සමගි ජන බලවේගය යනු දේශපාලන පක්ෂයක් නොවන බවත්, සන්ධානයක් බවත්, එහි සාමාජිකත්වය දැරිය හැක්කේ

දේශපාලන පක්ෂවලට පමණක් වන නිසා සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගයේ නායකයන් ඉක්මනින්ම තමන්ගේ දේශපාලන පක්ෂය කුමක්දැයි තීන්දු කළ යුතු බවත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් පවසයි.

'අනිද්දා' පුවත්පතට ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු එබව අවධාරණය කර තිබේ.

සමගි ජන බලවේගය නම් සන්ධානය නිර්මාණය කරගත්තේ එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ආ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ කණ්ඩායම, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජාතික හෙළ උරුමය, දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ, රිෂාද් බදියුදීන් මහතාගේ පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂවල එකතුවෙන් බව ඔහු පැහැදිලි කර තිබේ.

දැනට සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ එජාපයෙන් කැඩී ආ පිරිස සජිත් පිළ ලෙස හැඳින්විය හැකි නමුත්, ඉක්මනින් ඔවුන් තමන්ගේ පක්ෂයක් නිර්මාණය කරගෙන එම පක්ෂය නියෝජනය කරමින් සමගි ජන බලවේගයට එකතු විය යුතු බව මනෝ ගනේෂන් කියා සිටියි.

 

කරූ එජාප නායකයා වුනොත් සජිත් පිල යළි එජාපයට !

Mujibar Rahumanමේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් පවසන්නේ, එක්සත් ජාතික පක්ෂ නායකත්වයට හිටපු කථානායක කරූ ජයසූරිය පත්වන්නේ නම් එම පක්ෂය හා එක්ව කටයුතු කිරීමට සිතා බැලිය හැකි බවයි.

'නෙත් නිවුස්' කළ කරුණු විමසීමකදී ඔහු එබව පැවසිය.

එහිදී ඔහු වැඩි දුරටත් කියා සිටියේ, ''රනිල් වික්‍රමසිංහ මහත්තයා අයින් වෙලා ඕක කරූ ජයසූරිය මහත්තයාට දෙනවා නම් අපිට ඒ ගැන හිතන්න පුළුවන්. කොහොම වුණත් ඔය පක්ෂය ඉදිරියට ගෙන යන්න නම් සජිත් ප්‍රේමදාස මහත්තයාටම දෙන්න ඕනේ. '' යනුවෙනි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image