The Leader News
BREAKING
Top Ad
පුවත්

අංශක 45ට අඩු බැවුම්වලත් නාය අවදානමක්: යළි සිතියම්ගත කිරීමට යෝජනාවක්

T

The Leader Desk

December 20, 2025 • 4:30 PM

අංශක 45ට අඩු බැවුම්වලත් නාය අවදානමක්: යළි සිතියම්ගත කිරීමට යෝජනාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම ස්ථාන නැවත සිතියම් ගත කළ යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා අධ්‍යනාංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.
  • ඔහු එබව කියා සිටියේ 'හිරු' කළ විමසීමකදීය.
අකුරු ප්‍රමාණය (Font Size):

එම ස්ථාන නැවත සිතියම් ගත කළ යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා අධ්‍යනාංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.

ඔහු එබව කියා සිටියේ 'හිරු' කළ විමසීමකදීය.

සාමාන්‍යයෙන් මිලිමීටර් 100කට වඩා අධික වර්ෂාපතනයක් ඇතිවුවහොත් අංශක 45 ක බෑවුම් ප්‍රදේශවල නාය යෑමේ තත්ත්වයන් ඇති විය හැකි බවත් මිලිමීටර් 500කට වඩා අධික වර්ෂාපතන ලැබෙන ප්‍රදේශවල අඩු බෑවුම් වුවද ඝණ පස් තට්ටු තිබුණද අධික වර්ෂාපතනය හේතුවෙන් නාය යෑමේ ඉඩකඩක් පවතින බවද මහාචාර්යවරයා පෙන්වා දෙයි.

මේ නිසා අංශක 45ක බෑවුමකට අඩු ප්‍රදේශවල සිතියම් ගත කිරීම දිස්ත්‍රික් 12ක් කේන්ද්‍ර කර ගනිමින් ඉදිරි සති දෙකක කාලය ඇතුළත ආරම්භ කරන බවත් ඒ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූ විද්‍යාඥයින්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ අධ්‍යනාංශයේ ශිෂ්‍යයින් සහ තවත් කණ්ඩායම් සහභාගී කරවා ගැනීමට බලාපොරොත්තු වන බවද මහාචාර්යවරයා සඳහන් කළේය.

සිතියම්ගත කරන කටයුතු අවසන් වූ පසු ඒවා දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් අදාල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලබාදෙන බවද අංශක 45ක අඩු බෑවුම් ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනයේ ප්‍රමාණය අනුව අවදානම් ස්ථාන හඳුනාගෙන ඒවා ගැන ජනතා දැනුවත් කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් පියවර ගැනීමට අවස්ථාව හිමිවන බවද මහාචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...