The Leader News
BREAKING
Top Ad
පුවත්

ආචාර්ය ගාමිණී කෝරයා අනුස්මරණ දේශනය අද කොළඹදී

Nethmini

Nethmini

November 4, 2026 • 9:34 AM

ආචාර්ය ගාමිණී කෝරයා අනුස්මරණ දේශනය අද කොළඹදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මෙන්ම ආර්ථික විද්‍යාඥයෙකු වූ දිවංගත ආචාර්ය ගාමිණී කෝරයා මහතා සිහිපත් කෙරෙන වාර්ෂික අනුස්මරණ දේශනය අද (04) පස්වරුවේ කොළඹදී පැවැත්වේ.
  • ගාමිණී කෝරයා පදනම විසින් සංවිධානය කරනු ලබන මෙම විශේෂ දේශනය, කොළඹ 07 බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රයේදී (BCIS) අද පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතය.
  • උපායමාර්ගික අධ්‍යයන සඳහා වූ ප්‍රාදේශික මධ්‍යස්ථානයේ (RCSS) විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ඔහු, ගාමිණී කෝරයා පදනම, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රය සහ මාර්ගා ආයතනය යන ප්‍රමුඛ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද සක්‍රීය කාර්යභාරයක් ඉටු කරයි.
  • වත්මන් ගෝලීය දේශපාලන හා ආර්ථික පරිසරය හමුවේ කුඩා රාජ්‍යයන් මුහුණ දෙන අභියෝග, පරස්පරතා සහ අවස්ථා පිළිබඳ ගැඹුරු විග්‍රහයක් මෙවර දේශනය හරහා එළිදැක්වීමට නියමිත බව සංවිධායක මණ්ඩලය සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මෙන්ම ආර්ථික විද්‍යාඥයෙකු වූ දිවංගත ආචාර්ය ගාමිණී කෝරයා මහතා සිහිපත් කෙරෙන වාර්ෂික අනුස්මරණ දේශනය අද (04) පස්වරුවේ කොළඹදී පැවැත්වේ.

ගාමිණී කෝරයා පදනම විසින් සංවිධානය කරනු ලබන මෙම විශේෂ දේශනය, කොළඹ 07 බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රයේදී (BCIS) අද පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතය.

දේශනය හිටපු විදේශ ලේකම් රවිනාථ ආරියසිංහගෙන්

මෙවර ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ හිටපු විදේශ ලේකම්, විශ්‍රාමික තානාපති රවිනාථ ආරියසිංහ විසිනි.

උපායමාර්ගික අධ්‍යයන සඳහා වූ ප්‍රාදේශික මධ්‍යස්ථානයේ (RCSS) විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ඔහු, ගාමිණී කෝරයා පදනම, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රය සහ මාර්ගා ආයතනය යන ප්‍රමුඛ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද සක්‍රීය කාර්යභාරයක් ඉටු කරයි.

වත්මන් ගෝලීය දේශපාලන හා ආර්ථික පරිසරය හමුවේ කුඩා රාජ්‍යයන් මුහුණ දෙන අභියෝග, පරස්පරතා සහ අවස්ථා පිළිබඳ ගැඹුරු විග්‍රහයක් මෙවර දේශනය හරහා එළිදැක්වීමට නියමිත බව සංවිධායක මණ්ඩලය සඳහන් කරයි.

ජාත්‍යන්තරය දිනූ ලාංකික ලකුණ: ආචාර්ය ගාමිණී කෝරයා

එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධන සමුළුවේ (UNCTAD) මහලේකම් ධුරය වාර තුනක් පුරා හොබවමින් තුන්වැනි ලෝකයේ රටවල් වෙනුවෙන් ගෝලීය ආර්ථික වේදිකාවේ නොමැකෙන හඬක් නැගූ ආචාර්ය ගාමිණී කෝරයා, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙසද කටයුතු කළේය.

ජාත්‍යන්තර ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේදී ලාංකීය අනන්‍යතාව ඉහළින්ම ඔසවා තැබූ එතුමන්ගේ මෙහෙවර අදටත් දෙස් විදෙස් විද්වතුන්ගේ මහත් ඇගයීමට ලක්වේ.


(සටහන | ජේ. මුණසිංහ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...