leader s


[දිවංගත මංගල සමරවීර අමාත්‍යවරයාගේ භෂ්මාවශේෂ මිහිදන් කිරීම ඊයේ (නොවැම්බර් 26) මාතර දී සිදු කෙරින.]


මිතුර ඔබ
ගමේ ආවා ඉතින්
අළු බඳුනක් ලෙසින්
සුදු නෙලුම් අත දරා
සිටියා හිතවතුන්
ඔබ කළ ගුණ
තවම අමතක
නොකළ මිනිසුන් !

කයින් ඔබ තවදුරටත්
නැතිමුත් අප'තර.....
සිතින්, හදවතින්
ඔබ තවම අප අතර
"උදාවෙන" නොව
දහඩිය මහන්සියෙන්
"උදා කර ගන්නා!"
හෙට දිනෙක
නිර්භයව ඔබ දැරූ
අදහස්.....


ෆීනික්ස් පක්ෂියෙකු සේ
අළු මතින් නැඟිටුවා
සැබෑවක් කළ හැකි
මිනිසුන් තනන්නට
කැපවෙන්ට හැකි නම්
එයයි අප ඔබට පුදනා
සැබෑ උපහාරය !!!


(ප්‍රියන්කාරගේ බන්දුල ජයවීර)



Mangala 2021.11.27 1

 

''මංගල මළත් ජීවත් වෙන මිනිහෙක්'' - චින්තන ධර්මදාස

'' මංගලගෙ රූප කායෙන් ඉතිරි වුණු සියල්ල පුංචි පෙට්ටියක තැන්පත් කර මිහිදන් කළා. ඒත් මංගලගෙ සංකල්ප කාය නිදහස් වෙලා තියෙනවා. ඒ අදහස්වලින් පුළුවන් තව තවත් අය ආසාදනය කරන්න. දේශපාලන කූඩැල්ලො වෙනුවට තටු සලන වෛරවර්ණ සමනළුන් බිහිකරන්න.

මට කිසි දවසක දේශපාලන චරිතයක් මේ තරම් තදින් දැනිලා රිදිලා නෑ. ඇත්තටම මංගලගේ සමුගැනීම වඩා සුවිසල්ව දැනෙන්නෙ මංගල කියන්නෙ දේශපාලනය ඉක්මවා ගිය විසල් විසිතුරු ජීවිතයක් හින්ද. ජීවත්වුනත් මළාක් වැනි දහසක් මිනිස්සු මැද මංගල මළත් ජීවත් වෙන මිනිහෙක් හින්ද.''



''මංගල ගැන විශාල කතා අවකාශක් නිර්මානය වෙලා'' - කේ සංජීව

''ජීවත්වෙලා හිටි මංගලට වඩා මියගිය මංගල ගැන විශාල කතා අවකාශක් නිර්මානය වෙලා තියෙනවා. මට හිතෙන්නේ ඒක හොඳ දෙයක්. ජාතිවාදයට ආගම්වාදයට කුලවාදයට විරුද්ධ වඩා පුලුල් දේශපාලන අවකාශයක් ඉදිරියේදී හදාගන්නේ කොහොමද කියන සංවාදයට මේ මංගලයානු කතාබහ හොඳ වේවී. ඒ වගේම 2025 වෙනකොට නිර්මානය වෙන්න නියමිත අලුත් දේශපාලන සුළි කුනාටුවටත් මේ සංවාදය වැදගත් වෙනු ඇති..'' - කේ සංජීව


සේයා :
(ශානිකා ජයසේකර සහ කැලුම් ශිවන්ත - ශ්‍රී ලංකා මිරර්)

{gallery}Mangala Samaraweera{/gallery}

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්