The Leader News
BREAKING
නැව් ගාස්තු සහ අමුද්‍රව්‍ය අර්බුදයෙන් පොල් තෙල් අපනයනය අඩාලයි●ශෂීන්ද්‍ර රාජපක්ෂගේ මූලික විරෝධතාව මහාධිකරණයෙන් ඉවතට●දූෂණ විරෝධී සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි●මෙල්බර්න් ළමා අපයෝජන නඩුව: නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්●පාස්ටර් ජෙරොම්ගේ නඩුව මාර්තු 3 වැනිදාට●ඩොලර් මිලියන 25ක ජාවාරම: විධායක නිලධාරියා රිමාන්ඩ්●ලංකා-ලිතුවේනියා මිතුදමට තිස් වසරයි: ඩිජිටල් ලොව දිනන්න නව දොරක්●ආයු සහ බහුචිතවාදියා: සිනමාවෙන් මතුකෙරෙන තිත්ත දේශපාලනය | අතුලසිරි සමරකෝන්●සිවුරක සිටිය යුත්තේ කවුද? | කුසල් පෙරේරා●EXCLUSIVE: පාස්කු මහ නඩුවේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවේ අභියෝගයට●
Top Ad
පුවත්

මෙල්බර්න් ළමා අපයෝජන නඩුව: නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්

Nethmini

Nethmini

October 9, 2026 • 9:10 AM

මෙල්බර්න් ළමා අපයෝජන නඩුව: නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ධම්ම සරණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් 1994 සිට 2002 දක්වා කාලය තුළ සිදුවූ බව කියන බාලවයස්කාර දැරියන් ලිංගික අපයෝජනයට ලක්කිරීමේ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් වික්ටෝරියා ප්‍රාන්ත අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
  • එරට නීතියට අනුව පෙර නිදහස (Parole) සඳහා ඉල්ලුම් කිරීමට නම් විත්තිකරු අවම වශයෙන් වසර 9යි මාස 4ක කාලයක් බන්ධනාගාරගතව සිටිය යුතු වේ.
  • "විශ්වාසය අමු අමුවේ පාවාදීමක්" නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු තිවානා අවධාරණය කළේ මෙම ක්‍රියාවන් ආගමික සහ සමාජයීය විශ්වාසය බරපතළ ලෙස පාවාදීමක් බවයි.
  • "ඔබ ඔබේ විකෘති ලිංගික ආශාවන් සන්තර්පණය කරගැනීම සඳහා විහාරස්ථානයට පැමිණි අහිංසක දැරියන් ගොදුරු කරගෙන තිබෙනවා," යනුවෙන් විනිසුරුවරයා විවෘත අධිකරණයේදී සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ධම්ම සරණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් 1994 සිට 2002 දක්වා කාලය තුළ සිදුවූ බව කියන බාලවයස්කාර දැරියන් ලිංගික අපයෝජනයට ලක්කිරීමේ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් වික්ටෝරියා ප්‍රාන්ත අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

වික්ටෝරියා ප්‍රාන්ත අධිකරණයේ විනිසුරු පර්දීප් තිවානා විසින් නියම කරන ලද දඬුවමට අනුව, 71 හැවිරිදි නාඔටුන්නේ විජිත හිමි වසර 13යි මාස 2ක සිරදඬුවමක් විඳිය යුතුය. එරට නීතියට අනුව පෙර නිදහස (Parole) සඳහා ඉල්ලුම් කිරීමට නම් විත්තිකරු අවම වශයෙන් වසර 9යි මාස 4ක කාලයක් බන්ධනාගාරගතව සිටිය යුතු වේ.

"විශ්වාසය අමු අමුවේ පාවාදීමක්"

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු තිවානා අවධාරණය කළේ මෙම ක්‍රියාවන් ආගමික සහ සමාජයීය විශ්වාසය බරපතළ ලෙස පාවාදීමක් බවයි.

"ඔබ ඔබේ විකෘති ලිංගික ආශාවන් සන්තර්පණය කරගැනීම සඳහා විහාරස්ථානයට පැමිණි අහිංසක දැරියන් ගොදුරු කරගෙන තිබෙනවා," යනුවෙන් විනිසුරුවරයා විවෘත අධිකරණයේදී සඳහන් කළේය.

පසුගිය වසරේ පැවති නඩු විභාගයේදී දරුවෙකු සමඟ ලිංගිකව හැසිරීමේ චෝදනා 9කට සහ දරුවෙකු සම්බන්ධයෙන් අශෝභන ක්‍රියා සිදුකිරීමේ චෝදනා 8කට විජිත හිමි වරදකරු බවට ජූරි සභාව විසින් තීරණය කර තිබිණි. වින්දිත දැරියන්ගේ දෙමාපියන් විහාරස්ථානයේ ආසන්න කාමරවල රැඳී සිටි අවස්ථාවලදී පවා මෙම අපයෝජනයන් සිදුව ඇති බව සාක්ෂි මඟින් අනාවරණය විය.

නඩු විභාගයේදී සාක්ෂි දුන් වින්දිත කාන්තාවන්ගේ ප්‍රකාශ විශ්වාසදායක සහ ස්ථිරසාර ඒවා බව අධිකරණය පිළිගත්තේය. දශක ගණනාවක් පුරා තමන් විඳි මානසික පීඩාව සහ කම්පනය වින්දිතයන් අධිකරණය හමුවේ අනාවරණය කර තිබිණි.

අධිකරණ ශාලාවේ නොසන්සුන් වාතාවරණය

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලබාදුන් කෙටි විවේකයේදී අධිකරණ ශාලාව තුළ යම් නොසන්සුන් තත්ත්වයක් හටගත් බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

සිවුර වෙනුවට බන්ධනාගාර නිල ඇඳුමෙන් පෙනී සිටි විත්තිකරු, ශාලාවේ සිටි සිය ආධාරකරුවන් දෙස බලා සිනාසෙමින් අත වැනීමත්, ආධාරකරුවන් කිහිපදෙනෙකු ඔහු දෙසට වැඳ නමස්කාර කිරීමත් වින්දිත පාර්ශ්වයේ දැඩි කෝපයට හේතු විය. එහිදී එක් වින්දිත කාන්තාවක් ශබ්ද නගා සිය විරෝධය පළකළ අතර, අධිකරණ ආරක්ෂක නිලධාරීන් මැදිහත් වී විත්තිකරු සහ ආධාරකරුවන් අතර පැවති සබඳතාව වැළැක්වීමට පියවර ගත්තේය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් නඩු විභාගයේදී තර්ක කර තිබුණේ මෙවැනි සිදුවීම් කිසිවක් සිදු නොවූ බවත්, චෝදනා එල්ල කළ ඇතැම් පුද්ගලයන් විත්තිකරුගේ මතකයේ හෝ නොමැති බවත්ය.

වගකිවයුතු පදවි සහ පසුබිම

1994 වසරේදී ස්වීඩනයේ ස්ටොක්හෝම් බෞද්ධ විහාරස්ථානයේ සිට ඔස්ට්‍රේලියාව බලා වැඩම කළ නාඔටුන්නේ විජිත හිමි, වික්ටෝරියා ප්‍රාන්තයේ ස්ප්‍රිංවේල් සහ පසුව කීස්බරෝ ප්‍රදේශවල පිහිටි ධම්ම සරණ විහාරස්ථානයේ ප්‍රධානියා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළේය.

ස්වීඩන්, ඉංග්‍රීසි සහ සිංහල භාෂා චතුර ලෙස හැසිරවීමේ හැකියාව තිබූ උන්වහන්සේ, මෙරට ප්‍රධාන පෙළේ නිකායකින් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක පදවිය ඇතුළු විවිධ ගෞරව නාමයන්ගෙන් ද පිදුම් ලබා සිටි හිමිනමකි. 2023 වසරේදී වින්දිතයන් පොලිසිය හමුවට පැමිණ පැමිණිලි කිරීමත් සමඟ මෙම සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ විය.


වැඩිදුර තොරතුරු : බීබීසී සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...