leader s

 
(පොළොව යට තියෙන දේවල් ඔහේ තිබුණාවේ. පොළොව උඩ තියන දේවල් පරිස්සමින් බලා ගන්න...)
 
සබරගමුවේ මුල්ම කාල වකවානුවේ ආරාධිත දේශන කිහිපයකට ආචාර්ය සිරාන් දැරණියගල ආව. එයා සබරගමුවට ගොඩක් සම්බන්දකම් තිබ්බ. ඒ නිසා වෙන්න ඇති අපි වගේ ඒ වෙලාවේ පොඩි විශ්ව විද්‍යාලයකට ඒ වගේ සුවිසල් මිනිසෙක් ආවේ. 
 
ඒ වෙනකොටත් එයා එයාගේ ප්‍රධාන ගවේෂණ කරලා හිටියේ මගේ හිතේ.
 
ශාස්ත්‍ර ගවේෂකයෙක් වෙනවා නම් නිකම් මෙන්න මේ වගේ වෙන්න ඕනි වගේ හැඟීමක් ආව එයා දැකල. 
 
පුරා විද්‍යාව කිව්වොත් පොළොව හාරලා මොකක් හරි හොයාගෙන ඒ ගැන කටකමසෙයියාවක් නැතුව මොනවා හරි දොඩවන එකට ලොකු සංකේත වටිනාකමක් ඒ වෙනකොට උනත් තිබ්බත් සිරාන් පුදුම තරම් අඩුවෙන් කතා කරපු මිනිහෙක්. දැනුයි තේරෙන්නේ ඒ ඇයි කියල. 
 
එයාගේ විෂය ක්ෂේත්‍රය එක්ක මගේ සම්බන්දය ගොඩක් අඩු වුණත් එක දවසක් පුරා විද්‍යාව ගැන ඔහුගේ දේශනයකදී කියපු කතාවක් විතරක් ඔහුට ගෞරවයක් හැටියට මෙතන ලියා තබන්නම්.
 
 
'පොළොව යට තියන ඒවා කොච්චර කාලයක් ගියත් මොනවත් වෙන්නේ නැහැ. ඒ නිසා පොළොව යට තියන ඒවා හොයන්න ඒ තරම් මහන්සි වෙන්න ඕනි නැහැ. ඒවා ඔහේ තියෙයි. පොළොව උඩ තියන ඒවා තමයි අනතුරුදායක. ඒ නිසා පොළොව උඩ තියන ඒවා පරිස්සමෙන් බලා ගන්න'.
 
එයාගේ විදියට ගවේෂණය කරන්න නම් පොළොව හාරන්න ම වෙනවා. නමුත් හාරලා ගොඩ ගන්න දේවල් සජීවී සමාජයක් ඇතුළේ ලොකු ප්‍රශ්න ජනිත කරන්නත් පුළුවන්. එයා එයාගේ විද්‍යාවේ විරුද්ධාභාෂය (paradox) පොදු අවකාශයට ගෙනාවේ එහෙම. 
 
ඒක පාඩමක් නිසා සිරාන් මගේ ගුරුවරයෙක්. 
 
 
Mahesh Hapugoda 1
 
(මහේෂ් හපුගොඩ )
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
 
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 
 
 
 
 
 
THE LEADER TV 
ජනාධිපති සජිත්ට එන්න කියන්නේ ඇයි?
 
 
ගුරු සටන ගැන "ස"ට කේළමක් 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්