සමගි ජනබලවේගය පක්ෂය සමඟ අනෙකුත් පක්ෂ සන්ධානගත වී සිටින නිසා එම පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කර සන්ධානයක් ලෙස

ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය කටයුතු සකස් කරන ලෙසත් තනි නායකයෙකු වෙනුවට නායකත්ව මණ්ඩලයක් පත් කරන ලෙසත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ඉල්ලීමක් කර ඇති බව එම පක්ෂයේ ලේකම් නිසාම් කාරිප්පර් පැවසීය.

පසුගිය ජනාධිපතිවරණය සමයේ එක්සත් ජාතික පක්ෂය සමඟ අනෙකුත් පක්ෂ සන්ධානගත වූ මොහොතේ රනිල් වික්‍රමසිංහට සන්ධානගත වූ පක්ෂ නායකත්ව මණ්ඩලයක් පත් කරන ලෙස ඉල්ලීමක් කළ බවත් ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථාවක්  තමන් සහ ජයම්පති වික්‍රමරත්න සකස් කළ නමුත් අවසන් මොහොතේ රනිල් වික්‍රමසිංහ එම ක්‍රියාවලිය යටපත් කළ බවත් කාරියප්පර් පැවසීය.

නායකත්වය පවසන දෙයක් අසා රූකඩ මෙන් සිටිනවා වෙනුවට සමගි ජන බලවේගය තුළ සන්ධානගතවී සිටින සියලු දෙනාටම එක හා සමානව කටයුතු කිරීමට අවස්ථාවක් ලබා ගැනීමට මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බවත් ඒ මහතා පැවසීය.■

(අනිද්දා - රේඛා නිලුක්ෂි හේරත්)


සබැඳි පුවත් :

''සජබ කියන්නේ සන්ධානයක්'' -සජිත්ලාට වෙන පක්ෂයක් හොයා ගන්නැයි මනෝ කියයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්