ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ඉදිවන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් තම රටේ ඉංජිනේරු ඥාණය මෙන්ම ආයෝජකයින් යොමුකිරීමේ කාර්යය

පිළිබදවද තම අවධානය යොමුවන බව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ පවසයි.

අද (02) පෙරවරුවේ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සමඟ අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති නිල සාකච්ඡාවකට එක් වෙමින් ඉන්දීය මහකොමසාරිස්වරයා එබව සඳහන් කළේය.

මේ වනවිට දකුණූ ආසියාවේ පැය 24ම අඛණ්ඩ විදුලි සැපයුමක් පවතින රටවල් අතර ප්‍රමුඛ ස්ථානයක් හිමිකරගෙන ඇත්තේ ශ්‍රී ලංකාව බවත්, ඒ පිළිබදව තමා මහත් සතුටට පත්වන අතරම ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් මූල්‍ය සහ තාක්ෂණික සහාය සැපයීමට අදහස් කරන බවත් ඉන්දීය මහ කොමසාරිස්වරයා එහිදී පැවසිය.

 

පුනර්ජනනීය බලශක්තිය ගැන දැඩි විශ්වාසයකින් ...

දෛනිකව ඉහළයන විදුලි ඉල්ලුම සපුරාලීම සදහා විදුලිබල අමාත්‍යාංශය දැන් සිටම ස්ථාවර පිළියම් සදහා යොමුවන බව මෙහිදී පැවසූ ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ක්‍රියාත්මකවන බලශක්ති ව්‍යාපෘතින් සංවර්ධනය කෙරෙහි ඉන්දීය රජයේ අවධානය යොමුවීම පිළිබදව සතුටු වන බවත්, ඉදිරියේදී ජාතික විදුලිජනන සැළැස්ම වැඩි වශයෙන් පුනර්ජනනීය බලශක්තියෙන්ම පෝෂිත කිරීමට සැලසුම් සකස් කරන බවත් පැවසීය.  

දෙරටේ ද්වීපාර්ශවික මිත්‍රත්වය තව තවත් තහවුරු කරමින් විදුලිබල ක්ෂේත්‍රයේ දැනුම සහ තාක්ෂණික ඥාණය ඉන්දියාව සමඟ හුවමාරු කරගැනීමට විෂයභාර අමාත්‍යවරයා වශයෙන් තමා එකඟවන බව පැවසු අමාත්‍යවරයා,  මෑතකදී අභාවප්‍රාප්ත හිටපු ඉන්දීය ජනාධිපති ප්‍රනාත් මුකර්ජිගේ අභාවය වෙනුවෙන්ද ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය ශෝකය පළකරන බව වැඩිදුරටත් පැවසීය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්