහොතේ, ශ්‍රී ලංකාවේ සහ ලිතුවේනියා සම්බන්ධතාවය කාලයත් සමග පරිණත වී ඇති ආකාරය දැකීම සතුටට කරුණක් බවත්, 1996 දී විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවක් ලෙස ආරම්භ වූ දෙය විශ්වාසය, ගෞරවය සහ බෙදාගත් අභිලාෂ මත ගොඩනගා ඇති සැබෑ රාජ්‍ය තාන්ත්‍රික හවුල්කාරිත්වයක් බවට පරිවර්තනය වී ඇති බවත් ලිතුවේනියා තානාපතිනි ඩයනා මෙකැවෙසියන් සඳහන් කරන්නී ය.


ඇය මෙලෙස සඳහන් කරන්නී ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 29 වන සංවත්සරය සමරමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයකිනි.

එම මාධ්‍ය නිවේදනයේ ලිතුවේනියා තානාපතිනිය වැඩි දුරටත් මෙලෙස සඳහන් කරන්නී ය.

''අපි භූ ගෝලීය වශයෙන් කිලෝමීටර් දහස් ගණනක් දුරින් සිටිය හැකි නමුත්, අපගේ ජනතාව සහයෝගීතාවය, සොබාදහම මූලික කරගත් අන්‍යෝන්‍ය සංචාරක බැඳීම හා ඵලදායී හැකියාවන් හා අවස්ථාවන් නිරන්තරයෙන් බෙදා ගනු ලබන්නේ උණුසුම් සහෝදරත්වයකිනි. ලිතුවේනියානු බිමේ පිහිටි අපගේ නිවෙස්වල අඛණ්ඩව භුක්ති විඳින ලංකා තේ කෙරෙහි අපගේ බෙදාගත් ආදරයේ සිට, අපගේ රටවල් අතර සංචාරකයින්ගේ සහ සිසුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා ප්‍රවර්ධනය වන ප්‍රවාහය දක්වා, අපි සෑම වසරක ම එකිනෙකා ගැන වැඩි වැඩියෙන් අවධානය යොමු කරමින්, තව තවත් රාජ්‍ය තාන්ත්‍රික, සාමාජයික, සංස්කෘතික, තාක්ෂණික හා සංචාරක සොයා සබඳතා ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටිමු.''

මතු පළ වන්නේ ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 29 වන සංවත්සරය සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ පිහිටි ලිතුවේනියා රජයේ කොන්සාල් කාර්යාලය විසින් නිකුත් කරනු ලැබ ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.

Final Release Sinhala 29 Years of Diplomatic Relations between the Republic of Lithuania and the Demo page 0001Final Release Sinhala 29 Years of Diplomatic Relations between the Republic of Lithuania and the Demo page 0002Final Release Sinhala 29 Years of Diplomatic Relations between the Republic of Lithuania and the Demo page 0003Final Release Sinhala 29 Years of Diplomatic Relations between the Republic of Lithuania and the Demo page 0004

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්