''අපි ආදරේට කිව්වේ පැස්කා.


අපි කොළඹ සරසවියට ඇතුළු වෙන්නෙ මහා කුණාටුවකට පස්සේ  වසර 3 විරාමයකට පස්සේ.

කොළඹ සරසවි ඉතිහාසයේ පහළ වූ දුර්වලම උපකුලපතිවරයා යටතේ අපි සරසවියට ඇතුළු වෙන්නෙ 90 දශකය මුලදි.

සරසවි නිලවරණ සමය ඇරඹුණා. ඉන්ඩෝ ඇවිත් බොරු බේගල් ගොඩක් වේදිකා මත සිට වැපිරුවා. අපේ සමහරු  ඒ කතා අහලා අන්දමන්ද වෙලා හිටියේ.

ඉන්ඩන්ගේ ඒ බොරුවලට ආයුෂ තිබුනේ පැස්කා වේදිකාවට නගින තුරු පමණයි. එදා ඔහුගේ හඩට නව කලාගාරය දෙදරුම් කෑවා. ඒ දෝංකාරය තාමත් පපුවට දැනෙනවා.

ඒ වකවානුවේ කොළඹ සරසවියේ තිබුනේ සුවිශේෂී තත්ත්වයක්. ජාතික චින්තන මතවාදය  කොළඹ සරසවිය කේන්ද්‍ර කර ගනිමින් පැතිරෙමින් තිබුනා. එහි ප්‍රතිඵල ලෙස මහාචාර්ය නලින් ද සිල්වාත්, ගෙවිදු ත් සරසවියෙන් ඉවත් කෙරුණා.

සරසවි ආචාර්ය මණ්ඩලයේ සභාපති ලෙස සටන් කොට ලබාගත් වැටුප් වර්ධකයවත් ලබාගන්නට මහාචාර්ය නලින්ට ඉඩක් ලැබුනේ  නෑ.

අපේ උපකුලපතිවරයා දේශපාලකයෙක් බවට පරිවර්තනය වෙද්දි සමහර ශිෂ්‍ය  නායකයෝ ඔහුගේ දෙපතුළ ළග වැද වැටිලා අමාත්‍ය්‍යාංශ ලේකම් තනතුරු බාර ගනිද්දී පැස්කා ඒ ගොඩට එකතු උනේ නෑ. ඒකයි තාමත් අපිට පැස්කා කියලා  අමතන්න ඉඩක් ඉතුරු වෙලා තියෙන්නේ .

glඅවාසනාවකට එදා හිටපු උපකුලපතිවරයා පොදුජන පෙරමුණේ සභාපති තමයි. ඒත් පැස්කා ට මනාපයක් නොදෙන්න ඒක හේතුවක් නෙවෙයි .

මොකද පැස්කා කවදාවත් කළුතර දිස්ත්‍රික් ජනතාව ගේ බලාපොරොත්තු කඩන එකක් නෑ.

කාලයෙන් කාලයට දේශපාලන ස්ථාවරය වෙනස් කරන පීරිස් කෙනෙක් වත් .................. කෙනෙක් වත් බවට කවදාවත් පැස්කා පත් නොවන බවට මට විශ්වාස ‍යි.

එනිසාමයි මං මුලින්ම කිව්වේ රටෙන් 2/3 ක් පොහොට්ටුවට දෙන්න ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ ඔබේ මනාප 3න් වටිනාම මනාපය පැස්කා ට දෙන්න .''

(හරිත් ගුණවර්ධන)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්