leader s

පිටරටින් පාවහන් ආනයනය කිරීම තාවකාලිකව නවත්වමින් ජනාධිපති විසින් නිකුත් කළ ගැසට් නිවේදනය සංශෝධනය කොට පසුගිය 17 වැනිදා නව ගැසට් නිවේදනයක් මඟින් රට තුලට ඕනෑම ආකාරයේ පාවහන්

ආනයනය කිරීමට අනුමැතිය ලබාදී ඇත්තේ ජනාධිපති ලේකම්, ආචාර්ය පී.බී. ජයසුන්දර ඉතා ඉහල වර්ගයේ විදෙස් පාවහන් පදඳින නිසා බව ආණ්ඩුවට පක්ෂපාති Lanka Lead News වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් දේශීය පාවහන් නිෂ්පාදකයින් විසින් විවිධ රාජ්‍ය නිලධාරීන් හරහා විරෝධය පළ කරනු ලැබූ බව ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

එම වාර්තාවේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

''අප වෙත අදහස් දැක්වූ දේශීය පාවහන් කරුවන්ගේ සංගමයක ප්‍රධානියෙකු පවසන්නේ යම් නිලධාරියෙකු විසින් එසේ ගැසට් නිවේදනය වෙනස් කොට පාවහන් ආනයනයට ඉඩ දුන්නේ කුමක් නිසාදැයි ප්‍රශ්ණ කළ විට ජනාධිපති ලේකම් පි.බී ජයසුන්දර මහතා ඉතා සුවිශේෂි ප්‍රකාශයක් කළ බවය.

එම ප්‍රකාශය මෙසේය. ” මම දාන්නේ ඉම්පෝර්ටඩ් සපත්තු, ඔයා  දාන්නෙත් ඒවා, ඉතින් හොඳ ” බ්‍රෑන්ඩඩ් ” සපත්තු ආනයනයට ඉඩ දෙන්න ඕන. ” යනුවෙනි.

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්