හිටපු ඇමැති මංගල සමරවීර ඇතුළු කණ්ඩායම් සංවාදයට ලක්විය යුතු මාතෘකා යටපත් කොට, වෙනත් කරුණු හුවා දක්වමින් රට වෙනතකට ගෙනයාමේ උත්සාහයක යෙදී සිටින බව දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහ

ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසයි.

කොවිඩ් වසංගතයට මුහුණදීම සහ මැතිවරණය පැවැත්වීම වෙනුවට පෞද්ගලික බැංකු පටලවමින් ජාතිවාදය ඈඳාගැනීම, MCC ගිවිසුම ගැන කරන ප්‍රකාශ ඊට උදාහරණ ලෙස ඔහු පෙන්වා දෙයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (ජුනි 07 ) ජාතික සංවිධාන එකමුතුව කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

කාලයකට පෙර තිබූ ක්‍රිකට් තරගයක ප්‍රශ්නයක් මතුකර ගනිමින් හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ විසින් සිදුකරනු ලැබුවේ ද සංවාදයට ලක්විය යුතු මාතෘකා යටපත් කිරීමක් බවට ඔහු චෝදනා කළේය.

''කාලයකට පෙර තිබූ ක්‍රිකට් තරගයක ප්‍රශ්නයක් මතුකර ගනිමින් හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ විසින් සිදුකරනු ලැබුවේ ද සංවාදයට ලක්විය යුතු මාතෘකා යටපත් කිරීමක් බවට ඔහු චෝදනා කළේය.''

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මෙසේද පැවැසීය.

''ජනාධිපතිවරයා MCC ගිවිසුම අත්සන් කරනවා නම් ඒක දේශපාලන සියදිවි නසා ගැනීමක්.''

‘‘ඒ වගේම MCC ගිවිසුම ගැන පත්කළ කමිටුව ඉදිරිපත් කළ වාර්තාව සත්‍යයක්. ජනාධිපතිවරයාට ඒ ගිවිසුම අත්සන් කරන්න කිසිම අවස්ථාවක් නෑ. MCC ගිවිසුම අත්සන් කරන මානසිකත්වය ජනාධිපතිට තිබුණ නම් පාත්ෆයින්ඩර් වැනි ආයතනයක නියෝජිතයන් මේ කමිටුවට පත්කරන්නේ. ජනාධිපතිවරයා මේ ගිවිසුම අත්සන් කරනවා නම් ඒක දේශපාලන සියදිවි නසා ගැනීමක්.''

මෙම මාධ්‍ය හමුවේදී ආචාර්ය ගුණදාස අමරසේකර, නීතිඥ කල්‍යානන්ද තිරාණගම සහ වෛද්‍ය නිමල් කරුණාසිරි යන මහත්වරු අදහස් පළ කළේය.

වීඩියෝ 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image