leader s

2020 වසරේ මුල් මාස 04 තුළ දී මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රු. බිලියන 13,031.5 සිට රු. බිලියන 14,024.7 ක් දක්වා

රු. බිලියන 993.2 කින් වැඩි වී ඇති බව නවතම වාර්තාවක සඳහන් වේ.

CHART

මෙහිදී රජය විසින් දේශීය වශයෙන් ගෙවීමට ඇති ණය රු. බිලියන 6,629.1 සිට රු. බිලියන 7,217.7 ක් දක්වා රු. බිලියන 588.6 කින් ඉහළ ගොස් ඇති අතර විදේශයන් වෙත ගෙවිය යුතු ණය රු. බිලියන 6,402.4 සිට රු. බිලියන 6,807.1 ක් දක්වා රු. බිලියන 404.7 කින් වැඩි වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවක මේ බව සඳහන් වේ.

CHART 2

 

රාජ්‍ය ණය කළමනාකරණය:

මුදල් නීති පනතේ 113 වගන්තියට අනුව රාජ්‍ය ණය කළමනාකරණය හා සම්බන්ධ වගකීම ශ්‍රී‍ ලංකා මහ බැංකුව වෙත පැවරී ඇත. ඒ අනුව, ශ්‍රී‍ ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව, රජය වෙනුවෙන් ණය උපකරණ නිකුත් කිරීම සහ රජයේ දේශීය හා විදේශීය ණය සේවාකරණය සම්බන්ධ සියළු කටයුතු මෙහෙයවීම සිදු කරයි.

මුදල් අමාත්‍යාංශය විසින් විදේශීය මූලාශ්‍ර වලින් ණය ලබාගැනීම සම්බන්ධ කටයුතු මෙහෙයවනු ලැබේ.

විචක්ෂණශීලී අවදානම් මට්ටමකට සහ අනුරූපව අවම පිරිවැයක් යටතේ රජයේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමත්, රජයේ සුරැකුම්පත් වෙළෙඳපොල වැඩිදියුණු කිරීම හා ශක්තිමත් කිරීමත්, එහි කාර්යක්ෂමතාවය වැඩි කිරීම හා ස්ථායිතාවය පවත්වාගෙන යාමත් රාජ්‍ය ණය කළමනාකරණයේ අරමුණු වේ.

(මුලාශ්‍රය - biz.adaderana.lk)

සබැඳි පුවත් :

රාජ්‍ය ආදායම පල්ලම් බසී ! - භාණ්ඩාගාරය හා මහ බැංකුව එළිපිට ගැටෙති !!

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්