ආණ්ඩුව විසින් ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනය තහනම් කිරීම හේතුවෙන් මේවනවිට එම ක්ෂේත්‍රයේ නිරතව සිටි ව්‍යාපාරිකයින් බරපතල මුල්‍ය අර්බුදයකට ලක්ව සිටින අතර ඒ ආශ්‍රීත රැකියාවන් හි නිරතව සිටි

 දහස් ගණනකගේ රැකියා අහිමිවීමේ අවදානමක් ද මතුව තිබේ.

ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනයකරුවන්ගේ සංගමය විසින් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ වෙත යොමුකර ඇති ලිපියක එබව සඳහන් වේ. 

එම සංගමයේ ලේකම්, ඊ.එස්. බුලත්සිංහල ගේ අත්සනින් යුතුව යොමුකර ඇති එම ලිපිය මගින් ඉල්ලා ඇත්තේ, රට තුළ ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ වල 50% ක හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහාත්, දේශීය කර්මාන්ත කර්මාන්තකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කර මනා තරගකාරීත්වයක් තුළින් පාරිභෝගිකයන් හට සාධාරණ මිලකට ගුණාත්මක භාවයෙන් යුක්ත භාණ්ඩ ලබා ගැනීම සඳහාත් දින 180 ක ණයවර ලිපි වලට යටත්ව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනය කිරීමට අනුමැතිය ලබාදෙන ලෙසයි.

ටයිල් හා සනීපාරක්ෂක භාණ්ඩ ආනයනය කරුවන්ගේ සංගමය තුල වර්තමානයේ 300 පමණ වූ සාමාජික සංඛ්‍යාවක් නියෝජනය වන අතර එහි විශාල ආනයනකරුවන් ප්‍රමාණයක් අවුරුදු 30 කට වැඩි කාලයක සිට මෙම ආනයනය කර්මාන්තයේ නිරතව සිටිති.

වර්ෂයකට බිලියන 15 ක සෘජු බදු දායකත්වයක් !

තවද මෙම කර්මාන්තය තුළින් වර්ෂයකට රුපියල් බිලියන 15 ක පමණ සෘජු බදු ලෙස ආර්ථිකයට ප්‍රතිලාභ ලැබෙන අතර එහි සෘජු හා වක්‍ර රැකියා ලක්ෂයක් පමණ නිරතව සිටියි. 

 මීට අමතරව දී 2000 පමණ නියෝජිතයින් පිරිසක් ලංකාවේ මෙම කර්මාන්තයේ නිරතව සිටින අතර ඔවුන් අනුගත කර ඇත්තේ ටයිල් හා සනීපාරක්ෂකභාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය මගිනි. එමගින් ලංකාවේ ග්‍රාමීය ආර්ථිකය සංවර්ධන සඳහා දායක වී ඇත.

 තවද මෙම ආනයනය තාවකාලිකව නැවත්වීම ලංකාවේ මීට අදාළ ගබඩාකරණ, ප්‍රවාහන කර්මාන්තය, පැහැදුම් කර්මාන්තය, මූල්‍ය හා බැංකු කටයුතු, ගොඩනැගිලි ඉදිකිරීම් කර්මාන්තය වැනි වාණිජ කර්මාන්ත වලටද තදින් බලපා ඇතැයි ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනයකරුවන්ගේ සංගමය පවසයි.

එමෙන්ම, මේ තුළින් රැකියා වියුක්තියක් ලංකාවේ මතු වන අතර එය වාස්තු විද්‍යාව ඉංජිනේරුමය උපදේශකයෙකුවරු, තත්ත්ව පරීක්ෂකවරුන්, උපකොන්ත්‍රාත්කරුවන් සහ ටයිල් ඇල්ලීම වෙනුවෙන් දිනපතා පඩි ලබන පෙරවරු කාර්මිකයින් ට ද තදින් බලපානු ඇතැයි ද එම සංගමය කියා සිටියි.

දැනට තම සංගමය යටතේ ගබඩා වර්ග අඩි මිලියන දෙකක් පමණ පවතින බවත්,  ප්‍රදර්ශනාගාරවල වර්ග මීටර් දෙලක්ෂයක් පමණ ඉඩ කඩ පවතින බවත් පවසන එම සංගමය,  මෙම බොහොමයක් ගබඩා හා ප්‍රදර්ශනය සඳහා බැංකු ණය සහන ලබා ගෙන ඇති බැවින් මෙම තාවකාලික ආනයන නැවත්වීම මත දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව කියා සිටියි.

ආනයනය කිරීම් තාවකාලිකව නවත්වමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් ඇතැම් භාණ්ඩ හා උපකරණ සංශෝධනය කිරීමට රජය මේවනවිටත් කටයුතු කර ඇත. 

සබැඳි පුවත් :
ජනාධිපති ලේකම් 'බ්‍රෑන්ඩඩ්' සපත්තු දාන නිසා සිදුවූ සංශෝධනයක් ! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්