විසිවන සංශෝධනය සම්මත කර ගැනීමට කඩිමුඩියේ කටයුතු නොකර,

ජනාධිපතිවරයගේ මීළඟ සංවත්සරයට පෙර නව ව්‍යවස්ථාව එළි දැක්වීමට කටයුතු කරන්නැයි බුද්ධිමත් ජන නායකයෙක් වශයෙන් සලකන මහින්ද රාජපක්ෂ අගමැති ගෙන් ඉල්ලා සිටින බව 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' සභාපති කරු ජයසූරිය පවසයි.

මෙම ඉල්ලීම සිදු කරනු ලබන්නේ අගමැතිවරයට එවැනි ආකාරයට පාර්ලිමේන්තුව මෙහෙයවීමේ ශක්තිය ධෛර්‍යය හා හැකියාව ඇති බවට අප දැඩිව විශ්වාස කරන නිසා යයි ද ඔහු කියා සිටියි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සහ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් යුතුව ඊයේ (19) කැඳවා තිබු ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමින් ඔහු එබව සඳහන් කළේය.

20 සම්මත කර බල ලෝභීත්වයෙන් මේ රටේ ඒකාධිපති පාලනයක් ඇතිකිරීමට කටයුතු සිදුවෙමින් පවතින බව පැවසු කරු ජයසුරිය, හිතුවක්කාර ලෙස රජය 20 වන ව්‍යවස්ථා සංශෝධනය 21 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත්, එය ලංකා ඉතිහාසයේ අවාසනාවන්තම කාල පරිච්ඡේදයක ආරම්භය ලෙස ඉතිහාසයට එක්වනු ඇතැයි  අවධාරණය කර සිටියේය.

හිතුවක්කාර ලෙස රජය 20 වන ව්‍යවස්ථා සංශෝධනය 21 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත්, එය ලංකා ඉතිහාසයේ අවාසනාවන්තම කාල පරිච්ඡේදයක ආරම්භය ලෙස ඉතිහාසයට එක්වනු ඇතැයි ඔහු එහිදී අවධාරණය කර සිටියේය.

මෙම මාධ්‍ය හමුවේ දී හිටපු කතානායක කරු ජයසුරිය මෙසේද පැවසිය.

''එක් අතකින් කොරෝනා වසංගතය නොසිතූ ආකාරයට මුළු රටේම පැතිරෙමින් පවතිනවා.

ජන ජීවිතය සම්පූර්ණයෙන් අවුල් වෙලා.

අඩු ආදායම්ලාභීන් හා දෛනික ඉපැයීම් ලබන පුද්ගලයින්ගේ අදෝනාව සෑම පැත්තකින්ම ඇසෙනවා. මීට පෙර සිදු කළ ආකාරයට මේ අසරණ පුද්ගලයින් වෙනුවෙන් කිසිම සහනයක් සළසා නැහැ.

ආහාර ගැනීමට මුදල් නොමැතිව පීඩා විදින පවුල් ගැන අපට නිතර වාර්තා වෙනවා.

20 සම්මත කර බල ලෝභීත්වයෙන් මේ රටේ ඒකාධිපති පාලනයක් ඇතිකිරීමට ආණ්ඩුව වියරුවෙන් ක්‍රියා කරනවා.

මේ අයට ජන දුක තේරෙන්නේ නැහැ.

''ආර්ථික දත්ත මුදා හැරීමත් නවතා දමා තිබෙනවා.''

මෑත ඉතිහාසයේ කිසි දිනක මුහුණ නොදුන් ආර්ථික අභියෝගයක් අබිමුව අප සිටිනවා.

2020 අවුරුද්දේ පළමු මාස තුනේදී රටේ ආර්ථිකය හැකිලුණා.

මේ වන විට සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව ආර්ථික දත්ත මුදා හැරීමත් නවතා දමා තිබෙනවා.

මේ ආර්ථික අභියෝගයට මුහුණ දීමට අවශ්‍ය වන්නේ, රටම එකතු කළ හැකි නායකත්වයක් මිස, තනි මතයට සියලු දෙනා යටත් කළ යුතුයි කියන නායතක්වයක් නොවන බව අපට හොඳින් පේනවා.

''මේ ආර්ථික අභියෝගයට මුහුණ දීමට අවශ්‍ය වන්නේ, රටම එකතු කළ හැකි නායකත්වයක් මිස, තනි මතයට සියලු දෙනා යටත් කළ යුතුයි කියන නායතක්වයක් නොවන බව අපට හොඳින් පේනවා. ''

මිල පාලනය කරන්න සිදු කළ උත්සාහය අසාර්ථක වීම ම හොඳ නිදසුනක්.

ලෝක ආර්ථකයත් මේ විශාල වශයෙන් පසු පෑමට නියමිතයි. එම කඩා වැටීම දැන් ආරම්භ වෙලා තියෙනවා.

ඒවාට මුහුණ දීම ගැනයි ආණ්ඩුව ප්‍රමුඛතාව ලබා දිය යුතු වන්නේ.

ජීවන වියදම පාලනය කිරීමට 19න් බාධාවක් නෑ. 20න් ලැබෙන පුලුවන් කමකුත් නෑ.

තවත් දූෂණයට සහ අරාජිකත්වයට මග පෑදීම විතරයි සිදු වන්නේ.

''දේශ හිතෛශී මහතෙරුන් වහන්සේලාට කරන  බලවත් අපහාසයක්''

Sangaආගමික නායකත්වයට මෙන්ම ඊට දායක වූ පාර්ශවයන්ට සිදු කරන බලවත් අපහාසයක්

මේ රජය බලයට ගේන්න දිවි හිමියෙන් කැපවුණු දේශ හිතෛශී මහතෙරුන් වහන්සේලා, ජාතික සංවිධාන එකමුතුව මෙන්ම ආණ්ඩුවට සහයෝගය දක්වන පක්ෂ මෙන්ම සෑම ජන කොට්ඨාශයකින්ම නැගෙන විරෝධය තුට්ටු දෙකකට ගණන් නොගෙන මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීම ආගමික නායකත්වයට මෙන්ම ඊට දායක වූ පාර්ශවයන්ට සිදු කරන බලවත් අපහාසයක් ලෙසයි අද සමාජය දකින්නේ.

ඒ වාගේම ශ්‍රී ලංකා අමරපුර රාමඥ්ඥ සාමග්‍රී මහා සංඝ සභාව, කතෝලික රදගුරු සම්මේලනය, ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන සියළුම පක්ෂ, ශ්‍රී ලංකා නීතීඥ සංගමය, වෘත්තීයවේදීන්, ශ්‍රී ලංකා විගණන සේවා සංගමය, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, ජාතික වෘත්තීය සමිති පෙරමුණ දැඩි විරෝධය පළ කර තිබිය දී, රටේ පවතින වර්තමාන තත්වයද සැළකිල්ලට ගෙන මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නතර කර සියළු දෙනාගේ සහභාගීත්වයෙන් යෝජනා හා අදහස් ලබාගෙන රටට ගැලපෙන නව ව්‍යස්ථාවක් සැකසීමය කටයුතු කරන මෙන් අප ඉල්ලනවා.

මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට ඇති හදිසිය අප දැක්කේ අධිකරණ ක්ෂේත්‍රය කවදාවත් නොදකින ජනාධිපතිතුමාට, හා කථානායකතුමාට යවන ගරු ක්ෂේත්‍රාධිකරණයේ උත්තරීතර තීන්දුව කථානායක වරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් පෙර මාධ්‍ය හරහා ප්‍රචාරය වීමයි.

''මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට ඇති හදිසිය අප දැක්කේ අධිකරණ ක්ෂේත්‍රය කවදාවත් නොදකින ජනාධිපතිතුමාට, හා කථානායකතුමාට යවන ගරු ක්ෂේත්‍රාධිකරණයේ උත්තරීතර තීන්දුව කථානායක වරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් පෙර මාධ්‍ය හරහා ප්‍රචාරය වීමයි.''

මෙයින් උත්තරීතර අධිකරණයටත්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවටත් බලවත් අසාධාරණය් සිදුවී තිබෙනවා.

හදිස්සිකාරයින්ට අවශ්‍ය වුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.

මේ ගැන වහා පරීක්ෂණයක් පවත්වා මෙයට වගකිව යුතු අය නීතිය හමුවට පමුණුවන ලෙස ගරු අගමැතිතුමන්ගෙන් සහ ගරු කථානායකතුමාගෙන් අප ඉල්ලා සිටිනවා.

මේ ක්‍රියාකාරකම් නිසා රටේ කීර්ති නාමයට හානි වෙනවා.

Meeting 20

අද මෙම රැස්වීමට පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරමින් සම්භාවනීය සහභාගීත්වයක් ලැබී තිබෙනවා. ඒ අතර සිවිල් සමාජ ක්‍රියාකාරකයින්, වෘත්තීය සමිති නියෝජිතයින්, බුද්ධිමතුන් හා කලාකරුවන් සිටිනවා.

සමාජයේ සියළු කොටස් නියෝජනය කරමින්, රට ඒකාධිපති වියරුවෙන් බේරාගැනීමට අපට ශක්තිය ලබා දෙන්නට රටේ පිළිගත් සමාජ නායකයින් පැමිණ තිබෙනවා.

ගරු මන්ත්‍රීතුමන්ලාගෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දීමට පෙර පපුවට අත තියා තමන් ලබා දෙන ඡන්දයෙන් මේ රටේ අනාගත හා නූපන් පරපුර ඒකාධිපති වහල් යුගයකට ඇද දැමීමට ඉඩ තිබේ දැයි හොදින් සිතා බලන ලෙසයි.

එසේ වුවහොත් එම ශාපය ඔබටත් හිමියි.

''ගරු මන්ත්‍රීතුමන්ලාගෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දීමට පෙර පපුවට අත තියා තමන් ලබා දෙන ඡන්දයෙන් මේ රටේ අනාගත හා නූපන් පරපුර ඒකාධිපති වහල් යුගයකට ඇද දැමීමට ඉඩ තිබේ දැයි හොදින් සිතා බලන ලෙසයි. එසේ වුවහොත් එම ශාපය ඔබටත් හිමියි.''

අද යුරෝපයේ හා ආසියාවේ ජනතාව, විශේෂයෙන් තරුණ පරම්පරාව වීදි බැස, හිරබත් කමින්, ජීවිත පූරාවෙන් සටන් කරන්නේ ඒ අයිතිය ලබා ගන්නයි  

ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කරගැනීමට, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රැකගැනීමට ඊළග පරපුරට රාජාණ්ඩුවක ජීවත් වීමේ උවමනාවක් නැහැ.  

මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් අළුත් ව්‍යවස්ථා ඇතිකරයි කියා අපි කිසිදාක විශ්වාස කරන්නේ නැහැ.

ලංකාවේ වැඩිම අත්දැකීම් ලත්, ජනතා ආදරය දිනාගත් ජන නායකයා ලෙස රට විශාල අර්බුධයකට මුහුණ දී ඇති අවස්ථාවක යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජනතා විරෝධතා වැඩි වෙමින් පවතින විට රටේ රටේ තවත් බෙදීමක් ඇති විය යුතු ද?

''අගමැතිතුමනි, ගැඹුරින් හිතන්න''

මා ඒ ප්‍රශ්ණය ගරු අගමැතිතුමන්ගෙන් අසනවා. කරුණා කර ඒ ගැන ගැඹුරෙන් සිතා බලන්න.

ගරු ජනාධිපතිතුමා පසුගිය 2019 නොවැම්බර් 18 දින සිට මාස 11 ක කාළයක් රට පාලනය කලේත්, වර්තමාන අගමැතිතුමා මාස 11 ක් පාර්ලිමේන්තුව පාලනය කළේත් දැනට බලපැවැත්වෙන 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ බලතල අනුවයි.

එසේනම්, තව මාස 6 කින් අළුත් ව්‍යවස්ථාවක් ගෙන එන්නේනම්,  ඇයි මේ හදිසිය.

ජනපති පදවිප්‍රාප්තියේ පළමු සංවත්සරයේ නව ව්‍යවස්ථාව ඉදිරිපත් කරන බව රජය ප්‍රකාශ කර තිබෙනවා.

මෙම රජය කොවිඩ් වසංගතය පාලනය කළේත්, කුඩු සංහාරය සාර්ථකව මැඩපවත්වන්නේත්, පවතින 19 වන සංශෝධනයේ නීති රීති අනුවයි.

සහල් මිල පාලනය අසාර්ථක වුණේත්, පොල් මිල පාලනය අසාර්ථක වුණේත්, මංතීරු පද්ධති නීතිය ව්‍යාපෘතිය අසාර්ථක වුණේත් 19 නිසා නොවෙයි.

20 ගෙන ආවත් ‍ඒවා විසදීමට ලේසි නැහැ.

PM Sri lanka''අගමැතිතුමාට ශක්තිය ධෛර්‍යය හා හැකියාව ඇති බව අපට විශ්වාසයි. ''

එසේ හෙයින් බුද්ධිමත් ජන නායකයෙක් වශයෙන් අපි සලකන මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගෙන් අප ඉල්ලා සිටින්නේ මෙම ප්‍රකෝප කිරීම් නවතා ජනාධිපතිවරයගේ ඊළග සංවත්සරයට පෙර නව ව්‍යවස්ථාව එළි දක්වන ලෙසයි.

මෙම ඉල්ලීම මෙහි සිටින සියළු දෙනා වෙනුවෙන් අප සිදු කරනු ලබන්නේ අගමැතිතුමාට එවැනි ආකාරයට පාර්ලිමේන්තුව මෙහෙයවීමේ ශක්තිය ධෛර්‍යය හා හැකියාව ඇති බවට අප දැඩිව විශ්වාස කරන නිසයි.

පාර්ලිමේන්තුව තැපැල් කාර්යාලයක තත්වයට පත් වීම දැකීම අපට වේදනාවක්.

මේ අප මව්බිමේ අභිවෘද්ධිය, හා අනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන් කරන ජාතික ආයාචනයකි.

ජනපතිට කරන ආයාචනය :

''උත්තරීතර උපදේශක මණ්ඩලය කැදවා එම මාහිමිපාණන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබාගෙන ඉදිරි පියවර ගැනීම ආගමික නායකයන්ට මෙන්ම රටේ පුරවැසියන්ට ද කරන ගෞරවයක් ලෙස සළකමු.''

එමෙන්ම අතිගරු ජනාධිපතිතුමන්ටද මේ අවස්ථාවේ දී ප්‍රායෝගික ඉල්ලීමක් කරන්නට කැමතියි.

රාජ්‍යකරණයේ දී ඔබතුමා මාසිකව උත්තරීතර ගෞරවනීය සංඝ උපදේශක සභාවක් හරහා තීන්දු තීරණ ලබාගත්තත්. මෙම මස රැස්වීම කල් දමා ඇති බව දැනගන්නට තිබෙනවා.

එම නිසා ඔබතුමාට අප කරන ආයාචනය නම්, වහාම එම උත්තරීතර උපදේශක මණ්ඩලය කැදවා එම මාහිමිපාණන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබාගෙන ඉදිරි පියවර ගැනීම ආගමික නායකයන්ට මෙන්ම රටේ පුරවැසියන්ට ද කරන ගෞරවයක් ලෙස සළකමු.''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්