ඊයේ (09) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීම දැඩි උණුසුම්කාරී තත්වයක්  ගෙන තිබේ.

විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පවා හරි හැටි කරුණු කාරනා නොදන්නා බවට ඉදිරිපත් වූ පැමිණිලි හමුවේ විසිවන සංශෝධනයට අදාලව කරුණු පැහැදිලි කිරීම සඳහා එම මන්ත්‍රී කණ්ඩායම් හමුව කැඳවා තිබුනේ අගමැති මහින්ද රාජපක්ෂ විසිනි.

මෙම රැස්වීම පස්වරු 4.00ට ආරම්භ වී සවස 6.30 දක්වා පැවතියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි. 

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද එක්ව සිටියේය.

නීතිපති - පොලිස්පති ඉවත්කරන්න බැරි කතා !G.L 10

රැස්වීම ආරම්භ කරමින් කරුණු දක්වා ඇති අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, 19 සංශෝධනය හේතුවෙන් නීතිපති හා පොලිස්පති ඉවත් කිරීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවත්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිව සිටිය දී කැබිනට් අනුකමිටු හරහා රට පාලනය කලේ අගමැති රනිල් වික්‍රමසිංහ බවත් පෙන්වා දෙමින් 19 අහෝසි කර 20 ගෙන ඒමේ අවශ්‍යතාවය පැහැදිලි කර ඇත.

රැස්වීමෙන් අනතුරුව ජී. එල්. පීරිස් ගේ කතාව හාස්‍යයට ලක්කරමින් අප වෙත අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ  ප්‍රධානියකු පැවසුයේ, නීතිපති හා පොලිස්පති ඉවත් කිරීම 19 ව්‍යවස්ථාවට සම්බන්ධ නොමැති බවත්, 2002 දී අගමැති රනිල් වික්‍රමසිංහ විසින් අංක 5 පනත යටතේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙවිත් බහුතර ඡන්දයෙන් ඕනෑම අවස්ථාවක නීතිපති හා පොලිස්පති ඉවත් කිරීමේ හැකියාවක් පවතින බවත් ය.

එසේම, කැබිනට් අනුකමිටු හරහා රට පාලනය කළ බවට කරන චෝදනාවද පිළිගත නොහැකි බව කියා සිටි ඔහු වැඩිදුරටත් පැවසුයේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තමා ඉදිරිපත් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා තමාට බාධා කල බවයි.

අලි සබ්රි කියපු කතා !

sabri 10අනතුරුව අධිකරණ අමාත්‍ය අලි සබ්රි, විස්සේ රාජ්‍ය විගණනයට අදාල කරුණු දක්වමින් විගණනය බොරු වැඩක් බවට කරුණු දක්වා ඇත. 

විගනනයෙන් රටට වැඩක් සිදුව නැතැයි  ඔහු පැහැදිලි කර ඇත්තේ මැලේසියාවේ හා ඉන්දියාවේ විගණන කටයුතු සම්බන්ධයෙන් උදාහරණ ඉදිරිපත් කරමිනි.

අධිකරණ ඇමතිවරයා මිට ඉහත දී ප්‍රකාශකර තිබුනේ විසිවන සංශෝධනයට තමාගේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවත්, ජනාධිපති දුන් නියෝගමත සකස් කළ යෝජනාවලිය පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ බවත්ය. 

ජනාධිපති ගෙවිඳුගේ කට වසයි !

 

ඊයේ පැවති රැස්වීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග අදහස් දැක්වීමට ඉදිරිපත් වූ අවස්ථාවේ දී, ජනාධිපතිවරයා ඊට දිගින් දිගටම බාධා කර තිබේ.

'' ඔබතුමාව ඔය තනතුරට පත්කරන්න, මේ ආණ්ඩුව බලයට ගෙන්න  ජනමතය හැදුවේ අපි. ඔය සිතල කාමරවල හිටපු අය නෙමෙයි. ඒ නිසා 20 ගැන අපේ අදහස කියන්නත් අපටත් ඉඩක් දෙන්න.'' ගෙවිඳු මන්ත්‍රීවරයා Gawiduබාධා කිරීම් හමුවේ එක දිගට හඬ නගා තිබේ.

එයින් බලවත් සේ කෝපයට පත්ව ඇති ජනාධිපතිවරයා, '' මෙතන ඔය ගැන සාකච්ජා කරන්න දෙයක් නැහැ. මම මෙරටේ විධායක ජනාධිපති. ලක්ෂ 69ක් ජනතාව මාව විධායක ජනාධිපති විදියට පත්කරලා තියන්නේ 19 වෙනස් කරලා රට සංවර්ධනය කරන්න මට තියන බාධා ඉවත්කරලා දෙන්න. ඒ නිසා අනවශ්‍ය බාධා කිරීම් කරන්න එන්න එපා. '' යයි මේසයට තදින් පහර දෙමින් දැඩි අවේගයෙන් යුතුව සඳහන් කර තිබේ.  
 
'' චක්‍ර ලේඛන ගහ ගහා ඉන්නේ මොකටද. මම මේ රටේ විධායක ජනාධිපති..'' ජනාධිපතිවරයා දිගින් දිගටම හඬ නගමින් විධානය කර ඇත.

'' මෙතන ඔය ගැන සාකච්ජා කරන්න දෙයක් නැහැ. මම මෙරටේ විධායක ජනාධිපති. ලක්ෂ 69ක් ජනතාව මාව විධායක ජනාධිපති විදියට පත්කරලා තියන්නේ 19 වෙනස් කරලා රට සංවර්ධනය කරන්න මට තියන බාධා ඉවත්කරලා දෙන්න. ඒ නිසා අනවශ්‍ය බාධා කිරීම් කරන්න එන්න එපා. '' යයි මේසයට තදින් පහර දෙමින් දැඩි අවේගයෙන් යුතුව සඳහන් කර තිබේ.  

අගමැතිගේ ඉල්ලීම පයිසෙකට නොතකයි !

Mahinda R 10       ''මේ පක්ෂ නායකයින්ටත් එයාලගේ මතය කියන්න ඉඩ දෙන්න''- අගමැති බැගපත් වේ 


මේ අවස්ථාවේදී අමාත්‍ය විමල් විරවංශ,  ''අපේ අදහස් කියන්න එපා නම්, මේ රැස්වීමට අපට එන්න කිවේ ඇයි ?'' දැයි විමසමින්, විස්ස සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ඉදිරිපත්ව ඇති අතර ජනාධිපතිවරයා ඔහුට ද බාධා කර ඇත.

එහිදී  ''මේ පක්ෂ නායකයින්ටත් එයාලගේ මතය කියන්න ඉඩ දෙන්න'' යයි අගමැති මහින්ද රාජපක්ෂ කළ ඉල්ලීම ජනාධිපතිවරයා කිසිඳු ලෙසකින් නොතකා හරිමින් දිගින් දිගටම බාධා කිරීම් සිදුකර තිබේ.

අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අදහස් දක්වමින් විසිවන සංශෝධනයේ අවශ්‍යතාවය අවධාරණය කර ඇත.  

wiaml 10එම අවස්ථාවේදී වහා ප්‍රතිචාර දක්වා ඇති අමාත්‍ය විමල් විරවංශ, '' ජනාධිපතිතුමනි, මේ මිහිහා තක්කඩියෙක්. ඊයේ පාර්ලිමේන්තුවේදී මාව හමුවෙලා විස්සට බැන බැන, විමල් ඔයානම් 'ග්‍රේඩ් මිනිහෙක්' කියපු කෙනා අද මෙතනට ඇවිත් කියනවා විස්ස හොඳයි කියලා. 

ජනාධිපතිතුමනි, මෙරටේ හුඟාක් නායකයින්ට වැරදුනේ මේවගේ තක්කඩි නිසා. ඒ නිසා ඔබතුමා ප්‍රවේශම් වුනොත් හොඳයි'' යි දැඩි ආවේගයෙන් යුතුව සඳහන් කර තිබේ.

මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයා වෙනුවෙන් පවිත්‍රා දේවි වන්නිආරච්චි අදහස් දක්වමින්, 19 සංශෝධය ගෙන ආවේ දේශපාලන පලිගැනීම් සඳහා බැවින් එය අහෝසි කළ යුතු බවට අවධාරණය කර තිබේ.

වාසුදේව බාධා නොතකා සුපුරුදු වාග් ප්‍රහාරයේ !

මෙම අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ ඇතැම් පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ බාධා කිරීම් පවා නොතකා හරිමින් අදහස් දක්වා ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාර, අමාත්‍ය අලි සබ්රි විසින් විගණනය සම්බන්ධයෙන් කළ කරුණු දැක්වීම දැඩි ලෙස විවේචනයට ලක්කර ඇත. 

පාර්ලිමේන්තු කෝප් කමිටු සාමාජිකයකු ලෙස රාජ්‍ය ආයතන විගණනය කිරීමේ අවශ්‍යතාවය තමා හොඳින් දන්නා පවසා ඇති වාසුදේව අමාත්‍යවරයා, ජනාධිපති කාර්යාලය හා අගමැති කාර්යාලය විගණනය කිරීමට බිය වියwasu 10 යුත්තේ ඇයි දැයි විමසා තිබේ. 

මෙම අවස්ථාවේදී විජේදාස රාජපක්ෂ, විදුර වික්‍රමනායක, ටිරාන් අලස් වැනි කිහිප දෙනෙකු අදහස් දැක්වීමට සුදානම් වූ අවස්ථාවේදී ''මේ ගැන තවත් කතාකරන්න දෙයක් නැහැ. ජනතාව මට බලය දීලා තියනවා. ඒ අනුව මම කටයුතු කරනවා'' යයි ජනාධිපතිවරයා දැඩි ස්වරයෙන් පවසා ඇත.

'' එහෙමනම් අපි මේ සාකච්ජාව දැන් නවත්තමු නේද ? '' යයි කියමින් අගමැතිවරයා රැස්වීම  අවසන්කර තිබේ.

බැසිල් වෙනම රැස්වීමක් කැඳවලා !

රැස්වීමෙන් අනතුරුව අප වෙත අදහස් දැක්වූ එම රැස්වීමට සහභාගී වූ අයකු පැවසුයේ, රැස්වීමෙන් පැය  දෙකකට වැඩි කාලයක් කතාකලේ ජනාධිපතිවරයා බවයි. 

'' එතුමා දිගින් දිගටම බාධා කළා. ආණ්ඩුවේ පාර්ශවකාර පක්ෂවල නායකයින්ට කතාකරන්න දුන්නේ නැහැ. ඒ අතරේ බැසිල් රාජපක්ෂට හිතවත් මන්ත්‍රීවරුන් විස්සට එරෙහිව අදහස් දැක්වූ මැති ඇමතිවරුන්ට දිගින් දිගටම බාධා කළා. 

කොහොමටත් මේ රැස්වීම පටන් ගන්න පැය දෙකකට ඉස්සෙල්ල බැසිල් රාජපක්ෂ මහත්තයා, එයාගේ මන්ත්‍රී කණ්ඩායමේ පසුපෙළ සාමාජිකයින්  කැඳවලා විශේෂ සාකච්ඡාවක් තියලා තිබුණා යයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 


'' ඔය මනුස්සයගෙ තියෙන්නෙ බොරු හිනා.'' -Uvindu Kurukulasuriya


Uvindu Kමේ අතර ඊයේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ජාව සම්බන්ධයෙන් 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය ඊයේ රාත්‍රීයේම සිය FB පිටුවේ මෙවැනි සටහනක් පළකර තිබිණ.

''කෑම කොහොමද!!! 

මම විධායක ජනාධිපති කියල වියරුවෙන් සාර් සද්දෙ දාල. මුලු පාර්ලිමේන්තු කණ්ඩායමට සාර් දීල.

කතා කිරීමේ නිදහසත් නැතිකරල. ගෙවිඳුටත් වාඩිවෙන්න කියල, වාසුටත් වාඩිවෙන්න කියල, විමල් නැගිටිනකොට විමල්ටත් වාඩි වෙන්න කියල. 

මම විධායක ජනාධිපති* කියල වියරුවෙන් සාර් සද්දෙ දාල. 

හැබැයි විමල් අහල එහෙනම් අපිට මොකටද එන්න කිව්වෙ කියල. 

මහින්ද ශේප් එකක් දාන්න ගියාලු, සාර් අයිය දිහා බැලිවෙ වත් නැහැලු. 

නිමල් සිරිපාල සාර්ව සුද්ධ කරන්න යනකොට විමල් කෑගැහැව්වලු, "ඊයෙ ග්‍රේට් විමල් කියල මට කියපු තමුසෙ දැන් මෙතන මෙහෙම කියනව, තමුසෙ මහ තක්කඩියෙක්" කියල. 

අනිත් අය චූ ගිහින් වගේ හිටියලු. 

මේ ඔක්කොම 20 ගැන පැහැදිලි කරන්න කියල එන්න කියල අද (09) අරලියගහ මන්දිරයට එන්න කියල, කරපු සබ්‍රිතුමාගෙ ප්‍රසන්ටේශන් එකෙන් පස්සෙ වෙච්ච දේවල්. 

බලයක් නැතිව මෙහෙම කට වහනව නම්, ව්‍යවස්ථාව සංශෝධනය කර ගත්තොත් කොහොම හිටීද. 

ජර්මනියේ ප්‍රජාතන්ත්‍රවාදී Weimar ව්‍යවස්ථාවෙන් බලාපොරොත්තු වූ ප්‍රතිසංස්කරණ ඉටුනොවූ පසු බලයට ආ හිට්ලර් වැඩකරේත් මේ ආකරයෙන්ම ය. මේ ගැන ඕනෑ තරම් ලියවී ඇත.

 හෘද සාක්කියක් තියෙන අය මේ ඒකාධිපතිත්වයට විරුද්ධව දැන්මම නැගීසිටිය යුතුය.  

ඔය මනුස්සයගෙ තියෙන්නෙ බොරු හිනා.

*එතන හිටපු එකෙකක්වත් හැබැයි සාර්ට කියල දීල නැහැ "විධායක ජානාධිපති" කියල තනතුරක් ව්‍යවස්ථාවෙ නැහැ කියල. 

අනේ මන්ද ඒවත්!

Screen Shot 2020 10 10 at 12.28.59 PM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image