මේවනවිට මෙරට මාසික රාජ්‍ය අදායම රුපියල් බිලියන 50- 60 තරම් පහතට ඇඳ වැටී ඇතැයි මුදල් අමාත්‍යංශයේ නොනිල  ආරංචිමාර්ග පවසයි. 

වත්මන් රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වූ වහාම වගකීම් විරහිතව සිදුකල බදු කප්පාදුව රාජ්‍ය අදායම් මෙසේ පහත ඇද වැටීමට මුලික ම හේතුව වූ අතර අනතුරුව කොවිඩ් 19 වසංගත තත්වය තුල සිදුවූ  ආර්ථික බිඳ වැටීම තත්වය තවදුරටත් බරපතල කර තිබේ.

යහපාලන සමයේ දී රාජ්‍ය ආදායම දෙගුණ කරමින් නියමිත කාලවකවානු වල දී විදෙස් ණය ගෙවීමට පවා කටයුතු කල අතර වාර්තාවන අන්දමට එම පාලනයේ අවසන් මාස කිහිපයෙහි මාසික අදායම රුපියල් බිලියන 150 - 175 අතරවිය. 

මෙම අර්බුදකාරී තත්වයක් තුල අත්‍යවශ්‍යම වියදම් හැරුණ විට අනෙකුත් සියලුම වියදම් දිනෙන් දින කල් දැමීමට රජය විසින් තීන්දු කර ඇත.

නිත්‍යානුකුල නොවන වියදම් !

වත්මන් මුල්‍ය අර්බුදය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් මුහුණදී සිටින බරපතලම කාරණය වන්නේ, නිත්‍යානුකුල තත්වයෙන් තොරව මුල්‍ය කටයුතු සිදු කිරීමට මහ භාණ්ඩාගාරයෙන් කෙරෙන බලපෑමයි.

මහ බැංකුව විසින් සිය මුල්‍ය කටයුතු සිදුකරනු ලබන්නේ පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලබන ණය සීමාවට යටත්වය. නමුත් අප්‍රේල් 30 දායින් පසු එවැනි ණය සීමාවක් අනුමත කිරීමට පාර්ලිමේන්තුව රැස් නොවුනි.

පවතින මුල්‍ය රෙගුලාසි අනුව, අනුමත ණය සිමාව දක්වමින් භාණ්ඩාගාරයේ ලේකම්ගේ ලිඛිත ඉල්ලීමකින් තොරව මුදල් නිකුත් කිරීමට හෝ මුදල් නෝට්ටු අච්චු ගැසීමට මහ බැංකුවට බලයක් නොමැත.

 

පී.බී. - ආටිගල  Vs  නන්දලාල් - කරුණාරත්න ගැටුම 

PB Attigala Nandalal Karunarathna

ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ සහ එච්.ඒ කරුණාරත්න යන ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනා විසින් අලුතින් මුදල් නෝට්ටු ගැසීම හා  වියදම් සඳහා මුදල් මුදාහැරීමට භාණ්ඩාගාරයේ ලිඛිත අනුමැතියක් ඉල්ලා ඇතත්  භාණ්ඩාගාර ලේකම් සජිත් ආටිගල දිගින් දිගටම එය ප්‍රතික්ෂේප කරමින් සිටියි. ඒ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරගේ බලපෑම් මතය. 

එම තත්වය තුල ශ්‍රී ලංකා මහ බැංකුව යෝජනා කර ඇත්තේ ද්‍රවශීලිතාවය වැඩිකර දිය හැකි වුවත් නිත්‍යානුකුල නොවන ආකාරයෙන් මුදල් අනුමත කිරීමට නොහැකි බවයි.  

එහෙත් එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති ලේකම්වරයා, ජනාධිපති බලතල යොදා ගනිමින් භාණ්ඩාගාර ලේකම් සමග එක්ව මහ බැංකුවට බලපෑම් කිරීම නිසා මේවනවිට රටේ මුල්‍ය අර්බුදයට අමතරව 
දෙපාර්ශවය අතර බරපතල ගැටුමක් ද හටගෙන ඇත.

ජනාධිපති ලේකම්වරයා විසින් ජනාධිපතිවරයා නොමග යවමින් මහ බැංකු ප්‍රධානීන්ට බැණ වැද්දවීමේ සිද්ධිය මෙම ගැටුමේ පුපුරා යාමකි. 

නිල නොවන ආරංචිමාර්ග වලින් වාර්තා වන්නේ, මහ බැංකුව විසින් රුපියල් බිලියන 300 කට ආසන්න මුදල් නෝට්ටු අලුතින් නිකුත්කර ඇත්තේ ජනාධිපති කාර්යාලයෙන් ලැබුන නියෝග මතය. 

 

භාණ්ඩාගාර සුරැකුම්පත් ඇපයට තබා ඩොලර් බිලියනයක ණයක් ගන්න කතාව :

මේ දෙපාර්ශවය අතර ආසන්නම ගැටුම පසුගියදා වාර්තාවිය. ඒ, එක්සත් ජනපද ඩොලර් බිලියන 4.5ක් වටිනා එක්සත් ජනපද භාණ්ඩාගාර සුරැකුම්පත් ඇපයට තබමින් එක්සත් ජනපද ඩොලර් බිලියනයක ණය පහසුකමක් ලබාගන්නට යන බවට භාණ්ඩාගාර ලේකම්වරයා  economynext.com  වෙත කල ප්‍රකාශය අසත්‍යයක් බව මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.

ඩොලර් බිලියන 4.5ක එක්සත් ජනපද භාණ්ඩාගාර සුරැකුම්පත් ඇපයට තබා ඩොලර් බිලියනයක ණයක් ගන්නා බවට කෙරෙන ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ජුලි 24දා රාත්‍රී නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.

 

මහ බැංකුවේ ප්‍රධානින් කලකිරීමෙන් :

මෙවැනි අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් මහ බැංකුවේ ඉහල නිලධාරීන් බලවත් සේ කනස්සල්ලට පත්ව සිටින බව වාර්තාවේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 32 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර ඇති නියෝජ්‍ය අධිපති එච්.ඒ කරුණාරත්න ඉදිරි මාස කිහිපය තුල දී විශ්‍රාම ගැනීමට නියමිත අතර ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ ද ලබන වසර මුල දී විශ්‍රාම ගැනීමට නියමිතය. 

කීර්තිමත් සේවා කාලයකට හිමිකම් කියන එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා විශ්‍රාම ගැනීමට නියමිත ඉදිරි මාස කිහිපය තුල ද සිය ආත්ම ගෞරවය රැකගනිමින්, දේශපාලන බලපෑම් වලට යටත් නොවී නීතියට අනුව කටයුතු කිරීමට තීන්දු කර ඇතැයි මහ බැංකු ආරංචිමාර්ග සඳහන් කරයි.


සබැඳි පුවත් :
මහ බැංකුව හා භාණ්ඩාගාර ලේකම් අතර ගැටුම් : ඉවත් කරන්නැයි බලපෑම් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්