කොරෝනා වෛරස් ආසාදිතයන් හදුනා ගැනීමේ පරීක්ෂණ සිදු කිරීම  හිතා මතාම අඩු කරමින් දේශපාලන වාසි වෙනුවෙන් ආණ්ඩුව ජනතාව බිල්ලට

දී ඇති  බවට සුවසේවයේ ප්‍රවීනයෙක් චෝදනා කරයි.

රෝගීන් හදුනා ගැනීමේ පරීක්ෂණ සිදු කරන විට රෝගීන් වැඩි වශයෙන් හමුවිය හැකි බව පෙන්වා දෙන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා පවසන්නේ, එවැනි තත්වයක් මීට ඉහතදී  මතු වුවානම් මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට ආණ්ඩුවට නොහැකි වන බවයි.

"PCR ටෙස්ට් කරානම්, රෝග පරීක්ෂණ කරානම් ලෙඩ්ඩු ටික ටික වැඩි උනානම් ආණ්ඩුවට මැතිවරණ ක්‍රියාදාමය අකුලාගන්න වෙනවා. මැතිවරණ කොමිසමටත්. ඒකෙන් ගැලවෙන්න තමයි රෝග පරීක්ෂණ ලංකාවේ කරන එක අඩු කරේ. හරි පැහැදිලිවම. අඩුකරා හිතාමතාම අඩුකරා.   ආණ්ඩුව හිතාමතාම සෞඛ්‍ය අමාත්‍යාංශය ලවා  රෝග පරීක්ෂණ කරන එක අඩු කරා."

ජාතික වෘත්තිය සමිති පෙරමුණේ සභාපති මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුද වන  සමන් රත්නප්‍රිය ඒ බව සදහන් කළේ ජුලි 15 බදාදා සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව විසින් රාජගිරීයේදී පැවැත්වු මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රී  ලංකාවේ මේ වන විට PCR පරීක්ෂණය සිදු කළ හැකි උපකරණ හැට පහක් පමණ පවතින බව සදහන් කළ රජයේ  හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා මාධ්‍ය හමුවේදී අවධාරණය කළේ මේ වන විට පරීක්ෂණ සිදු කරනු ලබන්නේ එවැනි උපකරණ 10 ක පමණ බවයි.

ශ්‍රී  ලංකාවේ මේ වන විට PCR පරීක්ෂණය සිදු කළ හැකි උපකරණ හැට පහක් පමණ පවතින බව සදහන් කළ රජයේ  හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා මාධ්‍ය හමුවේදී අවධාරණය කළේ මේ වන විට පරීක්ෂණ සිදු කරනු ලබන්නේ එවැනි උපකරණ 10 ක පමණ බවයි.

 " හැට පහෙන් දහයක් අඩු කරාම පනස් පහක් තියනවා. ඒ පනස් පහෙන්ම වැඩ ගන් නෑ. වැඩ ගන්න මැෂින්ස් වලත් උපරිම ධාරිතාවයට අරගෙන ගිහිල්ලා නෑ "

ආණ්ඩුව රෝග පරීක්ෂණ සිදු කිරීම හිතා මතාම නතර කර ඇති බව යළි යළිත් සිහි ගන්වන  සමන් රත්නපිය පෙන්වා දෙන පරිදි මේ වන විට මෙරට තුළ දෛනිකව සිදු කරන රෝග පරීක්ෂණ ප්‍රමාණය 500-600 අතර ප්‍රමාණයකට  සීමා වී තිබේ.

''ලංකාවට වඩා අඩු සෞඛ්‍ය පහසුකම් පවතින රටවල් මෙරට ඉක්මවා රෝග පරීක්ෂණ සිදු කර තිබෙන ආකාරයත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා එහිදී අනාවරණය කළේය.''

ලංකාවට වඩා අඩු සෞඛ්‍ය පහසුකම් පවතින රටවල් මෙරට ඉක්මවා රෝග පරීක්ෂණ සිදු කර තිබෙන ආකාරයත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා එහිදී අනාවරණය කළේය.

"ලංකාව අද උදේ වෙනකොට, අද උදේ කරපු නිරීක්ෂණය අනුව රෝග පරීක්ෂණ කරලා තියෙන්නේ එක්ලක්ෂ විසිපන්දහස් හයසිය තිස් දෙකයි. නේපාලයේ බලන්න අඩු සෞඛ්‍ය පහසුකම් තියන රටක් ලංකාවට වඩා හයලක්ෂ හයදහස් එකසිය හතලිස් එකයි නේපාලයේ. පොඩි රටක්. මැලේසියාව අට ලක්ෂ පනස්දහස් හාරසිය විසි තුනක්. ඊගලට තායිලන්තය හයලක්ෂ තුන්දහස් හයසිය පනස් හතක් "

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්