මෙවර මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගන්නා ඡන්ද සංඛ්‍යාවෙන් අඩක් හෝ ලබා ගැනීමට, දෙවන තැනට පත්වන දේශපාලන පක්ෂයට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ)

ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ අද (අගෝ.02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මැතිවරණ ප්‍රථිඵල අනුව සිය පක්ෂයට නියත වශයෙන්ම පාර්ලිමේන්තු ආසන 130 කට වැඩි ප්‍රමාණයක් හිමි වන බවයි. 

“අනිවාර්යෙන්ම අපි ආසන මන්ත්‍රීධුර 130 පන්නනවා. 130ත් 135 ත් අතර ගානක් ගන්නවා. නමුත් අපිට අවශ්‍යයි 150 හරියට වැඩ කරන්න නම්. අපිට සහයෝගය දෙන වෙන පක්ෂවලින් මන්ත්‍රීධුර හතරක් හෝ පහක් ඉන්නවා. අපි දන්නවා අනිවාර්යෙන් ජයග්‍රහණය කරනවා විශේෂයෙන් නැගෙනහිර. ඒ අනුව ඒ අයත් සහයෝගය දුන්නම. නමුත් අපි කැමතියි කෙලින්ම අපේ සන්ධානෙට 150 ක් ලැබෙනවා නම්” එහිදී ඔහු සඳහන් කළේය.

ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට යම්කිසි මන්ත්‍රී ධූර සංඛ්‍යාව ලැබෙන්නේනම් ඊට තමා කැමති බව ද බැසිල් රාජපක්ෂ සඳහන් කළේය.

“මම කැමැතියි ජනතා විමුක්ති පෙරමුණට යම්කිසි මන්ත්‍රී සංඛ්‍යාවක් ලැබෙනවා නම්. මොකද ඒක සමහර විට ඒ ප්‍රකාශය ටිකක් ආන්දෝලනාත්මක වෙනවා. නමුත් එහෙම වුනොත් හොඳයි. නැත්නම් දැන් ඉන්න විපක්ෂයේ කතා බැලුවහම කට්ටියක් විහිළු සපයනවා. කුහක විපක්ෂයක් එනවද? බොළඳ විපක්ෂයක් එනවද? නැත්තං විහිලු විපක්ෂයක් එනවද කියන එකයි බලාගෙන ඉන්නේ”

'මාලිමාවේ' ආසන ගනන වැඩිවන බව බැසිල් පිළිගත්තා - 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' සංස්කාරක

Uvidu 02.08බැසිල් රාජපක්ෂ විසින් එම මාධ්‍ය හමුවේදී සිදුකල කරුණු දැක්වීම සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' සංස්කාරක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසන්නේ, 'මාලිමාවේ' ආසන ගනන වැඩිවන බව බැසිල් ව්‍යංගයෙන් පිළිගත් බවයි. 

කලම්බෝ ටෙලිග්‍රාෆ්' සංස්කාරකගේ සටහනේ මෙසේ සඳහන් වේ.

''මාලිමාවේ ආසන ගනන වැඩිවන බව බැසිල් ව්‍යංගයෙන් පිලිගනී. ඒකයි ජවිපෙ අය වැඩිපුර එනව නම් එයා කැමතියි කියන්නෙ. හරියට බැසිල්ගෙ නිල ප්‍රකාශය වගේ හිටපු පඩි රහිත නිවාඩු ගෙන දවස පුරාම ජවිපෙට ගහගහ පෝස්ට්ස් දාපු පුවත්පත් මණ්ඩලයෙ සභාපති පතිරණල පරාදයි. බැසිල්ම කියපු එකෙන් පේන්න්නෙ ඒ ගොල්ලන්ගෙ සමීක්‍ෂණ දත්ත අනුව දන්න දෙයක් වෙන්න ඕනෙ. කපන්න බැරි අත ඉඹින සීන් එකක් දැන්. පවු පතිරණල ''


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්