leader s

ඈත ඉඳන් බලපුවම හැම ලංකාවේ ජාතියකටම වගේම විදේශිකයෙක්ට උනත් ලස්සන ස්වභාවධර්මයේ නිර්මාණයක් වන මේ කන්දට සුද්දෝ කිව්වේ බයිබල් කන්ද (Bible Rock) කියල. හැබැයි උන් ඒකෙ බයිබලයක්

ඇටෙව්වේ නැහැ. අපි කිව්වේ බතලේගල කියල. අපි බතල හිටෙව්වෙත් නැහැ. තව එවුන් තව මොනවා කිව්වද මන්ද...මොකක් කිව්වත් මේක අපි හැමෝටම කන්දක්. එච්චරයි. 

ඉතින් හැමෝටම මේ කන්ද කන්දක් (හෝ පර්වතයක්) හැටියට තම තමන්ගේ ඇස් මට්ටමින් බෙදා ගන්න පුළුවන්. හැබැයි මේ වෙහෙරක් අටවලා කරන්නේ ඒ කන්ද ''බෞද්ධ කන්දක්'' කරන එක.  මේක තමයි බෞද්ධ හීනමානය. මොකද මේ කන්ද එක්කම පහළ මුස්ලිම් මිනිස්සු ගොඩක් ජීවත් වෙනවා.

මෙන්න මේ මෝඩ මරි ජාතිකවාදී බෞද්ධකම ගැන වද වෙන්නේ නැතුව ජනාධිපතිවරයා කියනවා ඔය කන්ද කන්දක් විදියට තියෙන්න ඇරපල්ලා කියල. අනවශ්‍ය අනවසර ඉදිකිරීම් කරන්න එපා මේක රක්ෂිත වන සංරක්ෂණ භූමිභාගයක් කියල. 

දැන් ජනාධිපතිටත් උඩින් ඉන්න බුද්ධ සාසන ලේකම් කියනවා (අර පුරාවිද්‍යා මහාචාරිය වගේ) නැහැ මෙහෙම ඉදිකිරීමක් කරන්න ප්‍රාදේශීය සභාවේ අනුමැතිය අරන් තියෙන්නේ කියල.

මෙන්න මේ වගේ උං නිසා තමයි රටේ පරිසරයේ දෘශ්‍ය ඒකාග්‍රතාව (visual integrity) නැතිවෙන්නේ. කන්දක් දිහා බලපුවම ඒක කන්දක් හැටියට නෙවෙයි පේන්නේ. පන්සලක් හැටියට, නැත්නම් දේවාලයක් හැටියට. මේ ලේකමා දන්නේ නැද්ද යුනෙස්කෝ ප්‍රඥප්තියේ පරිසරයේ ඇත්ත පෙනුම (authentic nature) වෙනස් කරන්න දෙන්නේ නැහැ කියල. ඒක වරදක් කියල. ලංකාවේ බහුතරයක් සංගයා ලෝකෙයේ දියණු දේවල් ගැන මල පොතේ අකුරක් දන්නේ නැහැ කියල. ප්‍රාදේශීය සභා වල ඉන්නේ අමු මැට්ටෝ කියල. මෙහෙම නිලධාරී එක්ක කොහෙද විසි එක් වෙනි සියවසට යන්නේ.... 


(සමාජ මාධ්‍යයෙන් උපුටා ගැනිණ)

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්