'ශ්‍රී ලංකා ඩිස්ටිලරිස්' දේශීය මත්පැන් නිෂ්පාදන සමාගම සිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය එතනෝල් (පරිපාක ස්ප්‍රීතු) තොග

'රෝයල් කාස්ක්' ඉස්කාගාර සමාගමෙන් ලබාගැනීම සඳහා අනුමැතිය ඉල්ලා සුරාබදු කොමසාරිස්වරයාට දිගින් දිගටම ඉල්ලීම් කර ඇතත් මේවන තෙක් ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නැතැයි වාර්තාවේ.

ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධනට අයත් ශ්‍රී ලංකා ඩිස්ටිලරිස් සමාගම පසුගිය මැයි මස 20 වනදා ඒ සම්බන්ධයෙන්  කල ලිඛිත ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්, සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ. බෝදරගම පසුගිය ජුනි 02දා දැනුම් දී ඇත්තේ එම ඉල්ලීම ඉටුකළ නොහැකි බවයි. අවශ්‍ය පරිපාක ස්ප්‍රීතු තොග සෙවනගල හෝ පැලවත්ත ස්කාගරයන් ගෙන් ලබාගන්නා ලෙස සුරාබදු කොමසාරිස් වරයා වැඩිදුරටත් දැනුම් දී ඇත.

මේ අතර මුදල් අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න පසුගිය ජුනි 26 දා මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගලට දැනුම් දී ඇත්තේ, ශ්‍රී ලංකා ඩිස්ටිලරිස් සමාගමේ ඉල්ලීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙසයි.

කෙසේවුවද සුරාබදු දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසන්නේ, ජනාධිපතිවරයා විසින් පැලවත්ත සීනි සමාගමේ සභාපති ලෙස පත්කළ ජනක විමලචන්ද්‍ර විසින්, මෙරට මත්පැන් නිෂ්පාදනයට අවශ්‍ය ස්ප්‍රීතු තම ආයතනයෙන්ම ලබාගන්න ලෙස ජනාධිපති කාර්යාලය හරහා සිදුකරන බලපෑම් හමුවේ සුරාබදු කොමසාරිස්වරයා අසරණව සිටින බවයි.

ඉස්තරම් ම මත්පැන් නිෂ්පාදනය කරන සමාගම් පවසන්නේ, සෙවනගල හා පැලවත්තේ සමාගම් නිෂ්පාදනය කරන එතනෝල්වල ගුණාත්මකභාවයේ අඩුපාඩු තිබෙන බවය

 

එතනෝල් ආනයනය අත්හිටවූයේ ඇයි ?

ජනවාරි මස 01 වැනිදා සිට මුදල් අමාත්‍යාංශය එතනෝල් ආනයනය අත්හිටුවනු ලැබීය. ඒ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නියෝගයක් අනුවය. මෙම තහනම පැනවුයේ මත්පැන් නිශ්පාදනය සඳහා ආනයනය කරන එතනෝල් සඳහා පමණය. වෙනත් කාර්මික අවශ්‍යතා සඳහා ආනයනය කරන එතනෝල් අත්හිටුවූයේ නැත.

දේශීය වශයෙන් නිශ්පාදනය කරන එතනෝල් බහුල වීම මෙම අත්හිටුවීමට හේතුව බවද මුදල් අමාත්‍යාංශය කීවේය. එසේම එතනෝල් ආනයනය අත්හිටුවීම කොතෙක් කාලයකට යන්නද තවම නිශ්චිතව කියා නොමැත.

Janaka Nimalachandraශ්‍රී ලංකාවට එතනෝල් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට රජය ගත් තීරණය ඇතුළුව ශ්‍රී ලංකාවේ එතනෝල් නිෂ්පාදනය පිළිබඳ ලංකා සීනි සමාගමේ සභාපති, ජනක නිමලචන්ද්‍ර පුවත්පතක් සමග මෙසේ අදහස් දක්වා තිබිණ.

ප්‍රශ්නය :
එතනෝල් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට රජය ගත් තීරණය පිළිබඳ ඔබේ අදහස කුමක් ද?

ජනක :
එතනෝල් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම, ජනාධිපතිතුමා විධිමත්ව ගත් තීරණයක්. මේ තීරණය නිසා ශ්‍රී ලංකාවෙන් පිටරටට ගලායන මුදල් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ ඉතුරු කර ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන එතනෝල් රටේ අවශ්‍යතාවට ලබා දෙන්න පුළුවන්කම තිබෙද්දී විදේශ රටවලින් එතනෝල් ගෙන්වීම තේරුමක් නැති දෙයක්.

මේ තරම් කාලයක් මේක සුළු පිරිසකගේ වුවමනාවට කර ගෙන ගිය දෙයක් වුණත්, ඒකේ අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඒ නිසා එතනෝල් ආනයනය මුළුමනින්ම තහනම් කිරීම ජනාධිපතිතුමා ගත් තීරණ අතරින් විශිෂ්ටතම තීරණයක්.

ප්‍රශ්නය :
ඇතැම් පිරිස් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන එතනෝල්වල ගුණාත්මකභාවයේ අඩුපාඩු පිළිබඳ විවිධ ප්‍රකාශ ඉදිරිපත් කරනවා. ඇත්තටම ශ්‍රී ලංකාවේ නිපදවන එතනෝල්වල තත්ත්වය පිළිබඳ ගැටළු තිබෙනවාද ?

ජනක :
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන්නේ ගුණාත්මකභාවයෙන් ඉහළ එතනෝල්. එතනෝල් ආනයනය කිරීම තහනම් කිරීම වගේ තීරණයක් ගන්න කොට හැමදාමත් බොරු චෝදනා කරන පිරිස් ඉන්නවා. ඒ වගේ පිරිස් ශ්‍රී ලංකාවේ එතනෝල් බාලයි කියලා පාරිභෝගිකයන් වෝදනා කරනවා කියලා බොරු මැසිවිලි නගනවා.

''ලංකාවේ එතනෝල්වල ගුණාත්මකභාවයයේ ප්‍රශ්නයක් නැහැ''

ශ්‍රී ලංකාවේ තියන සමහර ප්‍රධාන පෙළේ එතනෝල් සමාගම් තමන්ගේ නිෂ්පාදනවලට 100% ක්ම යොදාගන්නේ ශ්‍රී ලංකාවේ එතනෝල්. ඒ වගේ සමාගම් කොහෙත්ම එතනෝල් ආනයනය කරන්නේ නෑ. ඉස්සර ආනයනය කළෙත් නෑ. ඉස්සර එතනෝල් ආනයනය කළේ දෙතුන් දෙනෙක්ගේ වුවමනාවට. ඒ අනුව ශ්‍රී ලංකාවේ එතනෝල්වල ගුණාත්මකභාවයයේ ප්‍රශ්නයක් නැහැ කියල පැහැදිලියි.

මිල ඉහළ ඇල්කොහොල් නිෂ්පාදකයින්ට තමයි විදේශවලින් එතනෝල් අවශ්‍ය වුණේ. 2016 දී ලංකා සීනී සමාගමෙන් නිපදවන එතනෝල්, ශ්‍රී ලංකාවේ ඉන්න ඇල්කොහොල් නිෂ්පාදකයින් අරගෙන තියනවා. ශ්‍රී ලංකාවේ ඉන්න ඇල්කොහොල් නිෂ්පාදකයන්, මේ වසරේදී ලංකා සීනි සමාගමෙන් නිපදවෙන එතනෝල් ලීටර් මිලියන 2.7 ක ප්‍රමාණයක් අරන් තියෙන්නේ.

මේක 2016 දී විතරක් තිබිච්ච ප්‍රශ්නයක් නෙමෙයි. 2013, 2014 වර්ෂවලත් මේ ප්‍රශ්නය තිබුණා. ශ්‍රී ලංකාවේ එතනෝල්වල යම් කිසි ගුණාත්මකභාවයේ ප්‍රශ්නයක් තියනවනම් 2016 වර්ෂයේදී වැඩි ප්‍රමාණයක් එතනෝල් මිලදී ගන්නත්, අද වෙන කොට මිලදී ගන්න ප්‍රමාණය අඩු වෙන්නත් විදිහක් නෑ.

''මේ තරම් කාලයක් ශ්‍රී ලංකාවේ එතනෝල් මිලදී ගත්තේ ඇල්කොහොල් නිෂ්පාදකයන් කියන ගාණට. ගිය වසරේ ලංකා රජයට සහ අදාළ ආයතනවලට එතනෝල් ලීටරයක් රු 290 කටවත් මිලදී ගන්න බැරි වුණා. ඒ හින්දා ගිය වසරේ එතනෝල් විකුණ ගන්න පුළුවන් වුණේ බැගෑපත් වෙලා. ඒ වුණත් අද රු 500 ක පාලන මිලක් දාලා තියනවා. පිටරටින් ආනයනය කරන විට එතනෝල් ලීටරය රු 1100 ක් වෙනවා. ශ්‍රී ලංකාවේ එතනෝල් ලීටරයක් රු 500යි.''

මේ තරම් කාලයක් ශ්‍රී ලංකාවේ එතනෝල් මිලදී ගත්තේ ඇල්කොහොල් නිෂ්පාදකයන් කියන ගාණට. ගිය වසරේ ලංකා රජයට සහ අදාළ ආයතනවලට එතනෝල් ලීටරයක් රු 290 කටවත් මිලදී ගන්න බැරි වුණා. ඒ හින්දා ගිය වසරේ එතනෝල් විකුණ ගන්න පුළුවන් වුණේ බැගෑපත් වෙලා. ඒ වුණත් අද රු 500 ක පාලන මිලක් දාලා තියනවා.

පිටරටින් ආනයනය කරන විට එතනෝල් ලීටරය රු 1100 ක් වෙනවා. ශ්‍රී ලංකාවේ එතනෝල් ලීටරයක් රු 500යි. එතනෝල් ව්‍යාපාරයේ නියැළී සිටින අය දන්නවා, එතනෝල් සම්බන්ධයෙන් වෙනමම ක්‍රියාදාමයක් ශ්‍රී ලංකාවේ සිදු වෙනවා කියලා.

ජනාධිපතිතුමා එතනෝල් ආනයනය නතර කරලා තියෙද්දී, අපෙනුත් එතනෝල් මිලදී ගන්නේ නැතුව සමහර ආයතන මාස 2-3 ක් තමන්ගේ නිෂ්පාදන කටයුතු කරගෙන ගියා. ඒ හින්දා මෙච්චර එතනෝල් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ආවේ කොහොම ද? කියන ප්‍රශ්නය මතු වෙනවා.

මේ ගැටලුවත් එක්ක තමයි ඇතැම් පාර්ශ්ව ශ්‍රී ලංකාවේ එතනෝල් ගුණාත්මකභාවයේ අඩුවක් තියනවා කියලා කියන්නේ. මේ වන කොට ශ්‍රී ලංකාවේ ඇල්කොහොල් නිෂ්පාදනය කරන සමාගම් බහුතරයක් අපෙන් එතනෝල් මිලදී ගන්නවා.

ප්‍රශ්නය :
දේශීය එතනෝල් නිෂ්පාදනය දියුණු කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපාන්නේ කෙසේ ද?

ජනක :
දේශීයව එතනෝල් නිෂ්පාදනය දියුණු කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සෘජුවම බලපානවා. පිටරටවලට ගලා ගෙන ගිය මුදල් රට තුළ ඉතුරු කරන්න පුළුවන් වෙනවා. රජයට සීනි කර්මාන්තය සඳහා යම් අඩුපාඩුවක් සිදුවීම අවම වීමක් සිදු වෙනවා. සීනි කර්මාන්තයේ ගුණාත්මකභාවය අපි හැමදාමත් වැඩි කරනවා. ශ්‍රී ලංකාවේ සීනි විදේශ වෙළෙඳපොළට යැවීමට සුදුසු අන්දමට වැඩි දියුණු කරනවා.

hand sanitizer''එතනෝල් භාවිතා කරලා කොවිඩ් -19 සඳහා Hand Sanitizer නිෂ්පාදනය කළා''

එතනෝල් භාවිතා කරලා කොවිඩ් -19 සඳහා Hand Sanitizer නිෂ්පාදනය කළා. ඒ වගේ වෙලාවක අපට ලංකා සීනි සමාගමෙන් Hand Sanitizer නිෂ්පාදනය කරලා රටේ පරිභෝජනයට ලබා දෙන්න පුළුවන් වුණා. දැනටමත් ශ්‍රී ලංකාවේ Hand Sanitizer නිෂ්පාදනය කරන සමාගම් 200 කට වැඩි ප්‍රමාණයක් සිටිනවා. ඔවුන්ටත් ගුණාත්මක භාවයෙන් වැඩි එතනෝල් ලබා දීලා කර්මාන්ත ක්ෂේත්‍ර බොහෝමයකට අපි උපකාර කරන්න බලාපොරොත්තු වෙනවා.

අපි එතනෝල් ඇල්කොහොල් නිෂ්පාදනයට පමණක් ලබා දෙන්නේ නැතුව වෙනත් ක්ෂේත්‍රවලටත් ලබා දෙන්න උපරිම සහයෝගය ලබා දෙනවා.

ප්‍රශ්නය :
පසුගිය වසරවලදී කිසිදු බලපත්‍රයක් නොමැතිව මහා පරිමාණයෙන් එතනෝල් ශ්‍රී ලංකාවට ගෙන්නුවා. ඉදිරියේදීත් එවැනි දේවල් සිදු වේවිද?

ජනක :
එහෙම කරන්න පුළුවන් කියලා මම නම් හිතන්නේ නැහැ. පසුගිය දවසක රමේශ් පතිරණ ඇමැතිතුමා ඒ ගැන මාධ්‍යයෙහි පැහැදිලිව සඳහන් කළා. ජනාධිපතිතුමා නැවතත් එතනෝල් ගෙන්වන්න දෙන්නේ නැහැ. රටේ නිෂ්පාදනය කරන සියලුම එතනෝල් අරගෙන, ඒවායේ මදි පාඩුවක් තිබුණොත් විතරක් නැවත ගෙන්වීම පිළිබඳව සලකා බලයි කියලා හිතනවා.

මම හිතන්නේ නැහැ දැන් තියන රාජ්‍ය යාන්ත්‍රණය තුළ චංවනික ආකාරයෙන් එතනෝල් ගෙන්වන්න ඉඩ දෙයි කියලා. ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු එතනෝල් ආනයනය තහනම් කිරීම පිළිබඳව කටයුතු කරන සියලුම අමාත්‍යවරුන් ලංකාවට ශ්‍රී එතනෝල් වංචනික ලෙස ගෙන්වනවාද කියලා දැඩි අවධානයෙන් ඉන්නවා.''

සබැඳි පුවත් :

එතනෝල් ආනයනය අත්හිටවූයේ හොරෙන් ගෙන්වන්නද?

එතනෝල් ආනයනය අත්හිටුවීම: ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට කළගුණ සැලකීමට ද?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්