රිෂාඩ් බද්යුද්දීන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයේ

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී එස් එම් එම් මුෂාරෆ් අද (23) පැවති සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වූ අවස්ථාවේදී ඔහුව පලවා හැරීමට කටයුතු කර ඇත.

විසිවන සංශෝධනයට අදාලව ඊයේ පැවති ඡන්ද විමසීමේදී ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට අවසර ලැබෙන වගන්තියට පක්ෂව ජන්දය භාවිත කළ මුෂාරෆ් මන්ත්‍රීවරයාට සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ඉඩනොදිය යුතු බවට යෝජනා කර ඇත්තේ සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් ය.

එහිදී අදාළ මන්ත්‍රීවරයාට එරෙහිව මන්ත්‍රීවරුන් දැඩි විරෝධයක් පළ කිරීමත් සමග පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස විසින් මුෂාරෆ් මන්ත්‍රීවරයා කණ්ඩායම් රැස්වීමෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

මුෂාරෆ් සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසය යටතේ දිගාමඩුල්ලට තරග කළ අයෙකි.

 

වෙනම ඡන්ද විමසීමක් !

විසිවන පනත් කෙටුම්පත සම්බන්ධ කාරක සභා අවස්ථාවේදී විපක්ෂය සමහර වගන්ති වලට විරෝධය පළ කළ අතර ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට අවසර ලැබෙන වගන්තියට විපක්ෂය විරෝධය පෑම හේතුවෙන් ඒ සඳහා වෙනම ඡන්ද විමසීමක් පවත්වනු ලැබිණ.

එම වගන්තියට එකඟව ඡන්ද 157ක් සහ විරුද්ධව ඡන්ද 64ක් ද ලැබීම තුළින් එම වගන්තිය ද තුනෙන් දෙකකට වඩා වැඩි ජන්දයකින් සම්මත විය.

රිෂාඩ් බද්යුද්දීන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී එස් එම් එම් මුෂාරෆ් දෙවන වර හා තෙවන වර කියවීමේ දී විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළත් මෙම වගන්තියට පමණක් පක්ෂව ජන්දය ප්‍රකාශ කළේය.

 

රිෂාඩ්- හකීම් එළවීමට පෙත්සමක්

මේ අතර විසිවන සංශෝධනය තුනෙන් දෙකකින් සම්මත කරගැනීමට සහය දුන් මුස්ලිම් පක්ෂ දෙකෙහි නායකයින් දෙදෙනා සමගි ජන බලවේගයෙන් වහාම නෙරපා හරින්නැයි එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 22 කගේ අත්සනින් යුතුව එම පක්ෂයේ මහ ලේකම්වරයා ගෙන් ඉල්ලීමක් කර ඇත.

 

සබැඳි පුවත් :

හකීම් හා රිෂාඩ් සජිත්ගේ පක්ෂයෙන් නෙරපීමට යයි! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්