leader s

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ලෙස සේවය කරන මහාචාර්ය නලින්ද සිල්වා ජාතික කුහකයෙක් බවත් ඔහු තානාපති ධුරය ගත්තේ බැසිල් රාජපක්‍ෂ නිසා බවත් පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය

මහින්ද පතිරණ චෝදනා කරයි.

මෑතකදී නලින්ද සිල්වා විසින් පල කර ඇති ලිපියකින් පසු මහින්ද පතිරණ තම සමාජ ජාල ගිණුමේ ඔහුට දැඩි චෝදනා කරමින් මෙසේ සටහනක් තබා තිබේ.

''ද්විත්ව පුරවැසි බව කියන්නෙ රටවල් දෙකකට පක්ෂපාතී වීමක් වැනි මෝඩ අදහසක් ඇතැමුන් විසින් කියනු දුටුටා. එය එසේ නම් පිටරටවල, විශේෂයෙන් යුරෝපා රටවල සිටින සිංහල ඩයස්පෝරාවට ලංකාව ගැන දරන්න ඕන අදාළ රටවල් ලංකාව ගැන දරන මතයමයි. එය එසේ නොවන බව කුඩා ළමුන් පවා දන්නා දෙයක්. 

යුරෝපා රටවල් එල්.ටී.ටී.ඊ.යට අතිශය පක්ෂපාතී තැනක ඉන්නා විට ශ්‍රී ලාංකික, විශේෂයෙන් සිංහල ඩයස්පෝරාව හිටියේ ලංකාව පැත්තෙ. ගෝඨාභය රාජපක්ෂ මෙරට යුද්ධය අවසන් කරන්න අවශ්‍ය සියළු කටයුතු කළේ ඇමරිකානු පුරවැසිබවකුත් එක්ක. සරත් ෆොන්සේකාත් එහෙමයි. 

''යුරෝපා රටවල් එල්.ටී.ටී.ඊ.යට අතිශය පක්ෂපාතී තැනක ඉන්නා විට ශ්‍රී ලාංකික, විශේෂයෙන් සිංහල ඩයස්පෝරාව හිටියේ ලංකාව පැත්තෙ. ගෝඨාභය රාජපක්ෂ මෙරට යුද්ධය අවසන් කරන්න අවශ්‍ය සියළු කටයුතු කළේ ඇමරිකානු පුරවැසිබවකුත් එක්ක. සරත් ෆොන්සේකාත් එහෙමයි.'' 

බැසිල් පාර්ලිමේන්තු ඒම වළක්වන්න....

නලින් ද සිල්වා වැනි ජාතික කුහකයින් මේක තේරුම් ගන්න ඕන. ඔවුන් මේ ඇත්ත දන්නවා. ඒත් ඒ ඇත්ත වසන් කරමින් ඔවුන් අද කරන්නෙ බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු ඒම වළක්වන්න 19යේ අදාළ සීමාව ඉවත් කිරීමට එරෙහි වීම. 
1571022459 basil rajapaksa election 5නලින් හිතන්න ඕන ඔහු අද තානාපති තනතුරක් දරන්නෙ බැසිල් රාජපක්ෂගේ දේශපාලන කළමනාකාරිත්වය නිසා පත්වුණු ආණ්ඩුව නිසා බව. 

බැසිල් මේ රටට කළ හා කරන සේවය පැත්තකින් තියන්න. නලින් හිතන්න ඕන ඔහු අද තානාපති තනතුරක් දරන්නෙ බැසිල් රාජපක්ෂගේ දේශපාලන කළමනාකාරිත්වය නිසා පත්වුණු ආණ්ඩුව නිසා බව. 

පුළුවන් නම් රාජපක්ෂල නැතුව තනියම ඡන්දය ඉල්ලන පානදුර ප්‍රාදේශීය සභාවට පත් වෙන්න කියල මං අභියෝග කරනව. ඒත් එක්කම මං අභියෝග කරනව, පුළුවන් නම් නලින්ට ඔය තනතුරෙන් ඉවත් වෙන්න කියල. ඔහුට ඒක කරන්න බැහැ. මං දන්නවා ඔය තනතුර ගත්ත විදියත්. මහා දාර්ශනික කතා කියන අයගෙ කිල්ලොටවල හුණු ගැන අපෙන් අහගන්න එපා. 


''මං අභියෝග කරනව, පුළුවන් නම් නලින්ට ඔය තනතුරෙන් ඉවත් වෙන්න කියල. ඔහුට ඒක කරන්න බැහැ. මං දන්නවා ඔය තනතුර ගත්ත විදියත්. මහා දාර්ශනික කතා කියන අයගෙ කිල්ලොටවල හුණු ගැන අපෙන් අහගන්න එපා. ''

මේකත් කියන්න ඕන. 19යේ ද්විත්ව පුරවැසි බාධකය ඉවත් කරන්නෙ බැසිල්ට පාර්ලිමේන්තු එන්න නෙමෙයි. මම දන්න තරමින් බැසිල් රාජපක්ෂට එවැනි උවමනාවක් නැහැ. මේ බාධකය දැම්මෙ රාජපක්ෂ පවුලේ පුද්ගලයින් ඉලක්ක කරල. එහෙනම් ඒක ඉවත් කරන්න ඕන. 

ලංකාවට එරෙහි වුණු ද්විත්ව පුරවැසියන් කවුද?

නිකමට හිතල බලන්න. ලංකාවට එරෙහි වුණු ද්විත්ව පුරවැසියන් කවුද? මෑත කාලයේ ලංකාවට එරෙහි පිටරටවලට ගතු කියපු, පිටරටවල න්‍යාපත්‍රවලට වැඩ කරපු සියළු දෙනා පූර්ණ ශ්‍රී ලාංකික පුරවැසියන්. ද්විත්ව පුරවැසියන් තමා මේ රට මේ තැනට හරි ගොඩදාල තියෙන්නෙ. 

ඒ නිසා, කවුරුත් කෙසේ කීවත් මේ නීතිය ඉවත් කළ යුතුමයි. මිනිස්සු පොදුජන පෙරමුණට ඡන්දය දෙනකොට ඔවුන් 19ට එරෙහිවත් ඡන්දය දුන්නා. මොකද පොහොට්ටු කැම්පේන් එකේ ප්‍රධාන තේමාවක් වුනේ 19ට එරෙහි තුනෙන් දෙක ඉල්ලීම. ඒක අර කෑල්ල මේ කෑල්ල කියල වෙන් කළේ නැහැ. ජනවරම ක්‍රියාත්මක කරන්න වත්මන් පාර්ලිමේන්තුව බැඳි ඉන්නව.''

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්