පොලීසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන් කරමින් ඊයේ (මැයි 23 වැනිදා) 'දිවයින' පුවත්පතේ පළවූ ප්‍රධාන පුවත ව්‍යාජ එකක් බව සති අන්ත 'අනිද්දා' පුවත්පත වාර්තා කරයි.
'දිවයින' ප්‍රධාන පුවතෙහි සඳහන්ව තිබුණේ එලෙස සැත්කම් 4000ක් කළ වෛද්‍යවරයා පිළිබඳ සාක්ෂි සහිත තොරතුරු හෙළිවී තිබෙන බවත්, වෛද්‍යවරයා අල්ලන්නට පොලීසියෙන් පුළුල් පරීක්ෂණ සිදුකරමින් පවතින බවත්ය.
සිසේරියන් සැත්කම කරන අතරේ සූක්ෂම ලෙස පැලෝපීය නාලය ගැටගසා කාන්තාවන් බඳභාවයට පත්කර ඇති බව එම පුවතේ සඳහන්ව තිබේ.
වෛද්‍යවරයා වසර කිහිපයක් තුළ සිසේරියන් සැත්කම් 7000කට අධික පිරිසක් කර ඇති බවද එහි සඳහන්ය.
පට්ටපල් බොරුවක් : නීතිය කඩකිරීමක් !
මෙම පුවත පිළිබඳව කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ මෙම පුවත බැලූ බැල්මට ව්‍යාජ එකක් බවය. කිසිදු පොලිස් ස්ථානයකින් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හෝ වෙනත් පොලිස් අංශයකින් ඒ පිළීබඳ විමර්ශනයක් නොකරන බවද ඔහු කීය.
කෙසේ වෙතත් 'දිවයින' මේ පිළීබඳව ප්‍රවෘත්තියක් පළකර ඇති නිසා එම පුවත පිළිබඳව පොලිස්පතිවරයාගේ උපදෙස් පරිද් විශේෂ පරීක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කරන බව ඔහු කීය.
වාර්තාවේ පැවසෙන පුළුල් පරීක්ෂණ කුමන පොලිස් අංශයෙන් සිදුකරන එකක් දැයි 'දිවයින' පුවත්පතෙන් විමසන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. ව්‍යජ පුවත් පළ කර ඇති බව තහවුරු වුණොත් එය පැහැදිළිවම රටේ පවතින නීතිය කඩකිරීමක් වන නිසා ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු කීය.
'කරුණු විශ්වාස කළ නොහැකියි' - විශේෂඥ වෛද්‍ය දයානාත් රණතුංග
සිසේරියන් සැත්කම්වලට සම්බන්ධ වී ඇති වෛද්‍යවරයෙකු වන විශේෂඥ වෛද්‍ය දයානාත් රණතුංග මහතා ගෙන් කාන්තාවන් 4000ක් රහසින් වඳභාවයට පත් කළ හැකි දැයි කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, සිසේරින් සැත්කමකදී පැලෝපීය නාලය කපා අවහිර කළ හැකි බවය.
සෞඛ්‍ය අවශ්‍යතා මත මවගේ අවසරය ඇතිව එලෙස පැලෝපීය නාලය අවහිර කරන අවස්ථාද ඇති බව ඔහු කීය.
එහෙත් වෛද්‍යවරයෙකු වසර කිහිපයක් තුළ සිසේරියන් සැත්කම් 7000ක් කර ඇති බවත්, ඉන් 4000කදී රහසින් කාන්තාවන් වඳභාවයට පත් කර ඇති බවත් 'දිවයින' පුවතෙහි සඳහන් කරුණු විශ්වාස කළ නොහැකි බව ඔහු කීය.
එමෙන්ම සිසේරියන් සැත්කමක් වෛද්‍යවරයෙකු තනිව නොකරන බවත්, අඩුම තරමේ එක් සහායක වෛද්‍යවරයෙකු හා හෙදියක ශල්‍යාගාරය තුළ සිටිය යුතු බවත් ඔහු කීය. ඒ දෙදෙනාම ද්‍යෛවරයා කරන සියලුම දේ නිරීක්ෂණය කරමින් සහය දක්වන නිසා ඔහුන් නොදැන පොලෝපීය නාලය අවහිර කළ නොහැකි බව ද ඔහු කීය.
අනෙක් අතට ඒ සඳහා සහායක වෛද්‍යවරයාගේ සහායද හෙදිය භාරයේ පවතින උපකරණද අවශ්‍ය වන බව ඔහු කීය.
ඊට අමතරව වෛද්‍යවරයා පෙන්වාදුන්නේ එක් වෛද්‍යවරයෙකු වසර කිහිපයක් තුළ එතරම් සිසේරියන් සැත්කම් ප්‍රමාණයක් සිදු කිරීමට ඉඩ නොමැති බවය.
වෛද්‍යවරයෙකු සතියට දින දෙකක් සිසේරියන් සැත්කම් කරන අතර, එක් දිනකට සිසේරියන් සැත්කම් තුනක් උපරිමයෙන් කළ හැකි බවද පැවසීය.
ඒ අනුව සැත්කම් 4000 ක් සිදු කිරීමට සති 700 කට ආසන්න කාලයක් හෙවත් වසර 13ක් පමණ ගතවෙන බව ඔහු කීය. ඔහු පෙන්වාදුන් ආකාරයට සැත්කම් 7000ක් කිරීමට වසර 22 ක් පමණ ගතවනු ඇත.
වඳ සැත්කම් කළ දොස්තර කවුද? අනුරගෙන් හෙළිදරව්වක්?
මේ අතර 'දිවයින' ප්‍රධාන පුවත සම්බන්ධයෙන් ඊයේ (23) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා, මෙය ජාතිවාදය උසිගැන්වීමක් බවත්, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව වහාම පරීක්ෂණයක් කළ යුතු බවද කියා සිටියේය.
එම අවස්ථාවේදී අදහස් දැක්වූ කතානායක කරු ජයසුරිය මහතා කියා සිටියේ තමා උදැසනම මේ සම්බන්ධයන් පොලිසියෙන් විමසීමක් කළ බවත් පොලිස් පරීක්ෂණයක් පැවැත්වෙන බවට පුවතේ සඳහන් කරුණ අසත්‍ය බවත්ය.
සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් කතිකාවක් : 'දිවයින' පතුරු ගසයි
සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු වන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවට 'දිවයින' පුවත්පතේ ප්‍රධාන පුවත සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ද පුළුල් සංවාදයක් හටගෙන ඇති අතර දේශපාලන විචාරකයකු වන ඕෂල හේරත් සිය FB පිටුවේ සඳහන් කර ඇත්තේ, ''දිවයින පුවත්පතේ මුල් පුවත බොරු නම්, 'දිවයින' පුවත්පත සදහටම වසා දැමිය යුතුය.
'අන්තවාදීන්ට තර්කය අදාල නැත'
''අන්තවාදීන්ට තර්කය අදාල නැත. විද්‍යාවට හා තර්කයට වඩා ඔවුහු සුරංගනා කතා විශ්වාස කරති. වඩාත් හාස්‍යජනක කරුණක් වන්නේ ඔවුන් සිය සුරංගනා කතාවල සිදුවීම් සනාථ කිරීමට විද්‍යාත්මක ක්‍රමවේදයක් වන තර්කයම යොදා ගැනීමයි.
මෙරට බුද්ධිමතතුන් සමුදායක් අඟහරු ලෝකයෙන් ගඩොල් සොයා ගත් බව හා "මෘදුකාංගයක කුරුල්ලෙක් ගැටී" ගුවන් යානයක් බිම වැටුනු බවට ප්‍රවෘත්ති පල කළ දිවයිනේ මේ ප්‍රවෘත්තිය සත්‍යයක් හා අතැඹුලක් සේ ගෙන තර්ක කරනු දුටුවෙමි. එය සත්‍යයක් බව සනාථ කිරීමට තර්ක ගෙනහැර පානු දුටුවෙමි.
දැනුම සම්බන්ධ විද්‍යාවේ මෙවැනි තර්කයක් ඇත. එනම්, වරක් නිෂ්පාදනය කළ දැනුමක් නැවත ප්‍රති-නිෂ්පාදනය කිරීමට අවශ්‍ය නැත. මෙවැනි අවස්ථාවල සිතිය යුතු ආකාරය මාර්ෂල් මැක්ලූහාන් තනි වාක්‍යයකින් කියා ඇත. එම දැනුම මම මෙහි යළි සටහන් කරමි.
"Medium is the Message"
පහත සටහන Amanda Abeysooriya ගේ වෝලයෙන් උපුටා ගත්තකි.
ලංකාවෙ අවුරුද්දකට සිද්ධ වෙන දරු උපත් සංඛ්‍යාව දළ වශයෙන් 350,000 ක්.

අවුරුද්දකට වැඩිම දරු උපත් සිද්ධ වෙන්නෙ කොළඹ දිස්ත්‍රික්කයේ. ඒ 60,000 ක් පමණ.
ඊළඟට වැඩිම දිස්ත්‍රික්ක වන මහනුවර දිස්ත්‍රික්කයේත් උපත් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් බාගයකටත් වඩා අඩුයි.
ලංකාවෙ හැම රෝහලකම දරු උපත් සිදු වෙනව.
පොඩි පොඩි රෝහල් වල සිදු වෙන දරු උපත් සංඛ්‍යාව නොසලකාම හැරියොත් (නොසලකා හරින්න බැරි තරමක් ඒවගෙත් වෙනව. ඒත් ඒ නෝමල් ඩිලිවරීස්. සිසේරියන් කරන්නෙ නෑ ඒවගෙ) සිසේරියන් සැත්කම් කරන්න පහසුකම් තියන රෝහල් 140 ක් ලංකාවෙ තියනව.
2015 Annual Health Bulletin එකට අනුව සිසේරියන් සැත්කම් වලින් දරුවන් 104,000 ක් පමණ බිහි වෙන්නෙ.
කොළඹ තියන කාන්තා රෝහල් වල ඉතා ඉහල සංඛ්‍යා වලින් සිද්ධ වෙන දරු උපත් නොසලකා, පෞද්ගලික රෝහල් වල වෙන ගණං නොසලකා, සිසේරියන් සැත්කම් කරන්න පහසුකම් තියන රෝහලක අවුරුද්දකට සිද්ධ වෙන, මධ්‍යන්‍ය සිසේරියන් සැත්කම් ප්‍රමාණය ගණං හැදුවොත්, 745 යි.
ඔය වගේ රෝහලක ඉන්න වෛද්‍යවරු සංඛ්‍යාව ගැන සලකද්දි, එක වෛද්‍යවරයෙකුට, අවුරුද්දකට සිසේරියන් සැත්කම් 185 කට වඩා කරන්න වෙන්නෙ නෑනෙ ගණිතානුකූලව. එහෙම බැලුවම එක වෛද්‍යවරයෙකුට සිසේරියන් සැත්කම් 6000 ක් කරන්න යන කාලය අවුරුදු 32 ක්.
ඔය අවුරුදු 32 ට වඩා යනව, මං කියපු විදිහට අනුපාතයට බෙදුවොත්.
අපි කියමු සීසර් කරපු 4000ටම LRT ත් කළා කියල.
ඒත් යනව අවුරුදු 22 ක්.
අද දවසේ ගණිත ගැටළුව
අර වඳ සැත්කම් කළා කියල කියන දොස්තරගෙ වයස කීයක් විය හැකිද? ?
මෙතරම් තුච්ඡ ලෙස බේගල් අතාරිමින් බොර දියේ මාලු බාන්නේ කෙසේද?
මේ අතර රන්ජිත් කුමාර සමරකෝන් සිය FB පිටුවේ සඳහන් කර ඇත්තේ මෙසේය.
''ඔවුන් මෙතරම් තුච්ඡ ලෙස බේගල් අතාරිමින් බොර දියේ මාලු බාන්නේ කෙසේද?මේ ප්‍රබන්ධය ගැන සරළම ප්‍රශ්න කිහිපයක් තිබේ.
1.මේ දොස්තර සිටි රෝහල කොහේද?දොස්තර කවුද?
සාක්ෂි සහිතව ඔප්පූ වී තිබේනම් ඒවා සටහන් නොකළේ මන්ද?
2.දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ සිදු කරන්නේ කවුද?මොන පොලිසියද? (පුවතට අනුව පොලිසියක් ගැන සටහන්ව ඇති නිසා නොවලහා පොලිසිය ඒ ගැන මැදිහත්ව ඇත්ත කිව යුතුය.)
3 .කාන්තාවන් 4000ක් සිංහල බෞද්ධම නියැදියෙන් තෝරා වඳ කරන්නට ඔහුට කොතරම් කාලයක් ගතවීද?
අනුමාන වශයෙන් ගත්තත් 4000ට සිසේරියන් සැත්කම් කරන්න සාමාන්‍යෙයන් වසර 35ක් පමණ ගතවෙන තත්ත්වයක් තුල මේ කියන වෛද්‍යවරයා 80 දශකයේ සිට මේ වැඩේ කරනවා විය යුතුයි. එහෙම බැලූවිට අවුරුදු 35 දී වෛද්‍යවරයෙක් වූවානම් ඔහුගේ දැන වයස කීයද කියා දැන ගන්නත් කැමතියි..
(සංඛ්‍යා ලේඛන අනුව සිදුවන සිසේරියන් සැත්කම් ප්‍රමාණය අනුව කාලය අනුමාන කොට තිබේ)
4.එලෙස වඳ කළායැයි කියන කාන්තාවන් 10 දෙනෙකුගෙන් හෝ ප්‍රකාශ ලබාගත හැකිද?
5.පුවතට අනුව වඳ වී ඇත්තේ මවුවරුද ?දොස්තරද?




