අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
‘සිරිළිය සවිය’ ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම විසින් ඇය අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මේ අතර, ශිරන්ති රාජපක්ෂ හෙට (08) පස්වරු 12.30ට නාවලෝක රෝහලේ ඇයගේ සුපුරුදු වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට අධිකරණය නියෝග කර තිබේ.
එමෙන්ම, අදාළ නඩුකරයට සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා ඇප මත මුදාහැරීමටද අධිකරණය නියෝග කර ඇත.



