මාස තුනක කාලයක් සඳහා සම්මත ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලින් පිටත ක්‍රියා කරමින් ඉන්ධන, එල්.පී ගෑස් සහ ගල් අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
නැව්ගත කිරීම් අවලංගු වීම, රක්ෂණ ආවරණ සීමා වීම සහ සැපයුම්කරුවන්ගේ අනුරූප අකමැත්ත හේතුවෙන් අඛණ්ඩ සැපයුම පවත්වා ගැනීම අභියෝගයක් වී ඇති පසුබිමක මෙම තීන්දුව ගත් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පැවැසීය.
මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති භූ-දේශපාලනික නොසන්සුන්තාව හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළෙඳපොළ දැඩි අස්ථාවරතාවකට පත්ව ඇති බව ඊට අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.
ආනයනික ඉන්ධන, ඛඡ ගෑස් සහ ගල් අඟුරු මත සම්පූර්ණයෙන්ම රඳා පවතින ශ්‍රී ලංකාවට මෙම තත්ත්වය සෘජුවම බලපා ඇති අතර, බලශක්ති සැපයුමට අවදානමක් මතුව තිබෙව බව ද එහි දැක්වේ.
එම නිසා තාවකාලික හා නම්‍යශීලී ප්‍රසම්පාදන ක්‍රමයක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව හඳුනාගෙන ඇතැයි ද එහි සඳහන් වේ.
(සටහන | ගිම්හාන් ද සිල්වා)







