විසිවන සංශෝධනය තුනෙන් දෙකකින් සම්මත කරගැනීමට සහය දුන් මුස්ලිම් පක්ෂ දෙකෙහි නායකයින් දෙදෙනා

 සමගි ජන බලවේගයෙන් වහාම නෙරපා හැරීමට එම පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් මේවනවිට කටයුතු කරමින් සිටිති.

ඔවුන් මේ වන විට පක්ෂය මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරටත්, පක්ෂ නායක සජිත් ප්‍රේමදාසටත් රිෂාඩ් බදුර්දීන් හා රවුෆ් හකීම් සමගි ජන බලවේගයෙන් ඉවත් කරන ලෙස දැඩි බලපෑම් කර තිබේ.

විසිවන සංශෝධනය සම්මත කර ගැනීමට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව නොමැතිව ආණ්ඩුව අසරණව සිටියදී පසුගිය මහා මැතිවරණයේදී සමගි ජන බලවේගය 'දුරකථනය' යටතේ තරඟ කළ මුස්ලිම් පක්ෂ දෙකෙහි මන්ත්‍රීවරුන් පිරිසක් හා ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ උපකාරයෙන් ඊයේ (22) රාත්‍රීයේ විස්ස සම්මතවිය.

කෙසේවුවද මුස්ලිම් පක්ෂ දෙකෙහි මන්ත්‍රීවරුන් ආණ්ඩුවට සහය පළකලද පක්ෂ නායකයින් දෙදෙනා විස්සට එරෙහිව ඡන්දය ලබාදුන්නේය.

ඒ සම්බන්ධයෙන් theleader.lk වෙත අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රීවරයකු පැවසුයේ, මුස්ලිම් දේශපාලන පක්ෂ දෙකේ නායකයින් දෙදෙනා 'පොන්නයින්' ලෙස කටයුතු කළ බවයි.

''මේක පැහැදිලිවම ආණ්ඩුවත් එක්ක කරපු 'ඩීල්' එකක්. ගෝලබාලයෝ ඒ පැත්තට යවලා මෙයාල දෙන්න විතරක් මේ පැත්තේ හිටියා.  එනිසා මෙයාලා දෙන්නවත් එලවන්න කියලා අපි අපේ පක්ෂයේ නායකතුමාට කිවා. මුන් දෙන්නත් එලවන්න ම ඕන ..'' එම මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.

රාවුෆ් හකීම් හා රිෂාඩ් බදුරුදීන් මුස්ලිම් නායකයින් දෙදෙනා බැසිල් රාජපක්ෂ සමග ඇතිකර ගත රහස් එකඟතාවයක් මත ඔවුන්ගේ පක්ෂවල මන්ත්‍රීවරුන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය රඳා පවතින  විධායකය අධිකරණය හා ව්‍යවස්ථාදායකය යන කුළුණු කඩා බිඳ දැමීමට සහය වීම මේ රටේ පුරවැසියන්ගේ අයිතිය පාවාදීමක් බව සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රීවරුන් ගේ අදහස වී ඇත.

 

20ට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරු මෙන්න

විසි වෙනි ව්‍යවස්ථාවන ව්‍යවස්ථා සංශෝධනයේ දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය ලබා දුන් 156 අතුරින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව පහත දැක්වේ.
 
1. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ

2. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ්

3. මුස්ලිම් ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ.එස්.එම්. රහීම්

4. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසීම්

5. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම්. හාරිස්

6. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තවුෆීක්

7. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද් කුමාර් 

8. සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image